Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ සුජූද්හි: اللهُمَّ اغْفِرْ لِي ذَنْبِي كُلَّهُ دِقَّهُ، وَجِلَّهُ، وَأَوَّلَهُ وَآخِرَهُ وَعَلَانِيَتَهُ وَسِرَّهُ “අල්ලාහුම්මග්ෆිර්ලී දන්බී කුල්ලහූ, දික්කහූ වජිල්ලහු වඅව්වලහු වආකිරහු වඅලානියතහු වසිර්රහූ’ යනුවෙන් ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. තේරුම: (අහෝ දෙවියනි! මාගේ පාපයන් සියල්ලට මට සමාව දෙනු මැනව! එනම් එහි වඩාත් සියුම් හා විශාල වූ ද එහි මුල හා අවසානයේ වූ ද එහි ප්‍රසිද්ධියේ හා රහසිගතව වූ ද යන පාපයන් සියල්ලට සමාව දෙනු මැනව!)
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
«اللهُمَّ لَكَ أَسْلَمْتُ، وَبِكَ آمَنْتُ، وَعَلَيْكَ تَوَكَّلْتُ، وَإِلَيْكَ أَنَبْتُ، وَبِكَ خَاصَمْتُ، اللهُمَّ إِنِّي أَعُوذُ بِعِزَّتِكَ، لَا إِلَهَ إِلَّا أَنْتَ أَنْ تُضِلَّنِي، أَنْتَ الْحَيُّ الَّذِي لَا يَمُوتُ، وَالْجِنُّ وَالْإِنْسُ يَمُوتُونَ». "අල්ලාහුම්ම ලක අස්ලම්තු, වබික ආමන්තු, වඅලෙයික තවක්කල්තු, වඉලයික අනබ්තු, වබික ාසම්තු, අල්ලාහුම්ම ඉන්නී අඌදු බිඉස්සතික, ලා ඉලාහ ඉල්ලා අන්ත අන් තුළිල්ලනී, අන්තල් හය්යු අල්ලදී ලා යමූතු, වල් ජින්නු වල් ඉන්සු යමූතූන්" (තේරුම: “අහෝ දෙවිඳුනි! මම ඔබට යටත් වූයෙමි. මම ඔබව විශ්වාස කළෙමි . මම ඔබ කෙරෙහි භාර කළෙමි. මම ඔබ වෙතට පසුතැවිලි වී හැරුණෙමි, මම ඔබේ විරුද්ධවාදීන්ට විරුද්ධව වාද කළෙමි. මම ඔබේ ගෞරවයෙන් සරණ පතමි. මා නොමඟ යැවීමට ඔබ හැර වෙන දෙවියෙක් නැත. ඔබ කිසිදා නොමැරෙන සදා ජීවමානය. නමුත් ජින් සහ මිනිසුන් සියල්ලෝම මිය යනු ඇත.")
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර මෙහි පද පෙළ ඉමාම් මුස්ලිම් සතුවූවකි. තවද බුහාරි විසින් මෙය සංක්ෂිප්තව වාර්තා කර ඇත.
“මිනිසා තම නිවසට පිවිසෙන විට, ඔහු පිවිසෙන අවස්ථාවේදී හා ඔහු ආහාර ගන්නා අවස්ථාවේදී අල්ලාහ්ව මෙනෙහි කළේ නම්, ෂෙයිතාන් (ඔහුගේ සගයින් දෙස බලා): ‘නුඹලාට නවාතැනත් නැත. නුඹලාට රාත්‍රී ආහාරයත් නැත.' යැයි පවසයි. නමුත් ඔහු පිවිසෙන විට, අල්ලාහ්ව මෙනෙහි නො කළේ නම් ෂෙයිතාන්: ‘නුඹලා නවාතැනත් රාත්‍රී ආහාරයත් ලැබුවෙහුය" යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
ගම්බද අරාබිවරයකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) වෙත පැමිණ ‘මා පැවසිය යුතු ප්‍රකාශයක් මට උගන්වන්නැ'යි ඉල්ලා සිටියේය. එතුමාණෝ: ඔබ "ලා ඉලාහ ඉල්ලල්ලාහු වහ්දහූ ලා ෂරීක ලහූ අල්ලාහු අක්බර් කබීරා, වල්හම්දු ලිල්ලාහි කසීරා වසුබ්හානල්ලාහි රබ්බිල් ආලමීන්, ලා හව්ල වලා කුව්වත ඉල්ලා බිල්ලාහිල් අසීසිල් හකීම්.’ (නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත. ඔහු ඒකීයය. ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. අල්ලාහ් ඉමහත්ය අති ශ්රේෂ්ඨය. වැඩි වැඩියෙන් ප්‍රශංසා අල්ලාහ් සතුය. ලොවැසියන්ගේ පරමාධිපති වන අල්ලාහ් සුවිශුද්ධය. මහා ප්‍රඥාවන්තය. සර් ව බලධාරී අල්ලාහ්ගෙන් තොරව කිසිදු හැරීමක් හෝ බලයක් හෝ නැත.) යැයි පවසන්න. හෙතෙම: 'මේවා මාගේ පරමාධිපති වෙනුවෙනි. මා වෙනුවෙන් කුමක් තිබේද?' යැයි විමසීය. එතුමාණෝ: "අල්ලාහුම්මග් ෆිර්ලී වර්හම්නී වහ්දිනී වර්සුක්නී. (අහෝ අල්ලාහ් මට සමාව දෙනු මැනව! මට කරුණා කරනු මැනව! මට මග පෙන්වනු මැනව. මට පෝෂණය ලබා දෙනු මැනව!) යැයි පවසන්න." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.