عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (15)
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා පවතින්නේ ද ඔහු කුහකයකු වේ. ඒවා අතරින් එක් කරුණක් පමණක් පවතින්නේ ද, එය ඔහු අත් හරින තෙක් කුහකත්වයේ එක් කරුණක් ඔහු තුළ පවතී. ඔහු වනාහි: කතා කළ විට බොරු කියයි. පොරොන්දු දුන් විට කඩ කරයි. වාද කළ විට දුෂ්ටකම් කරයි. ගිවිස ගත් විට උල්ලංඝණය කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අපගේ කටයුතු අතරට එහි නොමැති නව කරුණු කවරෙකු විසින් ඇති කරන්නේ ද එය ප්රතික්ෂේප කරනු ලබන්නකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්රකාශ කර ඇත්තෙමි. තවද මාගේ ගැත්තෙකු මා ඔහුට නියම කර ඇති ආගමික යුතුකම් වලට වඩා මට ආදරය කරන කිසිවක් සමඟ මා වෙත ළං නොවේ. තවද මාගේ ගැත්තා මම ඔහුට ආදරය කරන තුරු නෆිල් (අමතර) ක්රියාවන් සමඟ මා වෙත ළං වෙමින් ම සිටී. මම ඔහුට ප්රේම කරන විට, මම ඔහු අසන ඔහුගේ ශ්රවණය, ඔහු දකින ඔහුගේ දෘෂ්ටිය, ඔහු අල්ලන ඔහුගේ අත සහ ඔහු ඇවිදින ඔහුගේ පාදය වෙමි. ඔහු මගෙන් (යමක්) ඉල්ලුවොත්, මම එය නිසැකවම ඔහුට දෙන්නෙමි; ඔහු මාගෙන් රැකවරණය පැතුවොත්, මම නිසැකවම ඔහුට රැකවරණය ලබා දෙන්නෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"දරු ප්රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මුල් කාලීන නබිවරුන්ගේ ප්රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට, ‘මට ඔබ උපදෙස් දෙනු මැනව!’ යැයි පවසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු” යැයි පැවසූහ. ඔහු එසේ කීප වරක් ම විමසා සිටියේය. එතුමාණෝ: “ඔබ කෝප නොවනු" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.