Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 40 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
පිරිසිදුකම විශ්වාසයේ අඩකි. "අල්හම්දු ලිල්ලාහ්" (සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශය තුලාව පුරවාලයි. "සුබ්හානල්ලාහි, වල් හම්දුලිල්ලාහි" (අල්ලාහ් සුවිශුද්ධය, සියලු ප්‍රශංසා අල්ලාහ් සතුය) යන ප්‍රකාශ දෙක අහස් හා පොළොව අතර ඇති දෑ පුරවාලයි. සලාතය ආලෝකයකි. දානය සාක්ෂියකි. ඉවසීම ප්‍රභාවකි. කුර්ආනය ඔබට පක්ෂව හෝ ඔබට විපක්ෂව පිහිටයි. සියලුම මිනිසුන් පිටව ගොස් තම ආත්මය විකුණයි. එහෙයින්, ඔහු එය නිදහස් කර ගනිත්වා එසේ නැතහොත් විනාශ කර ගනිත්වා!"
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මිනිසා තම කුසට වඩා නරක ලෙස පුරවන වෙනත් කිසිදු භාජනයක් නැත. ආදම්ගේ පුත්‍රයා තම කොඳු ඇට පෙළ ඍජුව තබා ගන්නා තරමට අනුභව කිරීම ප්‍රමාණවත්ය. එය නොවැළැක්විය හැකි නම්, තුනෙන් එකක් ආහාර සඳහා ද තුනෙන් එකක් බීම සඳහා ද ඉතිරි තුනෙන් එක ඔහුගේ හුස්ම සඳහා ද විය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අහ්මද්, තිර්මිදී, අන්නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ඔබට සැකය ඇති කරන දෑ ඔබට සැකය දුරු කරන දෑ වෙත අත්හැර දමන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"ඔබ වැදගත් කරුණක් පිළිබඳව විමසා ඇත. අල්ලාහ් කවරෙකුට පහසු කළේ ද ඔහුට එය පහසුය. ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නො කරන්න. සලාත් ඉටු කරන්න; සකාත් දෙන්න. රමළාන් මාසයේ උපවාසයේ යෙදෙන්න. දේව නිවසෙහි හජ් ඉටු කරන්න." පසුව මෙසේ ද ප්‍රකාශ කළහ: යහපතේ දොරටු පිළිබඳ මම ඔබට පෙන්වා දෙන්න ද? උපවාසය පළිහකි. ජලය ගින්න නිවා දමන්නාක් මෙන් දානය වැරදි මකා දමනු ඇත. මධ්‍යම රාත්‍රියේ මිනිසා ඉටු කරන සලාතය. පසුව මෙසේ පාරායන කර පෙන්වූහ. "තතජාෆා ජුනූබුහුම් අනිල් මලාජිඉ" සිට "බලග යඃමලූන්" දක්වා. පසුව එතුමාණෝ: "විෂය ශීර්ෂය එහි කුළුන හා එහි මුදුන් මුල ගැන මා ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. එවිට මම "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එතුමාණෝ: "විෂය ශීර්ෂය ඉස්ලාමයයි. එහි කුළුන සලාතයයි. එහි මුදුන් මුල ජිහාදයයි." යැයි පැවසූහ. පසුව එතුමාණෝ "ඒ සියල්ල හිමි කර දෙන මුඛ්‍ය කරුණ ගැන ඔබට දන්වන්න ද?" යැයි විමසූහ. මම: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ තම දිව අල්ලාගෙන "මෙය වළක්වා ගන්න" යැයි පැවසූහ. මම: "අල්ලාහ්ගේ නබිවරයාණනි, අපි කතා කරන දැයින් ග්‍රහණය කරනු ලබන්නෙම් ද? එවිට එතුමාණෝ: "ඔබේ මවට ඔබ අහිමි වේවා1! මිනිසුන් ඔවුන් මුණින් අතට -හෝ ඔවුන්ගේ නාසය මත- වැටෙන්න සළස්වන්නේ ඔවුන්ගේ දිවවල් සොයාගත් අස්වැන්න හැර වෙනත් කිසිවක් වන්නේ ද!" යැයි පැවසූහ. 1.සකිලත්ක උම්මුඛ. එහි වචනාර්ථය මෙහි ලබා දී ඇති නමුත් මෙම වාක්‍ය ඛණ්ඩය අරාබි භාෂාවෙන් භාවිතා කර ඇත්තේ "වැරදි සහ නිෂ්ඵල කතා නොකියන්න!" යන අර්ථය හඟවමිනි.
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“කිසිදු මුස්ලිම්වරයකුගේ රුධිරය හැළීම අනුමත නොවන්නේය. නමුත් කාමයේ වරදවා හැසිරුණු විවාහක තැනැත්තා, පණට පණ (ඝාතනය කිරීමෙන් මරණ දඬුවම) නියම වූ පුද්ගලයා සහ තම දහම අතහැර, සමාජය වෙන් කරන පුද්ගලයා යන තිදෙනාගෙන් කෙනෙකුගේ හැර."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.