Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) වෙත මිනිසෙකු පැමිණ, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! මාගේ ධනය පැහැර ගැනීමේ අපේක්ෂාවෙන් මිනිසෙකු පැමිණියේ නම් ඒ ගැන ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එතුමා, "ඔබ ඔබේ ධනය ඔහුට නොදිය යුතුයි." යැයි පැවසූහ. ඔහු, "මා සමග අරගල කරන්නට වූයේ නම්, ඔබ කුමක් සිතන්නෙහිද?" යැයි විමසීය. එතුමා, "ඔබ ද ඔහු සමග අරගල කළ යුතුයි" යැයි කීහ. "ඔහු මා මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි විමසීය. එවිට, "ඔබ ෂහීද් හෙවත් අල්ලාහ් වෙනුවෙන් දිවි පිදූ අයකු මෙන් වේ" යැයි පැවසූහ. මම ඔහු මරා දැමුවේ නම් ඔබ කුමක් සිතන්නෙහි ද?" යැයි ඔහු විමසුවේය. "ඔහු නිරයට අයත් කෙනෙකු වේ" යැයි එතුමාණෝ පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මාගේ සමූහයේ සියලු දෙනා නොසලකා හරිනු ලැබුවෝය. නමුත් ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර. එසේ ප්‍රසිද්ධියට පත්කර ගන්නන් අතරින් කරුණක් නම්, මිනිසෙකු රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කරයි. පසුව උදෑසන අවදි වෙයි. සැබැවින්ම අල්ලාහ් එය වසන් කළේය. නමුත් ඔහු: "අහෝ මිනිස! රාත්‍රී කාලයේ මා මේ මේ කටයුතු සිදු කළෙමි යැයි පවසයි. ඔහුගේ පරමාධිපති එය වසන් කර තිබුණි. නමුත් ඔහු අවදි වී ඔහු ගැන අල්ලාහ් වසන් කළ දෑ හෙළි කරන්නට විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"කවරෙකු කන්දෙන් පැන සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී නිරන්තරයෙන්ම එසේ පණිමින් සිටියි. කවරෙකු වස පානය කර සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලික ලෙස අපා ගින්නට වී, ඔහුගේ අතට වස දෙනු ලැබ, ඔහු එසේ නිරන්තරයෙන්ම වස බොමින් සිටියි. කවරෙකු යකඩයකින් සිය දිවි හානි කර ගත්තේ ද ඔහු සදාකාලිකව අපා ගින්නට වී ඔහුගේ අතට එම යකඩය දෙනු ලැබ, ඔහු නිරන්තරයෙන්ම ඔහුගේ කුසට එමගින් ඇණ ගනිමින් සිටියි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.