Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ නින්දෙන් අවදි වූ විට, ඔහු නාසය තුන් වරක් පිරිසිදු කර ගනිත්වා. හේතුව සැබැවින්ම ෂෙයිතාන් ඔහුගේ නාස්පුඩුවෙහි රාත්‍රිය ගත කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග මක්කාවේ සිට මදීනාව බලා නැවත පැමිණෙමින් සිටියෙමු. මාර්ගයේ ජලය ඇති ස්ථානයක් අසළට පැමිණි විට අසර් සලාතය සඳහා පිරිස ඉක්මන් වූහ. කඩිමිඩියේම ඔවුන් වුළූ ‌දෝවනය කළහ. අපි ද අවසන් කොට ඔවුන් වෙත සේන්දු වූයෙමු. ජලය නොතැවරුනු ඔවුන්ගේ විළුඹු දිස් ‌වන්නට විය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "එම විළුඹු හිමියන්ට අපා ගින්නේ විනාශය අත්වේවා! ඔබ වුළූ දෝවනය පූර්ණවත් කරනු මැනව" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උස්මාන් ඉබ්නු අෆ්ෆාන් තුමාගේ සේවකයකු වූ හුම්රාන් (රළියල්ලාහු අන්හු) තුමා විසින් මෙසේ වාර්තා කරන ලදී. උස්මාන් (රළියල්ලාහු අන්හු) තුමා (මගෙන්) ජලය ඉල්ලා සිටියේය. පසුව එතුමා එම බඳුනින් තම දෙඅත්ලට ජලය වක් කර තුන් වරක් සෝදා ගෙන; පසුව ජල බඳුනට දකුණත දැමුවේය. පසුව කට කලත්වා නාසයට ජලය යවා හොඳින් පිරිසිදු කළේය. පසුව තම මුහුණ තුන් වරක් සේදූවේය. පසුව තම දෙඅත් වැළමිට දක්වා තුන් වරක් සේදූවේය. පසුව තම හිස (ජලයෙන්) පිරිමැද්දේය. පසුව සෑම පාදයක්ම වළලු කර දක්වා තුන් වරක් සේදූවේය. පසුව හෙතෙම ‘මා මේ කළ වුළූ ධෝවනය මෙන් අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වුළූ කළ සැටි මම දැක ඇත්තෙමි’ යැයි පැවසීය. තවදුරටත් එතුමා: කවරෙකු මා මේ වුළූ ධෝවනය කළ පරිදි වුළූ ධෝවනය කර, පසුව රකආත් වාර දෙකක් සලාතය ඉටු කර, ඒ දෙක තුළ තම මනසට කිසිවක් ඇති නොකරන්නේ ද ඔහු පෙර කළ ඔහුගේ පව්වලට අල්ලාහ් ඔහුට සමාව දෙනු ඇත යැයි පවසා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මම අම්ර් බින් අබිල් හසන් තුමා ව මුණ ගැසුණෙමි. එතුමා අබ්දුල්ලාහ් බින් සෙයිද් තුමාණන්ගෙන් අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරු පිළිබඳ ව විමසූවේය. පසු ව කුඩා ජල බඳුනක් ගෙන්වා ගෙන අල්ලාහ්ගේ දූතයාණන් වුළු ධෝවනය කළ අයුරින් ඔවුනට ඔහු වුළු ධෝවනය කර පෙන්වීය. ඔහු කුඩා බඳුන ඇල කර තම දෝතට ජලය වක්කර තම දෙඅත් තුන්වරක් සෝදා ගත්තේය. පසු ව කුඩා බඳුන තුළට දෙ අත් දමා දෝතින් තුන්වරක් ජලය ගෙන කට කලත්වා සෝදා පසුව නාසයට ජලය යාමට සලස්වා පිරිසිදු කර ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා තම මුහුණ ද තුන්වරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා දෙඅත් වැළමිට දක්වා දෙවරක් සෝදා ගත්තේය. පසු ව තම දෑත එම කුඩා බඳුනට දමා එයින් තම හිස පිරිමැද්දේය. එක් වරක් දෑත් ඉදිරියෙන් ආරම්භ කර පසුපසට ගෙන ගියේය. පසු ව දෙපා වළලු කර දක්වා සෝදා ගත්තේය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.