Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 2 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

ෆාතිමා (රළියල්ලාහු අන්හා) තුමිය නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ ඇඹරුම් ගල හේතුවෙන් ඇගේ අතෙහි හට ‌ගෙන තිබූ වේදනාව සම්බන්ධයෙන් පැමිණිලි කර තිබුණි. එතුමාණන් වෙත වහලුන් ගෙනැවිත් ඇති බව ඇයට දැනගන්නට ලැබුණ ද එතුමාණන්ව මුණ ගැසෙන්නට ඇයට ලැබුණේ නැත. පසුව ඇය ඒ ගැන ආඉෂා (රළියල්ලාහු අන්හා) තුමියට මතක් කර සිටියාය. එතුමාණන් පැමිණි විට ආඉෂා තුමිය ඒ ගැන එතුමාණන්ට දන්වා සිටියා ය. තවදුරටත් ඔහු මෙසේ ප්‍රකාශ කර සිටියේය. "අපි නිදියහයනට පැමිණ සිටිය දී එතුමාණෝ අප වෙත පැමිණියහ. අප ද නැගිටින්නට ගියෙමු. පසුව එතුමාණෝ මෙසේ පවසා සිටියහ. "ඔබ දෙපල ඉන්න තැනම ඉන්න." පසුව එතුමාණෝ පැමිණ මා හා ඇය අතර වාඩි වූහ. එතුමාණන්ගේ පාද දෙකෙහි සීතළ මාගේ කුසට දැනෙන තරමට විය. එවිට එතුමාණෝ "ඔබ දෙපළ ඉල්ලා සිටින දෑට වඩා ශ්‍රේෂ්ට යමක් මා ඔබ දෙපළට දන්වා සිටින්නදැ?"යි විමසා සිටියහ. "එසේ නම් ඔබ දෙපළ ඔබ දෙපළගේ නිදියහනට පැමිණි විට, තිස්තුන් වරක් (සුබ්හානල්ලාහ් යනුවෙන්) තස්බීහ් පවසන්න. තිස්තුන් වරක් (අල්හම්දු ලිල්ලාහ් යනුවෙන්) තහ්මීද් පවසන්න. තිස්තුන් වරක් (අල්ලාහු අක්බර් යනුවෙන්) තක්බීර් පවසන්න. සේවකයකුට වඩා එය ඔබ දෙපළට උතුම් වේ." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටියෙමි. මිනිසුන් දෙදෙනෙකු එකිනෙකාට බැණ වදිමින් සිටියෝය. ඔවුන් දෙදෙනාගෙන් එක් අයකුගේ මුහුණ රතු වී තිබිණ. ඔහුගේ ගෙල නහර ද පිම්ඹී තිබිණ. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): "සැබැවින්ම මම වදනක් දනිමි. එය පැවසුවේ නම් අත් ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත. ඔහු ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ (හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව මම අල්ලාහ්ගෙන් පතමි.) යැයි පැවසුවේ නම් ඔහුට අත්ව ඇති දෑ ඔහුගෙන් පහව යනු ඇත.” යැයි පැවසූහ. පසුව ඔවුහු ඔහුට: සැබැවින්ම ඔබ ‘අඌදු බිල්ලාහි මිනෂ් ෂෙයිතානිර් රජීම්’ හෙළා දමන ලද ෂෙයිතාන්ගෙන් සිට ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන මෙන් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් පවසා සිටි බව සැළ කර සිටියෝය. එවිට ඔහු 'මට පිස්සු හැදී ඇත්තේ ද? යැයි පවසා සිටි බවත් සඳහන් වී ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.