عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
අල්ලාහ්ගේ දූතයාණන් කරමින් සිටි ප්රකාශයකට මම සවන් දුනිමි. “අහෝ ආදම්ගේ දරුව! සැබැවින්ම නුඹ මා ඇරයුම් කර මා කෙරෙහි අපේක්ෂා තබන්නෙහි නම් නුඹ තුළ සිදුවූ දෑ සඳහා මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. ආදම්ගේ දරුව! නුඹේ පාපකම් අහසේ වළාකුළු උසට ළඟා වුව ද පසුව නුඹ මගෙන් සමාව අයැද සිටින්නේ නම් මම නුඹට සමාව දෙමි. එය මා නොසළකා හරිමි. අහෝ ආදම්ගේ දරුව! මහපොළොව තරම් වැරදි සමග නුඹ මා වෙත පැමිණිය ද නුඹ මට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ මා මුණ ගැසුණේ නම් එය පිරෙන තරම් සමාව මම නුඹට පිරිනමමි යැයි උත්තරීතර අල්ලාහ් පවසා ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මස්ජිදයට පිවිසෙන විට, أعوذ بالله العظيم، وبوجهه الكريم، وسلطانه القديم، من الشيطان الرَّجِيم
(හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව මම සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ද ඔහුගේ ගෞරවණීය මුහුණින් ද, ඔහුගේ බලවත් අධිකාරියෙන් ද, මම ආරක්ෂාව පතමි.) යනුවෙන් ප්රාර්ථනා කරන්නෙකු වූහ. ඔහු: ‘මෙය පමණක් දැ?’යි විමසීය. එවිට මම ‘එසේය’ යැයි පැවසුවෙමි. එතුමා: ඔහු එය පැවසූ විට, ෂෙයිතාන්: 'අද දින ඉතිරිව ඇති කාලය තුළ ඔහු මගෙන් ආරක්ෂාව ලැබීය.' යැයි පවසයි.
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ, ඇතැම් කරුණු පිළිබඳ කතා කළේය. එවිට ඔහු: 'අල්ලාහ් සහ ඔබ අභිමත කළ පරිදි සිදු විය' යැයි පැවසීය. එවිට එතුමාණෝ ‘අල්ලාහ්ට ආදේශයක් බවට නුඹ මා පත් කළෙහි ද? මාෂා අල්ලාහ් (අල්ලාහ්ගේ අභිමතය පරිදි) යනුවෙන් පමණක් පවසනු.' යැයි පැවසුහ.
මෙහි වාර්තා සම්බන්ධතාව හසන් ගණයට අයත්ය. رواه ابن ماجه والنسائي في الكبرى وأحمد
"මාගේ සමූහයා විසින් සිදුවන අත්වැරදීම්, අමතක වීම් හා ඔවුනට බලහත්කාරයෙන් කිරීමට සිදු වූ දෑට අල්ලාහ් මා වෙනුවෙන් ඔවුනට සමාව දී ඇත."
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය ඉබ්නු මාජහ්, අල්-බෛහකී සහ තවත් අය විසින් වාර්තා කොට ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් වෙත පිරිසක් පැමිණියේය. එතුමා නව දෙනෙකුටම ප්රතිඥා දුන් අතර එක් අයකුගෙන් වැළකී සිටියේය. එවිට ඔවුහු: අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! නව දෙනෙකුටම ඔබ දිවුරුම් දී මොහුව අත්හැරියේ ඇයිදැ?යි විමසූහ. එතුමාණෝ "ඔහු මත සුරයක් විය" යැයි පැවසූහ. පසුව ඔහුගේ අත දමා එය කඩා දැමුවේය. පසුව ඔහුට දිවුරුම් දී මෙසේ පැවසූහ: "කවරෙකු සුර එල්ලන්නේ ද සැබැවින්ම ඔහු අල්ලාහ්ට ආදේශ කළේය."
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.