عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (19)
“ගැත්තෙකුගෙන් තම ආයු කාලය ගැන, එය කවර කරුණක ඔහු ගත කළේ යැයි ද, ඔහුගේ දැනුම ගැන, එය කවර විෂයක ක්රියා කෙරෙව්වේ යැයි ද, ඔහුගේ ධනය ගැන, එය කොතැනක සිට ඉපැයුවේ ද, කවර විෂයක වියදම් කළේ යැයි ද ඔහුගේ ශරීරය ගැන, එය කවර විෂයක වැය කළේ යැයි ද විමසනු ලබන තෙක් මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔහුගේ දෙපා ඉවත්ව නොයන්නේමය.”
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"යම් භූමියක මිය යන්නට යම් ගැත්තෙකුට අල්ලාහ් තීන්දු කළ විට, ඒ වෙත යාමට අවශ්යතාවක් ඔහුට ඇති කරන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"පසුව සැබැවින්ම එදින (භුක්ති විඳි) සැප පහසුකම් පිළිබඳ ව විමසනු ලබන්නේමය" යන (අත්-තකාසුර්: 8) පාඨය පහළ වූ කල්හි, සුබෙයිර්: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අපි කවර සැප පහසුකමක් ගැන විමසනු ලබන්නෙමු ද? ඉඳි සහ ජලය යන අල්ප කරුණු දෙක පිළිබඳවත් දැ?"යි විමසීය. එතුමාණෝ සැබැවින්ම "එය එසේම වනු ඇත." යැයි පැවසූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
“කවරෙකු මුස්ලිම්වරයකුට හිංසාවක් කළේ ද,අල්ලාහ් ඔහුට හිංසා කරනු ඇත. එමෙන්ම කවරෙකු මුස්ලිම්වරයකුට දුෂ්කරතා ඇති කරන්නේ ද, අල්ලාහ් ද ඔහු මත දුෂ්කරතා ඇති කරනු ඇත.”
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග එක්තරා ගමනක නිරත වී සිටියෙමි. අපි ගමන් කරමින් සිටිය දී දිනක් ඔහු සමීපයට මා පැමිණ: “අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ස්වර්ගයට මා ඇතුළත් කරන, නිරා ගින්නෙන් මා දුරස් කරන ක්රියාවක් ගැන මට දන්වා සිටින්නැයි” මම විමසා සිටියෙමි යැයි පවසා සිටියේය. එතුමාණෝ: “සැබැවින්ම ඔබ වැදගත් කරුණක් පිළිබඳ විමසුවෙහිය. අල්ලාහ් කවරෙකුහට පහසු කරන්නේ ද එවැන්නන්හට සැබැවින්ම එය පහසුය.” ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. ඔහුට කිසිවක් ආදේශ නොකරන්න. සලාතය විධිමත්ව ඉටු කරන්න. සකාත් ද නිකුත් කරන්න. රමළාන් උපවාසය රකින්න. දේව නිවස කරා හජ් වන්දනා කරන්න.” පසුව එතුමාණෝ තවදුරටත්: "යහපත්කමේ දොරටු ගැන මා නුඹලාට කියා දිය යුතු නොවේ ද? උපවාසය පලිහකි. සදකා හෙවත් දානය, ජලය ගින්දර නිවා දමන්නාක් මෙන් වැරදි නිවා දමන්නකි. රාත්රිය මැද කොටසේ මිනිසා ඉටු කරන සලාතයක් ඇත." යැයි පවසා පසුව “තතජාෆා ජුනූබුහුම් අනිල් මළාජිඉ -ඔවුන්ගේ ඇළපැති නිදිහයනින් ඈත් ව තබති - යන (සූරා සජදා හි 16 වැනි) පාඨයේ සිට “යඃලමූන්” - ඔවුහු දැන සිටිති- යන (එහි 17 වැනි) පාඨය දක්වා පාරායනය කළහ. පසුව එතුමාණෝ: “කටයුත්තේ සිරස, එහි කුළුණ හා එහි උච්චතම ස්ථානය ගැන මම ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මම: "එසේය අල්ලාහ්ගේ දූතයාණනි," යැයි පැවසුවෙමි. එතුමාණෝ: "කටයුත්තේ සිරස ඉස්ලාමයයි. එහි කුළුණ සලාතයයි. එහි උච්චතම ස්ථානය ජිහාද් හෙවත් අරගලයයි" යැයි පැවසූහ. පසුව එතුමාණෝ තවදුරටත්: "මේ සියලු දෑහි පදනම මා ඔබට දන්වා සිටිය යුතු නොවේ ද?" යැයි විමසා සිටියහ. මම: "එසේය වක්තෘවරයාණනි," යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ එතුමාණන්ගේ දිව අල්ලා ‘ඔබට එරෙහි වීමෙන් මෙය වළක්වා ගන්න’ යැයි පැවසූහ. මම: 'අහෝ වක්තෘවරය, අප කවර කරුණක් කතා කරන්නේ ද එමගින් අප හසුකරනු ලබන්නෙමු ද?' යැයි විමසුවෙමි. එවිට එතුමාණෝ: "අහෝ මුආද්, ඔබේ මව ඔබට අහිමි වේවා! ඔබට කුමක් වීද!" යැයි පවසා, "ජනයා ඔවුන්ගේ මුහුණු මත (ඔවුන්ගේ නාස් පුඩු මත) මුණින් ඇද දමනුයේ ඔවුන්ගේ දිවවල් නෙළාගත් දෑ මිස වෙන කුමක් දැ"යි පවසා සිටියහ.
සියලුම සම්ප්රේෂණ දාමයන් හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"දරුවා! මම ඔබට වදන් කිහිපයක් උගන්වමි: අල්ලාහ්ගේ මග පෙන්වීම රැක ගනිමින් කටයුතු කරන්න. එවිට අල්ලාහ් ඔබ ආරක්ෂා කරයි; අල්ලාහ් (ඔබ කෙරෙහි පනවා ඇති වගකීම්) ආරක්ෂා කරන්න, එවිට ඔබ අල්ලාව ඔබේ පැත්තෙන් දැක ගනු ඇත; ඔබ අයද සිටින්නේ නම්, අල්ලාහ්ගෙන් අයද සිටින්න; ඔබ උදව් සොයන්නේ නම්, අල්ලාහ්ගෙන් උපකාරය පතන්න; (ලොව සිටින) සියලු දනන් එකතු වි ඔබට හානියක් සිදු කිරීමට තැත් කළ ද, අල්ලාහ් ඔබට නිර්ණය කළ දෑ හැරෙන්නට ඔවුන් සියලු දෙනාට ඔබට කිසිදු හානියක් සිදු කිරීමට නොහැක. පන්සිද ඔසවනු ලැබීය, කඩදාසි වියැළින'
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි විසින් දන්වා ඇත.
“දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"යුදෙව්වන් අල්ලාහ්ගේ උදහසට ලක් වූ පිරිසකි. කිතුනුවන් නොමඟ ගිය පිරිසකි."
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.