Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"තමාට අදාළ නොවන දේ අත්හැරීම " පුද්ගලයෙකුගේ ඉස්ලාම්හි පවතින යහපත් කරුණු අතුරින් එකකි.
නවවි තුමා මෙසේ පවසයි: හසන් වර්ගයට අයත් හදීසයකි. මෙය තිර්මිදි විසින් දන්වා ඇත.
"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අනුමානය (සැකය) ගැන ඔබ ප්‍රවේසම් විය යුතුයි. සැබැවින්ම අනුමානය කතාවෙන් වඩාත් ව්‍යාජය. ඔබ රහස්‍ය දෑට සවන් නො දෙන්න. විපරම් නො කරන්න. එකිනෙකාට ඊර්ෂ්‍යා නො කරන්න. එකිනෙකාට පිටුපාමින් කටයුතු නො කරන්න. එකිනෙකාට ක්‍රෝධයෙන් කටයුතු නො කරන්න. ඔබ සැම අල්ලාග්ගේ ගැත්තන් ලෙස සහෝදරයින් සේ සිටින්න"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"යමෙක් හිතාමතාම මා ගැන බොරු කියන්නේ නම්, ඔහු නිරයේ අසුන් ගත යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“බංකොලොත්කරු කවුරුන්දැයි ඔබ දන්නෙහු ද?” යැයි එතුමාණෝ විමසූහ. ඔවුහු ‘අප අතර බංකොලොත්කරු වන්නේ තමන්ට දිර්හම් හෝ වස්තුව හෝ නොමැති අය වේ’ යැයි පැවසූහ. එවිට එතුමාණෝ: “සැබැවින්ම මාගේ සමූහයා අතර බංකොලොත්කරු වන්නේ, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සලාතය, උපවාසය හා සකාත් යන වගකීම් සමග පැමිණිය ද ඒ සමගම ඔහු කෙනෙකුට දොස් නඟා, මොහු ගැන අවලාද නගා, මොහුගේ ධනය සූරා කා, මොහුගේ රුධිරය හලා, මොහුට පහර දී පැමිණෙන පුද්ගලයා ය. එවිට ඔහුගේ කුසල් කර්ම ඒ අයට පිරිනමනු ලැබේ. එය ඔහුගේ යහකම් වෙති. මොහුට තීන්දු දීමට පෙර ඔහුගේ කුසල් අවසන් වූ විට මොවුන්ගේ වැරදි ගෙන ඔහු වෙත හෙළනු ලැබේ. පසුව ඔහු අපා ගින්නට විසි කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.