Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 3 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකු වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.