Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 20 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් යමන් දේශයට එතුමාව යැවූහ. එහි නිශ්පාදිත බීමක් සම්බන්ධයෙන් එතුමාණෝ ඔහුගෙන් විමසා සිටිමින් "මේ කුමක්දැ?"යි ඇසීය. එතුමා "අල්-බිත්උ, වල් මිද්ර්" යනුවෙන් පැවසීය. "බිත්උ" යනු කුමක්දැ?"යි අබූ බුර්දා තුමාගෙන් විමසන ලදී. එතුමා: "එය මී පැණි සාරයයි." 'මිද්ර්' යනු බාර්ලි සාරයයි. එවිට එතුමාණෝ මත්බව ඇති කරන සෑම දෙයක්ම තහනම්ය." යැයි පැවසූහ. (මෙය ඉමාම් බුහාරි තුමා විසින් වාර් තා කර ඇත.)
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා පවතින්නේ ද ඔහු කුහකයකු වේ. ඒවා අතරින් එක් කරුණක් පමණක් පවතින්නේ ද, එය ඔහු අත් හරින තෙක් කුහකත්වයේ එක් කරුණක් ඔහු තුළ පවතී. ඔහු වනාහි: කතා කළ විට බොරු කියයි. පොරොන්දු දුන් විට කඩ කරයි. වාද කළ විට දුෂ්ටකම් කරයි. ගිවිස ගත් විට උල්ලංඝණය කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අපගේ කටයුතු අතරට එහි නොමැති නව කරුණු කවරෙකු විසින් ඇති කරන්නේ ද එය ප්‍රතික්ෂේප කරනු ලබන්නකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සැබැවින්ම උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත. කවරෙකු හෝ මාගේ සමීපතයෙකුට සතුරුකම් කරන්නේ ද, මම ඔහුට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කර ඇත්තෙමි. තවද මාගේ ගැත්තෙකු මා ඔහුට නියම කර ඇති ආගමික යුතුකම් වලට වඩා මට ආදරය කරන කිසිවක් සමඟ මා වෙත ළං නොවේ. තවද මාගේ ගැත්තා මම ඔහුට ආදරය කරන තුරු නෆිල් (අමතර) ක්‍රියාවන් සමඟ මා වෙත ළං වෙමින් ම සිටී. මම ඔහුට ප්‍රේම කරන විට, මම ඔහු අසන ඔහුගේ ශ්‍රවණය, ඔහු දකින ඔහුගේ දෘෂ්ටිය, ඔහු අල්ලන ඔහුගේ අත සහ ඔහු ඇවිදින ඔහුගේ පාදය වෙමි. ඔහු මගෙන් (යමක්) ඉල්ලුවොත්, මම එය නිසැකවම ඔහුට දෙන්නෙමි; ඔහු මාගෙන් රැකවරණය පැතුවොත්, මම නිසැකවම ඔහුට රැකවරණය ලබා දෙන්නෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"දරු ප්‍රසූතිය (හේතුවෙන්) තහනම් කරන දෑ කිරි පෙවීම (හේතුවෙන්) ද තහනම් කරනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසුන් වාද කළ පමණින්, ඔවුනට දෙනු ලබන්නේ නම් ඇතැමුන් තවත් පිරිසකගේ වස්තු හා ඔවුන්ගේ ජීවිත වාද කර හිමි කර ගනු ඇත. නමුත් වාද කරන්නා මත පැහැදිලි සාක්ෂි තිබිය යුතු අතර ප්‍රතික්ෂේප කරන්නා මත දිවුරා සිටීම පැවරෙනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය බයිහකී ඇතුළු වෙනත් ඉමාම් වරු විසින් ද මෙසේ වාර්තා කොට ඇත, තවද මෙහි ඇතැම් කොටස් සහීහ් ග්‍රන්ථ දෙකෙහි ද සඳහන් වී ඇත.
“මුල් කාලීන නබිවරුන්ගේ ප්‍රකාශ අතරින් මිනිසා ලබා ගත් කරුණක් වනුයේ 'ඔබට ලැජ්ජ නොමැති නම්, ඔබ කැමති දෑ කරනු යන්නය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු යහපතම කතා කරත්වා! එසේ නැතහොත් නිහඬව සිටිත්වා. කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද, ඔහු තම අසල්වැසියාට ගරු කරත්වා! කවරෙකු අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන්නේද. ඔහු තම ආගන්තුකයාට සත්කාර කරත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.