Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 2 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ එතුමාව මදීනාවෙහි එක් වීදියක දී මුණ ගැසුණහ. එවිට ඔහු ජනාබත් තත්ත්වයේ පසු වූ බැවින් ඔහු එතුමාණන්ගෙන් සෙමින් ඈත් වී ගොස්, ස්නානය කර ගත්තේය. එවිට එතුමාණෝ ඔහුව සොයන්නට වූහ. ඔහු එතුමාණන් වෙත පැමිණි කල්හි, එතුමාණෝ: “ඕ අබූ හුරෙයිරා!” ඔබ කොහේ සිටියේ දැ?”යි විමසූහ. "ඕ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ මා මුණ ගැසුණේ මම ජනාබත් තත්ත්වයේ සිටිය දීය. එහෙයින්, මා ස්නානය කරන තෙක් ඔබ සමග අසුන් ගන්නට මම අකමැති වූයෙමි.’ යැයි කීහ. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ: “සුබ්හානල්ලාහ් ! (අල්ලාහ් අති පිවිතුරුය.) සැබැවින්ම මුඃමින්වරයෙකු අපිරිසිදු නො වන්නේය” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු ජනාබත් හෙවත් (මහා කිල්ලෙන්) අනිවාර්යය වන ස්නානය, ජුමුආ දිනයේ ස්නානය කොට පසුව ආරම්භක වේලාවේ උදෑසනම (ජුමුආ කටයුතු සඳහා) පිය නැගුවේ ද ඔහු ඔටුවකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු දෙවැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු ගවයෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු තුන්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බැටළුවෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු සිව්වැනි වේලාවේ පිය නැගුවේ ද ඔහු කුකුලෙකු පිළිගැන්වූවාක් මෙන් වන්නේය. කවරෙකු පස්වන වේලාවේ පිය නැගුවේ ද ඔහු බිත්තරයක් පිළිගැන්වූවාක් මෙන් වන්නේය. ඉමාම් (මින්බරය වෙත) පිටත්ව ගිය විට එම දෙසුම සවන් දෙන්නට මලක්වරුන් ද සහභාගී වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.