Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 19 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. පුද්ගලයකුට ඔහු පතන දෑ ඇත. එබැවින් කවරෙකුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යෑම මෙලොව හිමි කර ගැනීම සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත." බුහාරි හි සඳහන් තවත් ප්‍රකාශයක: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. එම මාර්ගය දෙපස බිත්ති දෙකකි. ඒ දෙක අතර විවෘත වූ දොරවල්ය. එම දොරවල් මත එල්ලෙමින් පවතින තිරය. එම මාර්ගයේ දොරටුව මත සිටින ඇරයුම් කරන්නෙක්: "අහෝ මිනිසුනි! ඔබ සැවොම මාර්ගයට පිවිසෙන්න. අක්‍රමවත් ලෙස ගමන් නොකරන්න." යැයි පවසයි. තවත් ඇරයුම් කරන්නෙක් මාර්ගයට උඩින් සිට, යමෙක් දොරටුවලින් එකක් විවෘත කරන්නට සිතු විට, "ඔබ මෙය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කළේ නම්, එහි ඔබ පිවිසෙනු ඇත." යැයි පවසයි. එම මාර්ගය ඉස්ලාමයයි. බිත්ති දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. විවෘත කරනු ලැබූ දොරටු අල්ලාහ් තහනම් කළ දෑය. මාර්ගයට මුඳුනින් සිට අමතන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. පාලමට ඉහළින් සිට අමතන්නා සෑම මුස්ලිම්වරයකුගේම හදවත තුළ ඇති අල්ලාහ්ගේ උපදෙස්කරුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.