Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 123 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (54)
"මිනිසා මිය ගිය විටෙක, කරුණු තුනක් හැර ඔහුගේ සෙසු ක්‍රියාවන් ඔහුගෙන් විසන්ධි වී යනු ඇත. එනම්, සදාතනිකභාවයක් ඇති දානය, ප්‍රයෝජනය ලබන දැනුම, ඔහු වෙනුවෙන් ප්‍රාර්ථනා කරන දැහැමි දරුවා."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු වුළුෑ ගන්නා විට ඔහුගේ නාසය තුළට ජලය ගෙන ගොස් පසු ව නාසය සීරා පිරිසිදු කළ යුතුය. ඔබ අතරින් කිසිවකු (තම ශාරීරික අවශ්‍යතා ඉටු කිරීමෙන් පසු පිරිසිදු කිරීම සඳහා) ගල් භාවිත කරන්නේ ද ඔහු ඔත්තේ සංඛ්යාවක් භාවිතා කළ යුතුය. ඔබ අතරින් කිසිවකු නින්දෙන් අවදි වූ විට තම දෙඅත් ජල භාජනයට දැමීමට පෙර සෝදා ගත යුතුයි. හේතුව සැබැවින්ම රාත්‍රියේ තම දෑත් පිහිටියේ කොතැනකදැ?යි ඔබ කිසිවෙකු නොදන්නා බැවිනි.” මුස්ලිම් හි සඳහන් තවත් ප්‍රකාශයක: "ඔබ කිසිවෙකු හෝ නින්දෙන් අවදි වූ විට, ඔහු තම අත තුන්වරක් සෝදා හරින තෙක් භාජනය තුළට නො ගිල්විය යුතුය. සැබැවින්ම ඔහුගේ අත රාත්‍රියේ තිබුණේ කොතැනක දැයි නොදන්නා බැවිනි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසභ්‍ය වචන කතා කරන්නෙකු හෝ අසභ්‍ය ක්‍රියා සිදු කරන්නෙකු ලෙස සිටියේ නැත. සැබැවින්ම එතුමාණෝ මෙසේ පවසමින් සිටියහ: "සැබැවින්ම ඔබ අතරින් වඩාත් උතුම් අය වනුයේ ඔබ අතර සිටින ගතිගුණවලින් වඩාත් යහපත් තැනැත්තාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්‍රිය කරයි. ප්‍රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. ඔබ අතරින් කිසිවෙකුට හෝ ස්වර්ගයෙන් කසයක තරම් ප්‍රමාණයක ස්ථානයක් තිබේ ද, එය මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. අල්ලාහ්ගේ මාර්ගයේ ගැත්තෙකු උදෑසන හෝ සවස පිටත්ව යෑම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම මිනිසෙක් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඉදිරියේ තම වමතින් අනුභව කළේය. එවිට එතුමාණෝ: ‘ඔබේ දකුණතින් අනුභව කරන්නැ’යි පැවසූහ. ඔහු: 'මට නොහැකි' යැයි පැවසීය. එතුමාණෝ ඔබට නොහැකි ම වේවා! යැයි පවසා, අහංකාරය මිස වෙනත් කිසිවක් ඔහු ඉන් වැළැක්වූයේ නැත' යැයි ප්‍රකාශ කළහ. පසුව ඔහුගේ කට වෙත එය ඔසවන්නට නො හැකි විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.