Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 12 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"ඔබ අල් කුර්ආනය කියවන්න. මක්නිසාදයත් සැබැවින්ම එය මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අදාළ තැනැත්තන් හට මැදිහත්කරුවෙක් ලෙස පැමිණෙනු ඇත. දීප්තිමත් සූරා අල් බකරා හා සූරා ආලු ඉම්රාන් දෙක කියවන්න. මන්ද ඔවුන් මළවුන් කෙරෙන් නැවත නැඟිටුවනු ලබන දිනයේදී වලාකුළු දෙකක් මෙන් හෝ වියන් දෙකක් මෙන් හෝ පියාසර කරන පක්ෂි රංචු දෙකක් මෙන් හෝ ඒ දෙක පාරායනය කරන්නන් වෙනුවෙන් මැදිහත් වී වාද කරනු ඇත. සූරා අල්-බකරා පාරායනය කරන්න, මන්ද එය පිළිපැදීම සමෘද්ධියකි. එය අත්හැරීම පසුතැවිල්ලට හේතුවකි. ව්‍යාජ දෑට එය ජය ගත නොහැක."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු රාත්‍රියේ සූරා අල් බකරාහි අවසාන ආයත් දෙක පාරායනය කළේ ද ඒ දෙක ඔහුට ප්‍රමාණවත් වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මා වෙත දිව්‍ය වැකි කිහිපයක් පහළ විය. එවන් හා සමාන දෙයක් කිසිවිටෙකත් දක්නට නොවීය. එය ආරක්ෂාව පතන පරිච්ඡේද දෙක ය."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
මිනිසෙක් "කුල් හුවල්ලාහු අහද්" යන සූරාව නැවත නැවතත් පාරායනය කරන මිනිසෙකුට සවන් දුන්නේය. උදෑසන උදා වූ කල්හි ඔහු අල්ලාහ්ගේ දූතයාණන් වෙත පැමිණ ඒ ගැන එතුමාණන්ට සඳහන් කළේය. එම පුද්ගලයා එය සුළු කොට සිතන්නෙකු මෙන් විය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ මෙසේ පැවසූහ: "මාගේ ආත්මය කවුරුන් සන්තකයේ තිබේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින් එය අල් කුර්ආනයෙන් තුනෙන් කොටසකට සමාන වන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.