عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයේදී තක්බීර් පැවසූ විට කුර්ආනය සද්ගායනය කිරීමට පෙර මද වේලාවක් නිහඬ ව සිටියි. එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද?" යැයි විමසා සිටියෙමි . එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’
اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ
"අහෝ දෙවියනි! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා අතර හා මගේ පාපකම් අතර දුරස් කරනු මැනව. අහෝ දෙවියනි! සුදු වස්ත්රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි! මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!" යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සලාතයෙන් හැරුණු විට තුන් වරක් අල්ලාහ්ගෙන් සමාව අයැද, ‘අල්ලාහුම්ම අන්තස්-සලාම් ව මින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්’ යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.’ යැයි පවසා සිටියහ. වලීද් තුමා මෙසේ පවසයි: මම අව්සාඊ තුමාගෙන්, සමාව අයදින්නේ කෙසේදැ?යි විමසා සිටියෙමි. එතුමා: ඔබ "අස්තග්ෆිරුල්ලාහ් අස්තග්ෆිරුල්ලා" යැයි පවසන්න. (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි, මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි.)යයි කීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කවරෙකු සෑම අනිවාර්යය සලාතයෙන් පසු ආයතුල් කුර්සී පාරායනය කළේ ද ඔහු මරණයට පත්වීම හැර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීම වළක්වන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අන්නසාඊ කුබ්රා නමැති ග්රන්ථයේ වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් රුකූඋහි සිට එතුමාණන්ගේ පිට ඔසවා ගත් විට "සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පවසා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු මිල්අස් සමාවාති වමිල්අල් අර්ළි වමිල්අ මා ෂිඃත මින් ෂෙයිඉන් බඃද්" යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
කවරෙකු සෑම සලාතයකින් පසු තිස් තුන් වරක් සුබ්හානල්ලාහ් යැයි අල්ලාහ්ව පිවිතුරු කර, තිස් තුන් වරක් අල්හම්දුලිල්ලාහ් යැයි අල්ලාහ්ව ප්රශංසා කර, තිස් තුන් වරක් අල්ලාහු අක්බර් යැයි අල්ලාහ්ව ශ්රේෂ්ඨත්වයට පත් කර, එනම් එය අනූ නව වරකි. සියය සම්පූර්ණ කරමින් "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර් (නැමදුමට සුදුස්සා අල්ලාහ් පමණක් හැර වෙනත් කිසිවකු නැත. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සියලු ආධිපත්යයන් ඔහු සතු ය. සියලු ප්රශංසා ද ඔහුටම හිමි ය. ඔහු සියලු දෑ කෙරෙහි සර් ව බලධාරීය) යැයි පවසන්නේ ද ඔහුගේ පව් මුහුදු පෙණ තරම් තිබුණ ද ඒවාට සමාව දෙනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම සෑම සලාතයකටම පසුව සලාම් පවසන අවස්ථාවේ එතුමා මෙසේ පවසන්නට වූහ. “ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ ලහුල් මුල්කු වලහුල් හම්දු වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්. ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහි ලා ඉලාහ ඉල්ලල්ලාහු වලා නඃබුදු ඉල්ලා ඉයියාහු ලහුන් නිඃමතු වලහුල් ෆල්ලූ වලහුල් සනාඋල් හසන් ලා ඉලාහ ඉල්ලල්ලාහු මුහ්ලිසීන ලහුද්දීන වලව් කරිහල් කාෆිරූන්.” තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙක් හෝ කිසිවක් හෝ නොමැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල් කරුවෙකු නොමැත. සියලු බලතල ඔහු සතුය. ප්රශංසා සියල්ල ඔහුටමය. සෑම දෙයක් කෙරෙහිම ඔහු ශක්තිය ඇත්තාය. අල්ලාහ්ගෙන් හැර කිසිම ශක්තියක් හෝ බලවේගයක් නොමැත. ඔහු හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු හැර වෙන කිසිවෙකුට අපි නැමදුම් නොකරන්නෙමු. සියලූ දායාදයන් ඔහු සතුය. ශ්රේෂ්ඨත්වය ද උතුම් වූ උපහාරය ද ඔහුටම හිමිය. නැමදුමට සුදුස්සා ඔහු හැර වෙන කිසිවෙක් හෝ කිසිවක් නොමැත. ප්රතික්ෂේප කරන්නන් විරුද්ධ වුව ද සියලු නැමදුම් ඔහු වෙනුවෙන් පමණක් ඉටු කරමු. අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සෑම සලාතයකට පසුවම මෙසේ තහ්ලීල් පවසන්නෙකු ලෙස සිටයහැයි මෙතුමා තවදුරටත් පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම අත අල්ලා ගෙන “අහෝ මුආද්! අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම මම ඔබට ප්රිය කරමි. " යැයි පවසා තවදුරටත් "අහෝ මුආද්! මම ඔබට උපදෙස් දෙමි. සෑම සලාතයකට පසුවම 'අල්ලාහුම්ම අඉන්නී අලා දික්රික, වෂුක්රික, වහුස්නි ඉබාදතික.' (අහෝ අල්ලාහ් මා ඔබව සිහිපත් කිරීමටත් ඔබට කෘතඥ වීමටත් ඔබට දැහැමි අයුරින් නැමදුම් කිරීමටත් ඔබම මට උදව් කරනු මැනව!) යනුවෙන් පැවසීම ඔබ අත් නොහරින්න.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, නසාඊ හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඉදා ජාඅ නස්රුල්ලාහි වල් ෆත්හු” (අන්-නස්ර්: 1) නම් පරිච්ඡේදය පහළ වීමෙන් පසුව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සලාතයේ දී “සුබ්හානකල්ලාහුම්ම රබ්බනා වබිහම්දික අල්ලාහුම්මග් ෆිර්ලී” යනුවෙන් ප්රකාශ කිරීමෙන් මිස සලාත් ඉටු කළේ නැත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.