Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 16 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අප වෙත අල් කුර්ආනය කියවා පෙන් වූ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ සහගාමියෙක්: "සැබැවින්ම තමන් අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වැකි දහයක් බැගින් ඉගෙන ගත් බවත් ඒ තුළ ඇති දැනුම හා ක්‍රියාව දැන ගන්නා තෙක් ඔවුන් අනෙක් දහය ‍නොගත් බවත් අපි දැනුම සහ ක්‍රියාව දැන ගත්තෙමු යැයි පවසා සිටි බවත් අපට ප්‍රකාශ කර සිටියේය.
හසන් ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මා කැපවිය යුත්තේ කාහටද?' යැයි විමසා සිටියෙමි. එතුමාණෝ මෙසේ පැවසූහ: 'ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ද ඔබේ මවට. පසුව ඔබේ පියාට. පසුව සමීපතම ඥාතීන් හා පසු ඥාතීන්ටය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
නැමදුම් කරන්නාට වඩා විද්වතා ශ්‍රේෂ්ඨය. එය මට පහළින් සිටින ඔබට වඩා මාගේ ශ්‍රේෂ්ඨත්වය මෙනි. පසුව අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "සැබැවින්ම අල්ලාහ්, ඔහු මලක්වරු, අහස්හි හා පොළෝතලයන්හි සිටින්නන් එය කෙතරම් ද යත් ගුලක සිටින කුහු‌‌‌ඹුවා (ජලයේ සිටින) මත්සයා පවා මිනිසුනට යහපත කියාගෙන ගරුවරයාට ප්‍රාර්ථනා කරති."
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"ඔබ කොතැනක සිටියද අල්ලාහ්ට බිය හැඟීමෙන් කටයුතු කරන්න. නපුර සමග ඊට පරව යහපත ඉටු කරන්න. එවිට එය නපුර මකා දමනු ඇත. මිනිසුන් සමග හැදියාවෙන් යුතුව හැසිරෙන්න.”
තිර්මිදි තුමා මෙසේ පවසයි: මෙය හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"නුඹලාගේ නිවෙස් මිනීවලවල් බවට පත්කර නො ගන්න. මාගේ මිනීවල සැමරුමක් බවට පත්කර නො ගන්න. මා වෙත නුඹලා සලවාත් (ආශිර්වාද) පවසන්න. හේතුව සැබැවින්ම නුඹලා පවසන සලවාතය නුඹලා කවර ස්ථානයක සිටිය ද මා වෙත ළඟා වනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
“අල්ලාහ් වෙත ප්‍රාර්ථනා කිරීම තරම් ගෞරවනීය දෙයක් තවත් නැත.”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"සැබැවින්ම මා එවනු ලැබුවේ දැහැමි ගුණධර්ම සම්පූර්ණ කරනු පිණිසය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බුහාරි අල්-අදබ් අල්-මුෆ්රද් හි ද, ඉමාම් අහ්මද් සහ ඉමාම් බයිහකී විසින් වාර්තා කර ඇත.