Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
මම ආඉෂා තුමියගෙන්, "උපාවාසය නැවත ඉටු කරන නමුත් සලාතය නැවත ඉටු නො කරන ඔසප් තත්ත්වයේ පසුවන කාන්තාවගේ තත්ත්වය කුමක් ද?" යැයි විමසා සිටියෙමි. එවිට ඇය, "ඔබ හරූරිය්යාවාදි‌යෙකු දැ? "යි විමසා සිටියාය. මම: හරූරිය්යා වාදි‌යෙකු නොවෙමි. නමුත් මම මෙසේ අසා සිටිමි" යැයි පැවසුවෙමි. ඇය: "අපට මේවා සිදු වී ඇත. එවිට උපවාසය නැවත ඉටු කිරීමට අපට නියෝග ලැබුණු නමුත් සලාතය නැවත ඉටු කිරීමට නියෝග නොලැබුවෙමු." යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අබ්දුර් රහ්මාන් ඉබ්නු අව්ෆ් තුමා යටතේ සිටි, උම්මු හබීබා බින්ත් ජහ්ෂ් තුමිය අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත රුධිර වහනය වීම පිළිබඳ පැමිණිළි කළාය. පසුව එතුමාණෝ ඇයට: “ඔබේ ඔසප් වාරය ඔබව තිබෙන තාක් කල් (සලාත් හා උපවාසයේ නිරත වීමෙන්) ඔබ වැළකී සිටිනු. පසුව ස්නානය කරනු.” යැයි පැවසූහ. පසුව ඇය සෑම සලාතයක දීම සෝද ගන්නට පුරුදු වී සිටියාය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“සැබැවින්ම මම ඔසප් තත්ත්වයට පත් වී, පිරිසිදු තත්ත්වය නොලබමි. එබැවින්ම මම සලාතය අතහරින්නද? යැයි විමසුවාය. එතුමා: ‘නැත, සැබැවින්ම එය අසහනයකි. නමුත් ඔබ ඔසප් තත්ත්වයට පත්වන දින ගණනය කර, සලාතය අතහරින්න. පසුව ස්නානය කොට සලාතය ඉටු කරන්න.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.