Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 14 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“දහම උපදෙසකි” අපි, ‘කවුරුන් වෙනුවෙන් දැ’යි විමසා සිටියෙමු. එතුමා, අල්ලාහ් වෙනුවෙන් ද, ඔහුගේ ග්‍රන්ථය වෙනුවෙන් ද, ඔහුගේ දූතයා වෙනුවෙන් ද, මුස්ලිම් සමාජය වෙනුවෙන් ද, ඔවුන් අතර සිටින පොදු ජනතාව වෙනුවෙන් ද විය යුතුය.” යැයි කීහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.

“කවර හෝ ගැත්තෙකුට අල්ලාහ් යටත් වැසියන් පාලනය කිරීමට සළස්වා, ඔහු මිය යන දින ඔහුගේ යටත් වැසියන් රවටා සිටි තත්ත්වක මිය යන්නේ නම්, අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කරනු මිස වෙනත් කිසිවක් නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ කණ්ඩායමක් යවා අන්සාර් වරුන්ගෙන් කෙනෙකු ඔවුන්ගේ නායකයා ලෙස පත් කර, ඔවුන්ට කීකරු වන මෙන් උපදෙස් දුන්හ. වරක් ඔහු කෝපයට පත් ව මෙසේ පැවසීය: "මට කීකරු වන ලෙස නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔබට අණ කළේ නැද්ද?" ඔවුන් 'එසේය' යැයි පැවසූහ. එවිට ඔහු: "එසේ නම්, මට දර එකතු කර දෙන්න." ඒ අනුව ඔවුන් ඒවා එකතු කළහ. ඉන්පසු ඔහු ගින්නක් දල්වන්නැයි පැවසීය. එවිට ඔවුන් එසේ ද කළහ. ඉන්පසු ඔහු: 'එයට ඇතුළු වන්න' යැයි පැවසීය. ඔවුන් එසේ කිරීමට සූදානම්ව සිටිය ද, සමහරු අනෙක් අයව වළක්වා ගනිමින් මෙසේ පැවසූහ: 'අපි ගින්නෙන් බේරීමට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පලා ගියෙමු.' ගින්න නිවී ඔහුගේ කෝපය පහව යන තෙක් ඔවුන් එලෙසම සිටියහ. මේ බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට දැනුම් දුන් විට, එතුමාණෝ මෙසේ පැවසූහ.: "ඔවුන් එයට ඇතුළු වූයේ නම්, විනිශ්චය දිනය දක්වා ඔවුන් කිසි විටෙකත් එයින් පිටතට නොඑනු ඇත. කීකරුකම ඇත්තේ යහපත් කටයුතුවල පමණි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම මගෙන් පසුව බලපෑම් හා නුඹලා පිළිකුල් කරන කටයුතු සිදුවනු ඇත.” 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ අපට නියෝග කරනුයේ කුමක්ද?' යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: “නුඹලා මත පැවරුණු වගකීම් නුඹලා ඉටු කරමින් නුඹලාට හිමි දෑ අල්ලාහ්ගෙන් ඉල්ලා සිටීමය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු අවනත වීමෙන් බැහැර වී, ප්‍රජාවෙන් වෙන්ව ගොස් මිය යැදුණේද ඔහු අඥාන කාලයේ මිය ගිය අයකු මෙන් මිය ගොස් ඇත. තවද කවරෙකු නො දුටු ධජයක් යටතේ සටන් වැද, පක්ෂයට හෝ පක්ෂය වෙත ඇරයුම් කිරීමට හෝ පක්ෂයට උදව් කිරීමට හෝ උරණ වී, පසුව ඝාතනය කරනු ලැබුවේ ද එසේ මරණයට පත්වීමත් ජාහිලිය්යා යුගයේ මරණයක් මෙන් වන්නේය. එමෙන්ම කවරෙකු මාගේ ප්‍රජාවට විරුද්ධව බැහැර ව ගොස්, එහි දැහැමියන්ට හා දුෂ්ඨයින්ට පහර දී එහි දේවත්වය විශ්වාස කළවුන්ගෙන් (ඔවුනට හිංසා කිරීමෙන්) ඉවත්ව නොසිට, තමන් සමග ගිවිස ගත් ගිවිසුමක් ඇති අයට එය ඉටු නොකරන්නේ ද ඔහු මගෙන් කෙනෙකු නොවේ. මම ද ඔහුගෙන් කෙනෙකු නොවෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.