عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
අන්සාර්වරුන් අතුරින් මිනිසෙකු විය. ඔහුට වඩා මස්ජිදයෙන් දුරින් සිටින වෙන කිසිවකු මම නොහඳුනමි. ඔහුට සලාතයක් වැරදුනේ නැත. එවිට, “අන්ධකාරයේත් වැල්ලේත් නැග යන්නට හැකිවනු පිණිස ඔබ බූරුවකු මිලට ගත්තේ නම් මැනව“ යැයි කියනු ලැබීය. ඔහු, “මාගේ නිවස මස්ජිදය අසළින් පිහිටීම මා සතුටට පත් නො කරයි. මම මස්ජිදය වෙත ගමන් කරන විටත් මාගේ පවුල වෙත නැවත මා හැරී එන විටත් යහපත ලියනු ලැබීම සැබැවින්ම මම අපේක්ෂා කරමි.“ යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්): “අල්ලාහ් ඒ සියල්ල ඔබට රැස්කර දෙනු ඇත.“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් ඇය සමග සිටිය දී එතැනින් හව්ලා බින්ත් තුවෙයිත් ඉබ්නු හබීබ් ඉබ්නු අසද් ඉබ්නු අබ්දිල් උස්සා තුමිය ගමන් ගත්තාය. එවිට මම: 'මේ තුවෙයිත්ගේ දියණිය හව්ලා. රාත්රියේ ඇය නින්දට නොයන බව ඔවුන් පවසති.' යැයි පැවසුවෙමි. එවිට අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ පැවසූහ: "රාත්රියේ ඇය නින්දට නොයන්නේ ද! ඔබ ඔබට හැකි ක්රියාවන් පිළිපදින්න. ඔබ බලාපොරොත්තු සුන් කර ගන්නා තෙක් අල්ලාහ් බලාපොරොත්තු සුන් කර ගන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඔබට පෙර විසූ ජනයා අතර රජකු විය. ඔහු අභියස ඉන්ද්රජාලිකයකු ද විය. ඔහු වයෝවෘද්ධ තත්ත්වයට පත් වූ කල්හි, ඔහු රජු අමතා: 'සැබැවින්ම මම වයෝවෘද්ධභාවයට ළඟා වී ඇත්තෙමි. මා වෙත කොළු ගැටයෙකු එවන්න. මම ඔහුට ඉන්ද්රජාලය උගන්වන්නම්' යැයි පැවසීය. පසු ව ඉගැන්වීම සඳහා කොළු ගැටයෙකු එවීය. ඔහු යන එන මාර්ගයේ ආගමික විද්වතෙකු ද විය. කොළුවා ඔහු අසළ වාඩි වී ඔහුගේ කතාවට සවන් දුන් අතර එය ඔහුව පුදුමයට පත් කළේය. ඔහු ඉන්ද්රජාලිකයා වෙත යන අතරවාරයේ ආගමික විද්වතා පසු කර යයි. එහි ඔහු අසළ වාඩි වෙයි. නමුත් නැවත ඉන්ද්රජාලිකයා වෙත ගිය විට ඔහු ඔහුට පහර දෙයි. ඒ ගැන ඔහු එම ආගමික විද්වතාට පැමිණිලි කර සිටියේය. එවිට ඔහු: 'ඔබ ඉන්ද්රජාලිකයාට බිය වූ විටෙක මාගේ පවුලේ උදවිය මා රඳවා ගෙන සිටි බව ඔහුට පවසන්න. ඔබේ පවුලට බිය වූ විට ඉන්ද්රජාලිකයා මා රඳවා ගෙන සිටි බව පවසන්න.' යැයි පැවසීය. එසේ ඔහු යන එන අතරවාරයේ මිනිසුන්ට බාධා කරමින් සිටි විශාල සතෙකු අසළට පැමිණි විට ඔහු මෙසේ පැවසීය: 'අද දින ඉන්ද්රජාලිකයා උතුම් ද එසේ නැතහොත් ආගමික විද්වතා දැ?යි මම දැන ගනිමි.' පසුව ගලක් ගෙන, 'අහෝ දෙවිඳුනි, ආගමික විද්වතාගේ විෂය ඉන්ද්රජාලිකයාගේ විෂයට වඩා ඔබ වෙත ප්රියමනාප නම්, ජනතාවට ගමන් කළ හැකි පරිදි මෙමගින් මෙම සත්වයා මරා දමන්නැ'යි පවසා එය වීසි කළේය. එවිට ඌ මැරී වැටුණි. ජනතාව ද නිදහසේ ගමන් කරන්නට විය. පසුව ආගමික විද්වතා වෙත පැමිණ, ඒ ගැන දන්වා සිටියේය. එවිට ආගමික විද්වතා ඔහුට: 'අහෝ දරුව! අද දින ඔබ මට වඩා උතුම් ය. මා දකින දෑ ඔබේ විෂය තුළින් ලබා ඇත. සැබැවින්ම ඔබ පරීක්ෂණයට ලක්වනු ඇත. එසේ ඔබ පරීක්ෂණයට ලක් වූයේ නම්, මා පෙන්වා නො දෙන්න.' එම කොළුවා අන්ධයින් හා ලාදුරු රෝගීන් සුව කරන්නට විය. අනෙකුත් ලෙඩ රෝග සඳහා ඔහු මිනිසුනට ප්රතිකාර කළේය. රජුගේ අන්ධ සභිකයකු මෙය අසා ඔහු වෙත විශාල වශයෙන් තෑගිභෝග රැගෙනවිත් මෙසේ පවසා සිටියේය: 'ඔබ මා සුව කළෙහි නම්, මේ රැස්කර ඇති දෑ ඔබට ය.' එවිට ඔහු, 'මම කිසිවෙකු සුව නොකරමි. සැබැවින්ම සුව කරන්නේ අල්ලාහ් ය. එහෙයින් ඔබ අල්ලාහ්ව විශ්වාස කළෙහි නම්, මම අල්ලාහ්ගෙන් ප්රාර්ථනා කරන්නම්. ඔහු ඔබට සුවය දෙනු ඇත.' පසුව ඔහු අල්ලාහ්ව විශ්වාස කළේය. අල්ලාහ් ඔහුට සුවය දුන්නේය. පසුව ඔහු රජු අසළට පැමිණ ඔහු වාඩි වන පරිදිම ඔහු ළඟ අසුන් ගත්තේය. එවිට රජු ඔහුට මෙසේ පැවසීය. 'ඔබේ බැල්ම ඔබට නැවත දුන්නේ කවු ද?' ඔහු: 'මාගේ පරමාධිපතියාණන්' යැයි පැවසීය. ඔහු: 'ඔබට මා හැර වෙනත් අධිපති කෙනෙකු සිටිත් ද?' යැයි විමසීය. ඔහු: 'මගේ පරමාධිපතියාණන් හා ඔබේ පරමාධිපති යාණන් අල්ලාහ්ය.' යැයි පැවසීය. එවිට ඔහු ඔහුව අල්ලාගෙන කොළු ගැටයා පෙන්වා දෙන තෙක් ඔහුට දඬුවම් කරන්නට ගත්හ. පසුව කොළු ගැටයා ගෙන එන ලදී. එවිට රජු ඔහුට: 'දරුව! අන්ධයින් හා ළාඳුරු රෝගීන් සුව කරන තරම් ඔබ හූනියම ගැන දැනුම ලැබුවෙහි ද? ඔබ මේ මේ දේවල් සිදු කර ඇත්තෙහිය.' යැයි විමසීය. එවිට ඔහු: 'මම කිසිවකු සුව කරන්නේ නැත. සැබැවින්ම සුව කරන්නා අල්ලාහ්ය.' යැය පැවසුවේය. පසුව ඔහු අල්ලාගෙන ආගමික විද්වතා පෙන්වා දෙන තෙක්ම දඬුවම් කළේය. පසුව ආගමික විද්වතා කැඳවාගෙන පැමිණ ඔහුට 'ඔබේ දහමින් හැරෙන්න' යැයි පවසන ලදී. එවිට ඔහු ප්රතික්ෂේප කළේය. පසුව කියතක් ගෙන්වා, ඔහුගේ හිස මැද කියත තබා කොටස් දෙකකට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව රජුගේ සභිකයා ගෙන්වා ඔහුට: 'ඔබේ දහමින් හැරෙනු' යැයි පවසනු ලැබූ විට ඔහු ද එය පිටුපෑවේය. පසුව ඔහුගේ හිස මැදින් ද කියත තබා දෙපැත්තට වෙන්ව වැටෙන තෙක් ඉරා දැමුවේය. පසුව කොළු ගැටයා ගෙන්වා ඔහුට 'ඔබේ දහමින් හැරෙනු' යැයි පැවසූ විට ඔහු ද පිටුපෑවේය. පසුව ඔහුගේ සේවකයින් පිරිසකට ඔහුව භාර දී මෙසේ පැවසීය: 'නුඹලා මොහු මේ කන්ද දෙසට ගෙන ගොස් ඔහු සමගම එම කන්දට නැග එහි මුදුණට නුඹලා ලඟා වූ විට, ඔහු ඔහුගේ දහමින් හැරුණේ නම් එසේය. එසේ නොමැති නම්, ඔහුව පහළට විසි කර දමන්න.' පසුව ඔහුව කැටුවාගෙන ඔවුහු එම කන්දට නැග්ගෝය. එවිට ඔහු: 'අහෝ දෙවියනි! ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න.' යැය කීය. එවිට කන්ද ඔවුන් සමග කම්පනය වන්නට ගත්තේය. ඔවුහු ඇද වැටුණෝය. ඔහු ඇවිදිමින් රජු වෙතට පැමිණියේය. එවිට රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදුවූයේ ද?' යැයි විමසීය. එවිට ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි පැවසීය. පසුව ඔහුගේ තවත් සේවක පිරිසකට ඔහුව භාර දී 'ඔහුව කුඩා නැවක නංවාගෙන මුහුද මැදට ඔහුව ගෙන යන්න. ඔහු දහමින් නැවත හැරුණේ නම් එසේය, එසේ නැතහොත් හෙළා දමන්න.' යැයි අණ කළේය. පසුව ඔවුහු ඔහුව රැගෙන ගියෝය. ඔහු: 'දෙවිඳුනි, ඔබ කැමති නම් ඔවුන්ගෙන් මා ආරක්ෂා කරන්න' යැයි පැවසීය. පසුව නැව ඔවුන් සමගම පෙරළී ගොස් ඔවුහු ගිලුණෝය. පසුව ඔහු රජු වෙතට ඇවිදිමින් ආවේය. රජු ඔහුට: 'ඔබ සමග ගිය සගයින්ට කුමක් සිදු වූයේ ද?' යැයි විමසුවේය. ඔහු: 'අල්ලාහ් මා ඔවුන්ගෙන් ආරක්ෂා කළේය.' යැයි කීය. පසුව ඔහු රජුට: 'සැබැවින්ම මා ඔබට නියෝග කරන පරිදි ඔබ සිදු කරන තෙක් ඔබ මා ඝාතනය කළ නොහැක.් යැයි කීය. ඔහු: 'ඒ කුමක් ද' යැයි විමසීය. ඔහු: 'ඔබ එක් උස් ස්ථානයකට ජනතාව කැඳවා, කඳක මා ගැට ගසා, පසුව මාගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව එම හීය දුන්න මැද තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපති යාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව මට විදින්න. එසේ ඔබ සිදු කළ විට, ඔබට මා ඝාතනය කළ හැක 'යැයි පැවසීය. පසුව උස් තැනකට ජනතාව එක්රැස් කර, කඳක ඔහු බැඳ, පසුව ඔහුගේ කොපුවෙන් හීයක් ගෙන, පසුව දුන්න මැද එය තබා, පසුව 'බිස්මිල්ලාහි රබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතියාණන්ගේ නාමයෙන්) යනුවෙන් පවසා, පසුව විද්දේය. ඔහුගේ නළලට හී සැර වැදුණේය. ඔහු, අත හීය වැඳුනු ස්ථානයේ නළල මත තබා ගනිමින් මිය ගියේය. එවිට මිනිසුන්: 'ආමන්නා බිරබ්බිල් ගුලාම්, ආමන්නා බිරබ්බිල් ගුලාම්,'ආමන්නා බිරබ්බිල් ගුලාම්' (මෙම කොළුවාගේ පරමාධිපතිව අපි විශ්වාස කළෙමු යැයි තුන්වරක්) පැවසුවෝය. පසුව රජු ගෙන්වා ඔහුට මෙසේ පවසන ලදී. "ඔබ කවර කරුණක් ගැන ප්රවේසමෙන් සිටියේ ද එය ඔබ දුටුවෙහි ද? සැබැවින්ම අල්ලාහ් මත දිවුරා, ඔබ බිය වූ දෑ ඔබට පහළ වී ඇත. සැබැවින්ම මිනිසුන් විශ්වාස කළෝය.' පසුව වීදි අතර වලවල් හාරන්නට නියෝග කළේය. පසුව වළවල් හාරන ලදී. තවද ගිනි අවුලන්නට විය. තවද හෙතෙම මෙසේ පැවසීය: 'කවරෙකු ඔහුගේ දහමින් බැහැර නොවූයේ ද ඔහුව එහි පුළුස්සා දමන්න. එසේ නැතහොත් හෙළා දමන්න.' අවසානයේ කාන්තාවකගේ අවස්ථාව පැමිණෙන තෙක්ම ඔවුහු එසේ සිදු කළෝය. ඇය සමග බිළිඳෙකු විය. ඇය එහි වැටෙන්නට අදිමදි කළාය. එවිට බිළිඳා ඇයට: 'මෑණියනි! ඔබ ඉවසන්න. සැබැවින්ම ඔබ සිටින්නේ සත්යය මතය.' යැයි කීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“මිනිසාගෙන් වූ සෑම පුරුකකටම හිරු උදාවන සෑම දිනකම ඒ සඳහා දිය යුතු දානයක් ඇත දෙදෙනෙකු අතර සමතය කිරීම දානයකි. මිනිසකුට තම වාහනයේ ඔහුව නංවාගෙන හෝ ඒ මත ඔහුගේ බඩුබාහිරාදිය පටවා ගෙන හෝ ඔහුට ප්රවාහන පහසුකම් සැලසීම ද දානයකි. ප්රිය වචනය ද දානයකි. සලාතය වෙත ගමන් කරන සෑම පියවරක්ම දානයකි. මාර්ගයේ ඇති හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අබූ තාලිබ්ට මරණය ළඟා වූ කල්හි, අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔහු වෙත පැමිණියේය. ඔහු අසල අබ්දුල්ලාහ් ඉබ්නු අබූ උමය්යා හා අබූ ජහ්ල් සිටිනු දුටුහ. එවිට එතුමා ඔහුට: “මාගේ මහප්පාණනි, අල්ලාහ් අබියස ඔබ වෙනුවෙන් මා කතා කළ හැකි පරිදි ඔබ ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ -නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත’ යැයි පවසන්න.” යැයි කීහ. එවිට අබූ ජහල් සහ අබ්දුල්ලාහ් ඉබ්නු අබී උමය්යා: ‘ඔබ අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙතින් ඉවත් වීමට අපේක්ෂා කරන්නෙහි ද?' යැයි විමසූහ. නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා නැවතත් එතුමාට ඇරයුම් කළේය. ඔවුන් දෙදෙනාද එම ප්රකාශයම නැවත නැවතත් පැවසූහ. අවසානයේ අබ්දුල් මුත්තලිබ් ඔවුන්ගේ ප්රකාශයම පවසා සිටියේය. එනම් තමන් අබ්දුල් මුත්තලිබ්ගේ පිළිවෙත මත සිටින බවය. ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු’ යැයි පැවසීමට ඔහු ප්රතික්ෂේප කළේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා ඔබ ගැන මා නො වළක්වන තාක්කල් සැබැවින්ම මම ඔබට සමාව අයැද සිටින්නෙමි. එවිට අල්ලාහ් මෙම පාඨය පහළ කළේය. “නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාස කරන්නන්ට සුදුසු නොවීය.” (අත්-තව්බා: 113) එමෙන්ම අබූ තාලිබ් තුමා විෂයයෙහි අල්ලාහ් මෙසේ පහළ කළේය. “නියත වශයෙන්ම ඔබ ප්රිය කළ අයට ඔබට මග පෙන්විය නො හැකිය. එනමුත් අල්ලාහ් ඔහු අභිමත කරන අයට මග පෙන්වයි. තවද ඔහු යහමග ලැබූවන් පිළිබඳ මැනවින් දන්නාය." (අල්-කසස්: 56)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
හිරු උදාවන සෑම දිනකම මිනිසාගේ සෑම සන්ධියක් සඳහාම දානයක් විය යුතුය. දෙදෙනකු අතර සමතයට පත් කිරීම දානයකි. මිනිසෙක් තම වාහනයේ නංවාගෙන හෝ ඔහුගේ බඩු බාහිරාදිය ඒ මත පටවාගෙන ගොස් ඔහුට උපකාර කිරීම දානයකි. දැහැමි වචනය දානයකි. සලාතය වෙත ගමන් කරමින් එහි තබන සෑම පියවරක්ම දානයකි. මාර්ගයෙන් හානිදායක දෑ ඉවත් කිරීම ද දානයකි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමීය. පසුව ඔහු ඔවුනට: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ ඔවුන් පසුපස හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් "මුත්තලිබ්ගේ පුතුනි!" යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට පිළිතුරු දෙමි" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්රශ්න කර සිටිමි. ප්රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි කීහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. සියලු මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියෙ ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව එම මිනිසා: ඔබ කවර කරුණක් ගෙන ආවේ ද එය මම විශ්වාස කළෙමි. මම මාගේ ප්රජාව විසින් එවනු ලැබූ දූතයා වෙමි. මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.