Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 7 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිනක් මින්බර් වේදිකාව මත වාඩි වී සිටියහ. අප ද එතුමාණන් අවට වාඩි වී සිටියෙමු. එවිට එතුමාණෝ: “සැබැවින්ම මගෙන් පසුව ඔබලා කෙරෙහි මා බියවන කරුණ නම්, මෙලොව චමත්කාරය හා එහි අලංකාරය නුඹලා වෙත විවෘත කරනු ලැබීමය.” යැයි පැවසූහ. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! යහපත අයහපත ගෙන දෙයි ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිහඬ වූහ. 'එවිට ඔබට කුමක් වීද? ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග කතා කළ නමුත් එතුමාණන් ඔබ සමග කතා නොකරයි.' යැයි ඔහුට පවසන ලදී. 'සැබැවින්ම එතුමාණන් වෙත වහී පහළ වනු ඇතැයි අපි දැන ගත්තෙමු.' පසුව එතුමාණෝ දහඩිය පිසදමා "ප්‍රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?"යි විමසා සිටියහ. එතුමා ඔහුව ප්‍රශංසා කරන්නට විය. එවිට එතුමාණෝ: සැබැවින්ම "යහපත කිසිවිටෙක අයහපතක් ගෙන එන්නේ නැත. (එයට උපමාවක් නම්) වසන්ත කාලයේ හටගන්නා ශාකවලින් සතුන් මරා දමන දෑ ද එසේ නැතහොත් මාරාන්තික වේදනාවට ලක් කරන දෑ ද ඇත. හරිත තණකොළ පමණක් ආහාරයට ගත් සතුන් හැර. ඒ සතුන් උදරයේ දෙපැත්ත නෙරා යන තරමට අනුභව කර හිරුට නිරාවරණය වී ඌ මළ මූත්‍රා කරයි. නැවතත් එය එලෙස සිදු කරයි. මෙම ධනය ද හරිත හා මිහිරිය. මුස්ලිම්වරයකු තමන් විසින් දුගියාට අනාතයාට මගියාට පිරිනමන දෑ යහපත් විය. -එසේ නැතහොත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්‍රකාශ කළා සේය.- එනම් කවුරුන් හෝ එය අසාධාරණ ලෙස ලබා ගන්නේ නම්, එය තමන් අනුභව කරන නමුත් කුස නොපිරුණු අයකු මෙන් වේ. මළවුන් කෙරෙන් නැවත නැඟිටවනු ලබන දිනයේ එය ඔහුට විරුද්ධව සාක්ෂි දරනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ දෙවිඳුනි! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත. අන්සාර්වරුන්ට හා මුහාජිර්වරුන්ට ඔබ සමාව දෙනු මැනව!"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මට යමක් පිරිනමන මෙන් ඉල්ලා සිටියෙමි. එතුමාණෝ මට දුන්හ. නැවතත් ඉල්ලා සිටියෙමි. එවිට ද දුන්හ. පසුව මා අමතා: අහෝ හකීම්! නියත වශයෙන්ම මෙම වස්තූන් සාරවත් හා මිහිරිය. නමුත් කවරෙකු එය ආශාවෙන් තොරව ලබාගන්නේද එයින් ඔහුට සමෘද්ධිය ඇති වේ. කවරෙක් එය කෑදර කමින් ලබා ගන්නේද එයින් ඔහුට සමෘධිය ඇති නොවේ. එවිට ඔහු ආහාර අනුභව කළ ද කුස නොපිරැණු කෙනෙකු මෙන් වන්නේය. ඉහළ තිබෙන අත පහළ තිබෙන අතට වඩා උසස් වේ" යැයි පැවසූහ. පසුව හකීම්, "මම මෙසේ පැවසුවෙමි. 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඔබ සත්‍යය සමග එවූ අය මත දිවුරා පවසමි. ඔබ තුමාගෙන් පසුව මම මෙලොවින් සමුගන්නා තුරු කිසිවෙකුගෙන් කිසිවෙක් නොඉල්ලමී' යැයි පැවසීය. පසු කාලීනව අබූබක්කර් (රළියල්ලාහු අන්හු) තුමා පොදු භාණ්ඩාගාරයෙන් හකීම් (රලියල්ලාහු අන්හු) තුමාට දීමනාවක් දීම සදහා කැදවූව ද ඔහු ඉන් කිසිවක් ලබා ගැනීම ප්‍රතික්ෂේප කළේය. ඉන් පසු උමර් (රලියල්ලාහු අන්හු) තුමා ඔහුට යම් දීමනාවක් දෙන්නට ඇරයුම් කළේය. එවිට ද එය පිළිගන්නට හෙතෙම ප්‍රතික්ෂේප කළේය. එවිට එතුමා මෙසේ පවසා සිටියහ: 'අහෝ මුස්ලිම්වරුනි! සටන් නොකර ලබා ගත් මෙම වස්තූවේ අල්ලාහ් තීරණය කළ හකීම්ගේ කොටස මා ලබා දීමට ඉදිරිපත් වුණෙමී. එවිට ඔහු එය බාරගැනීමට ප්‍රතික්ෂේප කර ඇත. (මෙයට ඔබලා සාක්ෂි දරන්න) යැයි පැවසුවේය. හකීම් (රලියල්ලාහු අන්හු) තුමා නබි තුමාණන්ගෙන් පසුව තමන් මිය යන තෙක්ම අන් අයෙගන් කිසිවක් ලබා නොගත්තේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම ජනයා කිසිදු යුක්තියකින් තොරව අල්ලාහ්ගේ සම්පත් අතර ගනුදෙනු කරති. එහෙයින් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අපා ගින්න ඔවුනට හිමිය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඇඳ ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය." මුස්ලිම් තුමා සතු වාර් තාවක: "අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හාන්සි වූ කොට්ටය ඉඳි කෙඳි වලින් පිර වූ සමකින් සාදන ලද්දක් විය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.