Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙකි. නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබනු ඇත. ජනතාවට නායකත්වය දරණ නායකයා මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. මිනිසා තම නිවැසියන් මත මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ නිවස හා ඔහුගේ දරුවා මත මෙහයවන්නියකි. ඇයගේ මෙහෙයවීම ගැන ඇය ප්‍රශ්න කරනු ලබනු ඇත. සේවකයා තම ස්වාමියාගේ දේපළ මෙහෙයවන්නෙකි. ඔහුගේ මෙහෙයවීම ගැන ඔහු ප්‍රශ්න කරනු ලබනු ඇත. ඒ අනුව නුඹලා සෑම කෙනෙකුම මෙහෙයවන්නෙක් බවත් නුඹලා සෑම කෙනෙකුම තම මෙහෙයවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලබන බවත් දැනගත යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙකු සතුව බිරියන් දෙදෙනෙකු වී ඔහු ඔවුන් දෙදෙනාගෙන් එකියක වෙත පමණක් නැඹුරු වූයේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ පැත්තක් ඇළ වූ තත්ත්වයේ ඔහු පැමිණෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
''අල්ලාහ්ගේ සේවිකාවන්ට පහර නොදෙන්න.'' පසුව, ‘උමර් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණ මෙසේ පැවසීය: ''කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී අකීකරු වී ඇත." එබැවින් ඔවුන්ට පහර දීමට අවසර ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කාන්තාවන් අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුල් වටා පැමිණ තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කළහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ''බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කරමින් මුහම්මද් තුමාණන්ගේ පවුල් වටා ගොස් ඇත. ඔවුන් (සැමියන්) ඔබ අතරින් හොඳම අය නොවේ.''
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද් හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.