Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 13 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම කම්මුලේ සුදු පැහැය පෙනෙන තෙක් තම දකුණු පසට සහ වම් පසට හැරී සලාම් දෙන ආකාරය මම දැක ඇත්තෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ශරීර අවයව හතක් මත සුජූද් කිරීමට මා අණ කරනු ලද්දෙමි. යැයි, තම අතින් තම නළල, නාසය අත් දෙක, දණහිස් දෙක, දෙපා ඇගිලි තුඩු ද, පෙන්වූහ. "වස්ත්‍ත්‍රය හෝ හිසකෙස් හෝ අප එකතු නොකළ යුතුය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මිනිසුන් පිරිසක් සහ්ල් ඉබ්නු සඃද් අස්-සාඉදී තුමා වෙත පැමිණ මින්බරය (ධර්මාසනය) සම්බන්ධයෙන් එය කවර ලීයකින් තනා ඇත්දැයි කතා කරමින් සිටියෝය. පසුව ඒ ගැන ඔවුහු ඔහුගෙන් විමසුවෝය. එවිට ඔහු: "අල්ලාහ් මත දිවුරා පවසමි. සැබැවින්ම එය කවර දෙයකින් වූවක් දැයි මම දනිමි. එය තබන ලද මුල් දිනයේම මම එය දැක ඇත්තෙමි. එමෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඒ මත අසුන් ගත් මුල් දිනය ද මම දැක ඇත්තෙමි." අල්ලාහ්ගේ දූතයාණෝ -අන්සාරී- කාන්තාවකට දූත පණිවිඩයක් එවූහ. "මම මිනිසුන් සමග කතා කරන විට ඒ මත වාඩි වන්නට මා වෙනුවෙන් ආසනයක් නිර්මාණය කර දෙන්නැයි ඔබ ඔබේ වඩු පුතාට පවසන්න" යැයි ඉල්ලා සිටියහ. පසුව ඇය ඔහුට නියෝග කොට ඔහු ද කැලෑවේ හැදෙන 'තර්ෆා' නම් ගස් වර්ගයකින් එය නිර්මාණය කොට ඇය වෙත ගෙන ආවේය. පසුව ඇය එය අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පිළිගැන්වූවාය. පසුව එය තබන මෙන් ඇයට පැවසූ පසු ඇය එය මෙතැනින් තැබුවාය. පසුව අල්ලාහ්ගේ දූතයාණන් ඒ මත සලාත් ඉටු කරනු මම දුටුවෙමි. ඔහු ඒ මතට වී තක්බීර් පවසා පසුව ඒ මත සිටම රුකූඋ ද කළහ. පසුව එයින් බැස ධර්මාසනය පාදය අසල සුජූද් කර නැවත නැග ගත්හ. අවසන් කළ පසුව මිනිසුන් වෙත හැරී මෙසේ පැවසූහ: "අහෝ ජනයිනි! මම මෙය නිර්මාණය කළේ නුඹලා මා පිළිපදිනු පිණිසය. මාගේ සලාතය නුඹලා හදාරනු පිණිසය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් තක්බීර් සමඟ සලාතය ආරම්භ කර "අල්හම්දු ලිල්ලාහි රබ්බිල් ආලමීන්.. “ (සූරා අල්-ෆාතිහා) පාරායනය කළහ. එතුමාණන් රුකූඋ ඉරියව්වට ගිය විට, එතුමාණන් හිස එසවූයේ නැති අතර පහත් කළේ ද නැත, නමුත් ඒ අතර (සමාන්තරව) තබා ගත්හ. රුකූඋ ඉරියව්වේ සිට හිස එසවූ විට, සීරුවෙන් සිට ගන්නා තුරු එතුමාණන් සුජූද් කළේ නැත. සුජූද් ඉරියව්වෙන් එතුමාණන් නැගිටින විට, ඍජුව වාඩි වන තුරු (දෙවන) සුජූදය කළේ නැත. සෑම සලාත් වාර දෙකකම අත්-තහය්යාතු (තෂහ්හුද්) පැවසූහ. එතුමාණන් තම වම් පාදය නමා (ඒ මත වාඩි වී) දකුණු පාදය ඔසවා තබා ගන්නට පුරුදුව සිටියහ. එතුමාණන් ෂෙයිතාන්ගේ ඉරියව් ක්‍රම භාවිතය තහනම් කිරීමට පුරුදුව සිටියහ. තවද මිනිසෙකු මෘග සතෙකු මෙන් තම දෑත් විහිදුවීමෙන් වාඩිවීම වළක්වන ලදී. තවද එතුමාණන් සලාම් පවසා සලාතය අවසන් කළහ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ඔබ සුජූද් කරන විට, ඔබේ අත් දෙක තබා ඔබේ වැළමිට දෙක ඔසවා ගන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.