Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතුරින් මිනිසුන් කිහිප දෙනෙකුට අවසන් (භාගයේ) හත් වන දිනයේ කද්ර් රාත්‍රිය සිහිනෙන් පෙන්වන ලදී. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ “නුඹලාගේ සිහිනයම මම ද දුටුවෙමි. එය අවසන් භාගයේ හත්වැනි දින වනු ඇතැයි හැඟේ. එහෙයින් නුඹලා අතුරින් කවරෙකු එය සොයන්නේ ද අවසන් භාගයේ හත්වැනි දින එය සොයත්වා” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙනත් දිනවල උනන්දුවෙන් කටයුතු නො කළ ආකාරයට අවසන් දින දහයේ උනන්දුවෙන් යුතුව කටයුතු කරන්නට වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) දින දහය ප්‍රවේශ වූ විට, රාත්‍රිය ජීවමාන කළහ. තම පවුල අවදි කළහ. කැපවීමෙන් කටයුතු කළහ. වේට්ටිය තදින් බැඳ ගත්හ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු කද්ර් රාත්‍රියේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව රාත්‍රී නැමදුම්වල නිරත වූයේ ද ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නුඹලා කද්ර් රාත්‍රිය රමළාන් මාසයේ අවසන් දින දහයේ ඔත්තේ දිනයන්හි සොයන්න"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.