Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 23 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වයස අවුරුදු හතළිහේ දී එතුමාණන් වෙත දිව්‍ය පණිවිඩ පහළ කරනු ලැබීය. එතුමාණන් මක්කාවේ වසර දහ තුනක් රැඳී සිටි අතර පසුව ඉන් නික්ම යන්නට නියෝග කරනු ලැබීය. එසේ එතුමාණෝ මදීනාවට නික්ම ගොස් එහි වසර දහයක් රැඳී සිට, පසුව මරණයට පත් වූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
රතු පැහැති සළුවක් ඇඳ සිටින විට අල්ලාහ්ගේ දූතයා තරම් ලස්සන කෙස් කළඹක් ඇති කිසිවෙකු මා කිසිදා දැක නැත. එතුමාණන්ගේ කොණ්ඩය එතුමාණන්ගේ උරහිස් දෙක දක්වා දිගුවට තිබුණි. එමෙන්ම එතුමාණන්ගේ උරහිස් දෙක පළල් ව තිබූ අතර එතුමාණන් උස හෝ කොට නොවූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පහළ වූ දිව්‍ය පණිවිඩයේ ආරම්භය (එතුමා තම) නින්දේදී දුටු දැහැමි සිහිනය විය. එවිට අළුයමේ උදාව මෙන් මිස එම සිහිනය එතුමාණන් වෙත පැමිණියේ නැත. පසුව එතුමාණන් වෙත හුදෙකලාව ප්‍රිය විය. එතුමාණෝ හිරා ගුහාවේ තනි වෙන්නට වූහ. තම නිවසට යෑමට පෙර එහි දී රාත්‍රී ගණනාවක් නැමදුමෙහි නිරත වූහ. ඒ සඳහා අවශ්‍ය බඩු මළු සකසා ගත්හ. පසුව එතුමාණෝ හිරා ගුහාවෙහි සිටිය දී සත්‍යය එතුමාණන් වෙත පැමිණෙන තෙක් ඒ අයුරින්ම කදීජා තුමිය වෙත නැවත හැරී ගොස් බඩු මළු සකස් කර ගත්හ. එහිදී සුරදූතයා ඔහු වෙත පැමිණ: "ඔබ කියවනු" යැයි පැවසීය. එතුමාණෝ "මා කියවන්නෙකු ‌ලෙස නැත" යැයි පැවසූූහ පසුව හෙතෙම මා අපහසුතාවයට පත්වන තරමට මා තදින් අල්ලා බදා ගෙන අනතුරුව මා අත්හැර දැමීය. පසුව ද ඔහු "ඔබ කියවනු" යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව දෙවන වරටද මා අපහසුතාවයට පත්වන තුරු මා තදින් අල්ලා බදා ගෙන, අනතුරුව මා අත්හැර දමා නැවතත් ඔබ කියවනු යැයි පැවසීය. එවිට ද මම "මා කියවන්නෙකු ‌ලෙස නැත" යැයි පැවසුවෙමි. පසුව තුන්වන වරටද මා අපහසුතාවයට පත් වන තරමට මා තදින් අල්ලා බදා ගෙන පසුව මා අත්හැර දමා මෙසේ පැවසීය.: "මැවූ ඔබේ පරමාධිපතිගේ නාමයෙන් කියවනු. ඔහු කූඩැල්ලකුගේ හැඩයකින් මිනිසා මැව්වේය. කියවනු. ඔබේ පරමාධිපතියණන් අති ගෞරවණීයය." (අල්-අලක්: 1-3) පසුව අල්ලාහ්ගේ දූතයාණෝ තම හදවත තිගැස්සුනු තත්ත්වයෙන් එය රැගෙන පැමිණියහ. පසුව කදීජා බින්ත් කුවෙයිලිද් (රළියල්ලාහු අන්හා) තුමිය වෙත පිවිස "මා පොරවනු; මා පොරවනු." යැයි පවසා සිටියහ. එතුමාගෙන් බිය පහව යන තෙක් ඔවුහු එතුමාණන්ව පොරවා දැමූහ. එවිට එතුමාණෝ කදීජා දෙස බලා සිදු වූ පුවත ඇයට පවසා සිටියහ. "මම මා ගැන බිය වෙමි" යැයි පැවසූ විට කදීජා තුමිය: "එසේ නොව, අල්ලාහ් මත දිවුරා පවසමි. කිසිදිනක අල්ලාහ් ඔබව දුකට පත් කරන්නේ නැත. සැබැවින්ම ඔබ ඥාති සම්බන්ධකම් හොදින් පවත්වා ගෙන යන්නෙහිය. සැමට උපකාර කරන්නෙහිය. නැතිබැරි උදවියට උපයා දෙන්නෙහිය. ආගන්තුකයින්ට සත්කාර කරන්නෙහිය. සත්‍යය පවතින පැත්තට උපකාර කරන්නෙහිය" යැයි පැවසුවාය. පසුව කදීජා තුමිය එතුමාණන්ව කැටුවා ගෙන කදීජා තුමියගේ බාප්පා කෙනෙකුගේ පුත් වර්කත් ඉබ්නු නව්ෆල් ඉබ්නු අසද් ඉබ්නු අබ්දුල් උස්සා වෙත ගියහ. හෙතෙම අඥාන යුගයේ කිතුනු දහම හැදෑරූ තැනැත්තෙකු විය. අබරානි බසින් පොත්පත් ලියන ලේඛකයකු විය. ඉන්ජීල් හෙවත් බයිබලය අල්ලාහ්ගේ අභිමතය අනුව අබරානී බසින් ලියා නිම කළේය. හෙතෙම අන්ධ භාවයෙන් යුත් ‌වයෝවෘද්ධ ප්‍රභූවරයකු විය. එවිට කදීජා තුමිය ඔහුට: "මාගේ බාප්පාගේ පුතනුවනි! ඔබේ සහෝදරයාගේ පුතුට සවන් දෙන්න." යැයි පැවසුවාය. එවිට වරකා එතුමාණන්‌ගෙන්: "මාගේ සහෝදරයාගේ පුතුනි! ඔබ දුටුවේ කුමක්දැ?" යි විමසා සිටියේය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ තමන් දුටු දෑහි පුවත සැලකර සිටියහ. එවිට වරකා තුමා එතුමාණන්ට: "ඔහු, මූසා වෙත පහළ කළ නාමූස් නම් සුරදූතයා වෙයි. එහි මටත් කොටසක් තිබුණා නම් මැනව! ඔබේ ජනයා ඔබව පිටුවහල් කරන අවස්ථාවේ මා ජීවතුන් අතර සිටියා නම් මැනව!" යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ "ඔවුන් මා පිටුවහල් කරනු ඇත්දැ?"යි විමසා සිටියහ. හෙතෙම: 'ඔබ ගෙනා දේ නැවත ආවර්ජනය වීම හැර එවන් වෙනත් කිසිවක් කිසිදු මිනිසෙකු ගෙනා වේ නැත. ඔබේ එදින මා ලැබුවේ නම් ශක්තිමත් ලෙසින් මම ඔබට උපකාර කරමි.' යැයි පැවසීය. පසුව වරකා මිය යන තුරුම ප්‍රතිචාර නොදැක්වූ අතර හෙළිදරව්ව (තාවකාලිකව) නතර විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම ගමන් කරමින් සිටිය දී අහසින් නිකුත් වූ හඬකට සවන් දුනිමි. මාගේ බැල්ම ඉහළට එසවිනි. එවිට හිරා ගුහාවේ මා වෙත පැමිණි මලක් (සුරදූතයා) අහස හා මහපොළොව අතර ඇති ආසනයක වාඩි වී සිටියේය. ඔහු ගැන මා බියට පත් ව, හැරී ගොස් 'මා පොරවා දමන්න' යැයි පැවසුවෙමි. එවිට උත්තරීතර අල්ලාහ් "යා අය්යුහල් මුද්දස්සිර් යන (සූරා අල්-මුද්දස්සිර්හි 1 වැනි වැකියේ සිට) "වර්-රුජ්ස ෆහ්ජුර්" (සූරා අල්-මුද්දස්සිර්හි 5 වැනි වැකිය දක්වා) පහළ කළේය. ඉන්පසු දිව්‍ය හෙළිදරව්ව තීව්‍ර වී දිගටම පැවතුනි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් ෆජ්ර් සලාතය කළ විට, හිරු හොදින් උදාවන තුරු එතුමාණෝ සලාත් කළ ස්ථානයේම වාඩි වී සිටියහ. තවත් ප්‍රකාශයක: හිරු උදාවන තුරු (සුබ්හු) අළුයම් කාල සලාතය ඉටු කළ ස්ථානයෙන් එතුමාණන් නැගිට්ටේ නැත. හිරු නැඟුනු පසු එතුමා නැඟිට සිටියේය. ඔවුන් ජාහිලියා කාලයේ දේවල් සිහිපත් කරමින් ඒවා ගැන කතා කරමින් සිනහ සෙමින් හා මද සිනහ පාමින් සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ අල්ලාහ්, මම ද මනුෂ්‍යයෙකි. මුස්ලිම්වරුන් අතරින් කිසියම් තැනැත්තෙකුට මම බැණ වැදුණේ නම් හෝ ශාප කළේ නම් හෝ කසපහර දුන්නේ නම් හෝ ඔහුට එය දානයක් සහ දයාවක් බවට පත් කරනු මැනව!"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
දේවත්වය විශ්වාස කළ මුඃමින්වරුන්ගේ මෑණියනි! අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ගතිගුණ ගැන මට දන්වා සිටින්න යැයි විමසා සිටියෙමි. එතුමිය: "ඔබ අල් කුර්ආනය කියවා නැද්දැ?"යි විමසා සිටියාය. මම එසේය යැයි පිළිතුරු දුනිමි. එවිට එතුමිය: “අල්ලාහ්ගේ නබි (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාගේ චරිතය අල් කුර්ආනය ය” යැයි පැවසුවාය.
පූර්ව සාධක සහිත හදීසයකි. දීර්ඝ හදීසයක එක් කොටසක මෙය මුස්ලිම් විසින් වාර්තා කර ඇත.
"මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.