عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (74)
සැබැවින්ම අල්ලාහ් දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකුට (ඔහුගේ) යහපත සම්බන්ධයෙන් කිසිදු අසාධාරණයක් සිදු නොකරයි. එය මෙලොවෙහි ඔහුට පිරිනමනු ලබන අතර මතුලොවෙහි ද ඒ සඳහා ප්රතිඵල පිරිනමනු ලැබේ. දේවත්වය ප්රතික්ෂේප කරන කාෆිර් වනාහි, ඔහු මෙලොවෙහි සිදු කළ යහපත් දෑ වෙනුවෙන් පෝෂණය කරනු ලැබේ. නමුත් මතුලොවෙදී ඒ සඳහා ප්රතිඵල පිරිනමන්නට තරම් යහපතක් එහි ඔහුට නොවනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්රියාවන් හා සමානව මා ක්රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්රිය කරමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ අවම දඬුවමක් ලබන අපාවාසීන් හට මෙසේ පවසා සිටියි: “සැබැවින්ම ඔබට මහපොළොවේ ඇති යමක් සතුව තිබුණේ නම්, එය වන්දි වශයෙන් පිරිනමන්නෙහි ද?” යැයි විමසයි. ඔහු එයට ‘එසේය’ යැයි පිළිතුරු දෙයි. ඔහු: ‘ඔබ ආදම්ගේ කොඳු නාරටියෙහි සිටියදී මීට වඩා පහසු දෙයක් මම ඔබෙන් ඉල්ලුවෙමි. එනම් ඔබ මට ආදේශ නො කිරීමය. නමුත් ඔබ මට ආදේශ කිරීම හැර අනෙකුත් දෑහි පිටුපෑවෙහිය.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ගමනක දී මුආද් (රළියල්ලාහු අන්හු) තුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ පසුපසින් වාහනයේ යමින් සිටිය දී එතුමා මෙසේ පැවසීය: ‘අහෝ මුආද්!' ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. එතුමා නැවතත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. තුන්වන වරටත් ‘අහෝ මුආද්!’ යැයි පැවසූ විට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ඔබට මාගේ ප්රතිචාරය, ඔබට මාගේ උපහාරය’ යැයි පැවසීය. පසුව එතුමා මෙසේ පැවසූහ. “කවර හෝ ගැත්තකු ‘ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅන්න මුහම්මදන් රසූලුල්ලාහ්’ - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියකු නැත. සැබැවින්ම මුහම්මද් ඔහුගේ දූතයා වේ - යැයි තම හදවතින්ම අවංක ලෙස සාක්ෂි දරන්නේ ද අල්ලාහ් ඔහුට අපා ගින්න තහනම් කරනු මිස වෙනෙකක් නොවනු ඇත. එවිට ඔහු: ‘අල්ලාහ්ගේ දූතයාණනි! ජනතාවට සතුට ගෙන දෙනු පිණිස මෙය ඔවුනට මා දන්වා සිටිය යුතු නොවේ ද?' යැයි විමසා සිටියේය. එවිට සල්ලල්ලාහු අලයිහි වසල්ලම් තුමා: ‘නැත! ඔවුන් ඒ මතම (පමණක්) සිටිනු ඇතැයි' පැවසූහ. පසු ව මුආද් (රළියල්ලාහු අන්හු) තුමා තම අවසන් කාලයේ, දැනුම සැගවීමේ පාපයට බියෙන් එය දන්වා සිටියේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ආසාදනය හෝ අශුභවාදය නැත. නමුත් සුභවාදය මා සතුටු කරවයි. සුභවාදය කුමක්දැයි ඔවුහු විමසුවෝය. ‘දැහැමි වචනය’ යැයි එතුමාණෝ පැවසූහ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අපගේ සලාතය ඉටු කරන, අපගේ කිබ්ලා දෙසට මුහුණ ලා සිටින සහ අප විසින් කැපූ මස් අනුභව කරන ඕනෑම අයෙකු, අල්ලාහ්ගේ ගිවිසුම සහ ඔහුගේ දූතයාණන්ගේ ගිවිසුම සතු වූ මුස්ලිම්වරයකු වේ. එබැවින් අල්ලාහ්ගේ ගිවිසුම කඩ නොකරන්න."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
අපි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග වාඩි වී සිටිය දී, ඔටුවකු මත නැග ආ මිනිසෙක් මස්ජිදයට පිවිස එහි ඌ දණ ගස්වා උගේ පාද ගැට ගසා දැමීය. පසුව ඔහු ඔවුනට: "නුඹලා අතර මුහම්මද් කවුදැ?"යි විමසා සිටියේය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සිටියේ ඔවුන් පසුපස හේත්තු වෙමිනි. එවිට අපි: "හේත්තු වී ඉන්න සුදු මිනිසා ඔහු ය" යැයි පැවසුවෙමු. එවිට එම මිනිසා එතුමාණන්ට: "අහෝ අබ්දුල් "මුත්තලිබ්ගේ පුතුනි!" යැයි ඇමතුවේය. එතුමාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "මම ඔබට පිළිතුරු දෙමි" යැයි පැවසූහ. එවිට එම මිනිසා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ට "සැබැවින්ම මම ඔබෙන් ප්රශ්න කර සිටිමි. ප්රශ්න කිරීමේ දී ඔබ අපහසුතාවයට පත් විය හැක. නමුත් ඔබ මා ගැන වරදක් නොසිතිය යුතුය" යැයි පැවසීය. එවිට එතුමාණෝ: "ඔබට මතු වන දෑ විමසන්න." යැයි කීහ. එවිට ඔහු "ඔබේ පරමාධිපති මත හා ඔබට පෙර වූවන්ගේ පරමාධිපති මත දිවුරා විමසමි. සියලු මිනිසුන් වෙත ඔබ ව එවා ඇත්තේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු "අල්ලාහ්ගේ නාමයෙන් මම ඔබෙන් විමසා සිටිමි. දහවලේ හා රාත්රියේ පස් වාරයක් අප සලාත් ඉටු කිරීම සඳහා ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසා සිටියෙ ය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. වසරේ මෙම මාසයේ උපවාසයේ නිරත වීමට ඔබට නියෝග කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එතුමාණෝ "අල්ලාහ් මත දිවුරා… ඔව්" යැයි පිළිතුරු දුන්හ. නැවතත් ඔහු: "අල්ලාහ් මත දිවුරා විමසමි. අප අතර පොහොසතුන්ගෙන් සදකා හෙවත් සකාත් ලබා එය අප අතර සිටින දුප්පතුන් අතර බෙදා දෙන්නට ඔබට අණ කළේ අල්ලාහ් ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණා්: "අල්ලාහ් මත දිවුරමි. ඔව්" යැයි පිළිතුරු දුන්හ. පසුව එම මිනිසා: ඔබ කවර කරුණක් ගෙන ආවේ ද එය මම විශ්වාස කළෙමි. මම මාගේ ප්රජාව විසින් එවනු ලැබූ දූතයා වෙමි. මම බනූ සඃද් ඉබ්නු බක්ර්ගේ සහෝදර ළිමාන් ඉබ්නු සඃලබා වෙමි" යැයි පැවසුවේය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.