Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 38 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"තම අවසන් කාලය නොපැමිණි රෝගියකුගේ සුවදුක් විමසා ඔහු අබියස හත් වරක් أسأل الله العظيم، ربَّ العرشِ العظيم، أن يَشفيك අස්අලුල්ලාහල් අළීම් රබ්බල් අර්ෂිල් අළීම් අය් යෂ්ෆීක (ඔබට සුවය ලබා දෙන මෙන් අතිමහත් සර්ව රාජ්යයේ හිමිපාණන් වූ සර්වබලධාරී අල්ලාහ්ගෙන් පතමි) යැයි කවරෙකු පවසන්නේ ද අල්ලාහ් ඔහුට එම රෝගය සුව කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සජදා දෙක අතර "රබ්බි-ග්ෆිර්ලී රබ්බි-ග්ෆිර්ලී" යනුවෙන් පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, නසාඊ, ඉබ්නු මාජා හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වල්ලම්) මෙසේ විමසීය. “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි සාගරයේ ගමන් කරන්නෙමු. අප සමග අපි උසුලාගෙන යන ජලය සුළු ප්‍රමාණයකි. අප එයින් වුළූ ගත් විටක අපි පිපාසයෙන් පෙළෙන්නෙමු. එබැවින් සාගර ජලයෙන් අපට වුළූ ගත හැකි ද? යැයි විමසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) “එය වනාහි, එහි ජලය පිරිසිදුය. එහි මියගිය දෑද අනුමතය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ලුහර් සලාතයට පෙර ඇති රකආත් හතර සහ ඉන් පසු ඇති රකආත් හතර කවරෙකු පිළිපදින්නේ ද අල්ලාහ් ඔහුව නිරයට තහනම් කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, අන් නසාඊ, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ සජදා දෙක අතර: “අල්ලාහුම්ම-ග්ෆිර්ලී වර්හම්නී, වආෆිනී, වහ්දිනී, වර්සුක්නී - යා අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට සුවය ලබා දෙනු මැනව! මට මග පෙන්වනු මැනව! මට පෝෂණ සම්පත් පිරිනමනු මැනව!-” යනුවෙන් පවසා සිටියහ.
එය අනු සාක්ෂි හරහා හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
''අල්ලාහ්ගේ සේවිකාවන්ට පහර නොදෙන්න.'' පසුව, ‘උමර් (රළියල්ලාහු අන්හු) තුමා අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) වෙත පැමිණ මෙසේ පැවසීය: ''කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් කෙරෙහි ධෛර්ය සම්පන්න වී අකීකරු වී ඇත." එබැවින් ඔවුන්ට පහර දීමට අවසර ලබා දුන්නේය. එහි ප්‍රතිඵලයක් ලෙස, බොහෝ කාන්තාවන් අල්ලාහ්ගේ දූතයා (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුල් වටා පැමිණ තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කළහ. එවිට නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: ''බොහෝ කාන්තාවන් තම ස්වාමිපුරුෂයන් ගැන පැමිණිලි කරමින් මුහම්මද් තුමාණන්ගේ පවුල් වටා ගොස් ඇත. ඔවුන් (සැමියන්) ඔබ අතරින් හොඳම අය නොවේ.''
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද් හා ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.