Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 170 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (57)
أبو موسى الأشعري2 حذيفة2 سهل بن سعد2 علي2 إبراهيم النخعي عن همام بن الحارث قال1 ‌ابن عباس1 أبو أيوب الأنصاري1 أبو بردة بن أبي موسى1 أبو حازم بن دينار1 أبو حميد الساعدي1 أبو شريح1 أبو عبد الرحمن عبد الله بن عمر بن الخطاب1 أبو قتادة1 أبو هريرة قال1 ‌أبي قتادة السلمي1 ‌أبي هريرة1 أبيه أبي موسى الأشعري1 الأسود بن يزيد قال1 البراء بن عازب1 الزبير بن العوام1 المغيرة1 النعمان بن بشير1 أم قيس بنت محصن1 بريدة بن الحصيب1 رافع بن خديج1 زيد بن ثابت1 ‌سهل1 عبادة بن الصامت1 عبد الرحمن بن أبي ليلى قال1 ‌عبد الله بن زيد1 عبد الله بن عمرو بن العاص1 عبد الله بن مغفل1 عبد الله بن يزيد الخطمي قال1 عدي بن حاتم1 عقبة بن عامر1 عكرمة1 عمار بن ياسر1 عمر1 عمران بن حصين1 عمرو بن سليم الأنصاري قال1 عمرو بن عامر عن ‌أنس بن مالك قال1 مالك بن أوس بن الحدثان أنه قال1 ‌محمود بن لبيد1 معاذة قالت1 ميمونة أم المؤمنين1 ‌وراد كاتب المغيرة بن شعبة قال1 يحيى بن عمارة المازني قال1
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අවසන් කාලය වන විට අඥාන, මුහුකුරා නොගිය පිරිසක් පැමිණෙනු ඇත. යහපත් වචනයෙන් යුත් ප්‍රකාශ (අල්-කුර්ආනය) ඔවුහු පවසති. ඊතලයක් එහි ඉලක්කයෙන් පිටවන්නාක් මෙන් ඉස්ලාමයෙන් ඔවුන් ඉවත් වනු ඇත. ඔවුන්ගේ දේවවිශ්වාසය උගුරෙන් ඔබ්බට යන්නේ නැත. ඔබ ඔවුන් කොතැනක දුටුවත් ඔවුනට මරණ දඬුවම පිරිනමන්න. සැබැවින්ම ඔවුනට මරණ දඬුවම පිරිනැමීම වනාහි, මළවුන් කෙරෙන් නැගිටවනු ලබන දිනයේ එසේ මරණ දඬුවම ක්‍රියාත්මක කළ තැනැත්තාට ප්‍රතිඵල ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සාමුහිකව මිනිසෙකු ඉටු කරන සලාතය තම නිවසේ හෝ තම වෙළඳ ආයතනයේ හෝ ඉටු කරන සලාතයට වඩා විසි ගුණයකින් පමණ අධික වෙයි. එයට හේතුව යමෙකු වූළු ධෝවනය කළ විට වුළු ධෝවනය අලංකාරව සිදු කර, පසු ව මස්ජිදය වෙත පැමිණෙයි. ඔහු සලාතය මිස වෙනත් කිසිවක් අපේක්ෂා කළේ නැත. සලාතය මිස වෙනත් කිසිවක් ඔහු ව (නිවසින්) බැහැර කළේ ද නැත. ඔහු මස්ජිදයට පිවිසෙන තෙක් (ඔහු තබන සෑම) පියවරකින්ම ඔහුට තත්ත්වයක් උසස් කරනු ලැබීමෙන් හා ඔහුගෙන් පාපයක් මකා දමනු ලැබීමෙන් මිස ඔහු (කිසිදු) පියවරක් නොතබනු ඇත. තවද ඔහු මස්ජිදයට ඇතුළු වූ විට සලාතය ඔහුව රඳවා තබන තාක් කල් ඔහු සලාතයේම සිටිනු ඇත. සලාතය ඉටු කරන ස්ථානයේම රැඳී සිටින තාක්කල් මලක්වරුන් ආශිර් වාද කරමින් එහි කිසිදු වරදක් හෝ කිලිටක් හෝ ඇති නොවන තාක් කල් ('යා ! අල්ලාහ් ඔහුට කරුණා කරනු මැනව! ඔහුට සමාව දෙනු මැනව! ඔහුගේ පශ්චාත්තාපය පිළිගනු මැනව’ යැයි ප්‍රාර්ථනා කරමින් සිටියි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන් 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට, එතුමාණන් සුජූද් කරන තෙක් අප අතරින් කිසිවකු හෝ තම පිට නැමුවේ නැත. එතුමාණන්ට පසුව අපි සුජූද් කරන්නන් ලෙස නැමුනෙමු.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්‍රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් ෂෙයිතාන් සෑම ගැටයක් මතම ගැට ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු රමළානයේ විශ්වාසයෙන් හා කුසල් බලාපොරොත්තුවෙන් යුතුව උපවාසයේ නිරත වූයේ ද, ඔහු පෙර කළ ඔහුගේ පාපකම් සඳහා ඔහුට සමාව දෙනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයේදී තක්බීර් පැවසූ විට කුර්ආනය සද්ගායනය කිරීමට පෙර මද වේලාවක් නිහඬ ව සිටියි. එවිට මම, “අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ මව හා මාගේ පියා ඔබට කැප කරමි. (සලාතයේ) තක්බීරය හා කුර්ආන් සද්ගායනාව අතර ඔබේ නිහඬතාවයෙන් ඔබ අදහස් කරනුයේ කුමක් ද? ඔබ එහි කියවනුයේ කුමක් ද?" යැයි විමසා සිටියෙමි . එවිට එතුමා ‘මම මෙසේ පවසමි.’ اللهُمَّ بَاعِدْ بَيْنِي وَبَيْنَ خَطَايَايَ كَمَا بَاعَدْتَ بَيْنَ الْمَشْرِقِ وَالْمَغْرِبِ، اللهُمَّ نَقِّنِي مِنْ خَطَايَايَ كَمَا يُنَقَّى الثَّوْبُ الْأَبْيَضُ مِنَ الدَّنَسِ، اللهُمَّ اغْسِلْنِي مِنْ خَطَايَايَ بِالثَّلْجِ وَالْمَاءِ وَالْبَرَدِ "අහෝ දෙවියනි! නැගෙනහිර හා බටහිර අතර ඔබ දුරස් කළාක් මෙන් මා අතර හා මගේ පාපකම් අතර දුරස් කරනු මැනව. අහෝ දෙවියනි! සුදු වස්ත්‍රය කිලිටෙන් පිරිසිදු කරනු ලබන්නාක් මෙන් මාගේ පාපයන් පිරිසිදු කරනු මැනව! අහෝ දෙවියනි! මාගේ වැරදි ජලයෙන්, පිනි දියෙන් හා සීත ජලයෙන් සෝදා හරිනු මැනව!" යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම එතුමාගේ මව බින්තු රවාහා, එතුමාගේ පියාගෙන් ඔහුගේ ධනයෙන් ඇගේ දරුවා වෙනුවෙන් පරිත්‍යාග කරන ලද දෑ සම්බන්ධයෙන් විමසා සිටියාය. ඇය සමග එලෙස වසරක් ගත කළේය. පසුව ඔහුට (එය නැවත) මතු විය. එවිට ඇය: "මාගේ දරුවාට ඔබ පරිත්‍යාග කළ දෑ ගැන අල්ලාහ්ගේ දූතයාණන්ව (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබ සාක්ෂිකරුවකු බවට පත් කරන තෙක් මම සෑහීමට පත් නොවෙමි" යැයි පැවසුවාය. එදින මා කොළු වියේ පසුවූයෙමි. මාගේ පියා මගේ අතින් අල්ලා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ; "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, මොහුගේ මව වන බින්තු රවාහා ඇගේ දරුවාට මා පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔබව සාක්ෂිකරුවකු බවට පත් කිරීමට ඇය ප්‍රිය කරන්නීය" යැයි පැවසුවේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "අහෝ බෂීර්! මේ දරුවා හැර තවත් දරුවකු ඔබට සිටියි ද? යැයි විමසූහ. ඔහු: "එසේය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඒ සෑම කෙනෙකුටම මොහුට පිරිනැමූ දෑ හා සමානව පිරිනමා ඇත් ද?" යැයි විමසූහ. ඔහු "නැතැ"යි පිළිතුරු දුන්නේය. එතුමාණෝ "එසේ නම් කිසිවිටෙක් ඔබ මා සාක්ෂිකරුවකු බවට පත් කර නොගන්න. සැබැවින්ම මා අසාධාරණයක් වෙනුවෙන් සාක්ෂි නොදරමි" යැයි පැවසූහ. මුස්ලිම්හි සඳහන් වාර්තාවක: "එසේනම්, මේ වෙනුවෙන් වෙනත් කෙනෙකු සාක්ෂි බවට පත් කර ගන්න." යැයි සඳහන්ව ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් විසින් මෙය වාර්තා කර ඇති අතර මෙම හදීසයට විවිධ වචන රටා ඇත.