Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 20 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"සැබැවින්ම අල්ලාහ් කෝපයට පත් වෙයි. ‌එමෙන්ම දේවත්වය විශ්වාස කරන්නා ද කෝපයට පත් වෙයි. අල්ලාහ් ‌කෝපයට පත්වීම යනු, දේවත්වය විශ්වාස කරන තැනැත්තා තමන්ට තහනම් කරන ලද දෑ සිදු කිරීමය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමීන් පිරිසක් පැමිණ එතුමාණන්ගෙන්: සැබැවින්ම අප අතරින් කෙනෙක් ඒ ගැන කතා කිරීමට බරපතල සේ සලකන කරුණු අපගේ සිත් තුළ අපි දකින්නෙමු' යැයි පැවසුවෝය. එතුමාණෝ: "ඇත්තෙන්ම නුඹලා එසේ දකින්නෙහු ද?" යැයි විමසූහ. ඔවුන් "එසේය" යැයි කීවෝය. එවිට එතුමා, "එය ඊමානයේ සුපැහැදිලිතාවයි." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළේය. “නියත වශයෙන්ම අල්ලාහ් මෙසේ පවසා ඇත: "යමෙක් මාගේ වලි (මිතුරා) ට සතුරුකම් කළේ නම්, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරමි. මාගේ ගැත්තා, ඔහුට නියම කරනු ලැබූ දැයින් මට වඩාත් ප්‍රියමනාප කටයුත්තකින් ඔහු මා වෙතට සමීප වෙයි. මා ඔහුට ප්‍රිය කරන තුරු මාගේ ගැත්තා (අනිවාර්ය නොවන) අමතර ක්‍රියාවන් තුළින් මා වෙත සමීප වෙමින්ම සිටියි. එසේ මම ඔහුව ප්‍රිය කළ විට, ඔහු අසන ඔහුගේ ශ්‍රවණයත්, ඔහු දකින ඔහුගේ බැල්මත්, ඔහු දිගු හරින ඔහුගේ අතත් ඔහු ගමන් කරන ඔහුගේ පාදයත් මම වෙමි. ඔහු මගෙන් යමක් ඉල්ලා සිටියේ නම්, සැබැවින්ම මම එය ඔහුට දෙමි. ඔහු මාගෙන් රැකවරණය පතන්නේ නම්, සැබැවින්ම මම ඔහුට රැකවරණය දෙමි. මම ඔහුට සිදු කරන දෑ පිළිබඳ මම පසුබට නොවෙමි. නමුත් මම දේව විශ්වාසියාගේ ආත්මය ගැන පසුබට වෙමි. හේතුව ඔහු මරණය පිළිකුල් කරන බැවින් හා ඔහුට හානි ඇති වීම ගැන මම පිළිකුල් කරන බැවිණි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම ප්‍රියමනාප ස්ථාන මුස්ලිම් දේවස්ථාන වන අතර ප්‍රදේශයේ අල්ලාහ්ට වඩාත්ම පිළිකුල් සහගත ස්ථාන වෙළඳපොළවල් වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සමීප වී විධිමත්ව කටයුතු කරනු. ඔබ අතරින් කිසිවකු හෝ වේවා ඔහු ඔහුගේ ක්‍රියාවෙන් පමණක් ජය නො ලබන බව දැන ගනු." ඔවුහු අල්ලාහ්ගේ දූතයාණනි! ඔබත් එසේ නො වන්නෙහි?" යැයි විමසුවෝය. එතුමාණෝ: "අල්ලාහ්ගේ කරුණාව හා භාග්‍යය තුළින් ඔහු මා ආවරණය කිරීමෙන් මිස මම ද එසේ නොවෙමි" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසයි: "මම හවුල්භාවයෙන්, හවුල්කරුවන්ගේ අවශ්‍යතාවයෙන් ස්වයංපෝෂිත වෙමි. කවරෙකු මා සමග, මා හැර වෙනත් අයකු හවුල් කරමින් යම් ක්‍රියාවක් කළේ ද මම ඔහු හා ඔහුගේ හවුල්භාවය අත්හැර දමමි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම අල්ලාහ් නුඹලාගේ ශරීර දෙස හෝ නුඹලාගේ ධන සම්පත් දෙස හෝ නොබලයි. නමුත් නුඹලාගේ හදවත් හා නුඹලාගේ ක්‍රියාවන් දෙස බලයි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.