Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 20 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කවරෙකු අල්ලාහ්ට කිසිවක් ආදේශ නොකරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු ස්වර්ග උයනට පිවිසෙයි. කවරෙකු ඔහුට ආදේශ කරන තත්ත්වයේ ඔහුව මුණ ගැසෙන්නේ ද ඔහු අපා ගින්නට පිිසෙයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"ස්වර්ගයේ ඔබ අතුරින් කෙනෙකුට හිමි අවම නිලය වනුයේ: ඔබ පතනු" යැයි ඔහුට කියනු ලැබෙයි. එවිට ඔහු පතයි. නැවතත් පතයි. එවිට "ඔබ පැතුවෙහිදැ?" යි විමසයි. එවිට ඔහු: "එසේය" යැයි පවසයි. එවිට ඔහුට: "ඔබ පැතූ දෑ ද ඒ සමගම ඒ හා සමාන දෙයක් ද ඔබට හිමිය" යැයි පවසනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ අබූ සඊද්, කවරෙකු අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයාණන් ලෙසත් පිළිගත්තේ ද ඔහුට ස්වර්ගය නියම විය." ඒ ගැන අබූ සඊද් තුමා පුදුමයට පත් ව මෙසේ පැවසූහ. "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය නැවත මා වෙත පවසන්න." එවිට එතුමාණෝ එසේ සිදු කර පසුව මෙසේ පැවසූහ. "ස්වර්ගයේ තරාතිරම් සියයක් උසස් කරනු ලබන තවත් කරුණක් ඇත. ඒ සෑම තරාතිරම් දෙකක් අතර ඇති දෑ අහස හා මහපොළොව අතර ඇති දෑ හා සමානය." "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එය කුමක් දැ?"යි විමසා සිටියේය. එතුමාණෝ: "අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම, අල්ලාහ්ගේ මාර්ගයේ ජිහාද් කිරීම" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ස්වර්ගවාසීහු ස්වර්ගයට පිවිසෙන විට අති උත්කෘෂ්ඨ, උත්තරීතර අල්ලාහ්: “මම නුඹලාට යමක් අමතරව දීම නුඹලා ප්‍රිය කරන්නෙහු ද?”යැයි විමසයි. එවිට, ඔවුහු: “අපගේ මුහුණු ඔබ සුදුවන් නොකළෙහි ද? අපව ස්වර්ගයට ඇතුළත් නොකළෙහි ද? අපව අපා ගින්නෙන් මුදවා නොගත්තෙහි ද?" යැයි පවසති. පසුව ඔහු තිරය ඉවත් කරයි. ඔවුනට දෙනු ලැබූ කිසිවක්, ඔවුන්ගේ පරමාධිපති දෙස බැලීමට වඩා ඔවුනට ප්‍රිය මනාප නොවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම ස්වර්ගයේ වෙළඳ පොළක් ඇත. සෑම සිකුරාදා දිනකම ඔවුහු එහි පැමිණෙති. උතුරු දෙසින් සුළඟක් හමා ඇවිත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ඇඳුම්වල හමයි. එවිට ඔවුන් අලංකාරයෙන් හා පැහැපත් බවින් වැඩි වෙයි. පසුව ඔවුන් අලංකාරය හා පැහැපත් බව වර්ධනය වූ තත්ත්වයේ ඔවුන්ගේ පවුල් වෙත හැරී යති. ඔවුන්ගේ පවුලේ උදවිය ඔවුනට මෙසේ පවසති: අල්ලාහ් මත දිවුරා පවසමු, සැබැවින්ම අපෙන් ඔබ වෙන්ව ගිය පසුව අලංකාරයෙන් හා පැහැපත් බවින් ඔබ වර්ධනය වී ඇත. එවිට ඔවුහු ද: අල්ලාහ් මත දිවුරා පවසමු, ඔබ ද අප ගිය පසු අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත යැයි පවසා සිටිති.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කිසිවිටෙක මා දැක නැති නිරාවාසීන් අතරින් කණ්ඩායම් දෙකක් වෙති. හරක් වලිග මෙන් කස අතැතිව සිටින පිරිස්, ඔවුන් ඒවායින් ජනයාට පහර දෙති. අනෙක වස්ත්‍රයෙන් ආවරණය කළ ද නිරුවත්, නොමඟ වෙත කැඳවන, නොමග වෙත නැඹුරුව සිටින කාන්තාවෝය. ඔවුන්ගේ හිස් 'බුක්ත්' වර් ගයේ ඔටු මොල්ලි මෙන් පවතී. ඔවුන් ස්වර්ගයට පිවිසෙන්නේ නැත. එහි සුවඳ ලබන්නේ ද නැත. සැබැවින්ම එහි සුවඳ මේ මේ තරම් දුරින් ලබනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත." (වාර්තාකරු) මෙසේ පැවසීය. "මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත." තව දුරටත් මෙසේ පැවසීය. "ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. ඔවුන් කෙඳිරි ගාන්නට පටන් ගත්හ." තවදුරටත් මෙසේ පවසන ලදී. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?"යි විමසා සිටියේය. "ඔබේ පියා මේ තැනැත්තා ය යැයි පැවසීය." පසුව "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" යන (සූරා අල්-මාඉදා: 101) පාඨය පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි." අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් (අස්-සජදා: 17 වැනි පාඨය) කියවන්න. එනම්: "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.