Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ තම සහෝදරයා හමු වූ විට ඔහුට සලාම් පැවසිය යුතු වේ. ඔවුන් දෙදෙනා අතර ගසක් හෝ බිත්තියක් හෝ ගලක් හෝ මුවා වී නැවතත් ඔහු ව හමු වූ විට, එවිට ද ඔහු ඔහුට සලාම් පැවසිය යුතු වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
මිනිසෙක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: "අස්සලාමු අලයිකුම්" යැයි පැවසීය. එතුමාණන් ඔහුට පිළිතුරු දුන්හ. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "දහයක් හිමිය" යැයි පැවසූහ. ඔහු වාඩි විය. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහ්" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "විස්සක් හිමිය" යැයි පැවසූහ. පසුව තවත් අයෙක් පැමිණ "අස්සලාමු අලයිකුම් වරහ්මතුල්ලාහි වබරකාතුහු" යැයි පැවසීය. එතුමාණෝ ඔහුට ද පිළිතුරු දුන්හ. ඔහු ද වාඩි විය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ "තිහක් හිමිය" යැයි පැවසූහ.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, අහ්මද් හා දාරමී යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"මුස්ලිම්වරුන් දෙදෙනෙකු මුණ ගැසී අතිනතදී සුබ පතන්නේ නම්, ඔවුන් දෙදෙනා වෙන්ව යන්නට පෙර ඔවුන් දෙදෙනාට සමාව දෙනු ලබනු මිස නැත."
සියලුම සම්ප්‍රේෂණ දාමයන් හරහා පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කොට ඇත.