Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
මිනිසෙකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, අප අතරින් යමෙක් ඔහුගේ සිත තුළ යමක් -ප්‍රදර්ශණය වීම- දකියි. ඒ ගැන කතා කිරීමට වඩා අළු බවට පත් වීම ඔහුට වඩාත් ප්‍රිය ජනකය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්, අල් හම්දුලිල්ලාහිල්ලදී රද්ද කයිදහූ ඉලල් වස්වසති" (අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, අල්ලාහ් අති ශ්‍රේෂ්ඨය, ෂෙයිතාන්ගේ කෙඳිරීම හටගත් විගස ඔහුගේ කුමන්ත්‍රණය ඔහු වෙතම යළි හරවා යැවූ තැනැත්තාටම සියලු ප්‍රශංසා) යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් වාර්තා කර ඇති අතර අන් නසාඊ අල්කුබ්රා නමැති ග්‍රන්ථයේ ද වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වරක් අෂජ්ජි අබ්දුල් කයිස් බලා "නියත වශයෙන්ම ඔබ තුළ අල්ලාහ් ප්‍රිය කරන සත් ගුණාංග දෙකක් ඇත. එනම්: තීක්ෂන බුද්ධිය හා ඉවසීමය." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ.
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. رواه ابن ماجه والنسائي في الكبرى وأحمد
"මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජහ්, අල්-බෛහකී සහ තවත් අය විසින් වාර්තා කොට ඇත.
අල්ලාහ්ගේ දූතයාණොා් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) උත්තරීතර තම පරමාධිපති ගැන දන්වා සිටියදී මෙසේ පවසා සිටියහ. “සැබැවින්ම අල්ලාහ් යහපත් දෑ හා අයහපත් දෑ ලියා ඇත්තේය. පසු ව ඔහු ඒවා පැහැදිළි කළේය. එබැවින් කවරෙකු යම් යහපතක් සිතා, එය සිදු නොකළේ නම් අල්ලාහ් ඔහු අබියස එය පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු ඒ ගැන සිතා, එය ඉටු කළේ නම් අල්ලාහ් ඔහු අබියස කුසල් දහයේ සිට හත්සීය දක්වා ද ඊට වඩා අධික ගුණයෙන් ද ගුණ කර එය සටහන් කරයි. එමෙන්ම කවරෙකු යම් නපුරක් සිතා පසුව එය සිදු නොකළේ නම්, අල්ලාහ් ඔහු අබියස පූර්ණ කුසලක් ලෙස සටහන් කරයි. එමෙන්ම ඔහු එය සිතා එය සිදු කළේ නම් අල්ලාහ් එක් පාපයක් ලෙස සටහන් කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.