Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 21 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ: සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි යැයි පැවසූහ. පසුව අමු අත්තක් ගෙන එය දෙකට පළා මිනීවල ‌දෙක මත සිටෙව්වේය. ඔවුහු: "අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ සිදු කළේ ඇයි දැ?"යි විමසුවෝය. එතුමාණෝ: "මේ දෙක වියළී නොයන තාක්කල් මොවුන් දෙදෙනාට සහනයක් විය හැක." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නියත වශයෙන්ම ෂෙයිතාන් අරාබි අර්ධද්වීපයේ සලාත් ඉටු කරන්නන් තමාට ගැතිකම් කිරීම පිළිබඳව බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර අර්බුද පතුරුවාලීමෙහි ඔහු උපේක්ෂාවෙන් සිටියි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නියත වශෙයන්ම බොරු යැයි පෙනෙන්නට ඇති යම් ප්‍රකාශයක් සම්බන්ධයෙන් එය මා විසින් වාර්තා කරනු ලැබූවක් බව පවසන්නා මුසාවාදීන් අතුරින් කෙනෙකු වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් සිය පෙරවදනේ මෙය වාර්තා කර ඇත.
“සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) හිසකෙස් කොටසක් බූගා තවත් කොටසක් ඉතිරිවන්නට ඉඩ හැර හිසකෙස් කැපීම තහනම් කළහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මිනිසුන් අතරින් අල්ලාහ් වෙත වඩාත් කෝපයට ලක් වු තැනැත්තා අධික ලෙස වාද කරන තැනැත්තාය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නියත වශෙයන්ම ශාප කරන්නන් වනාහි, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මැදිහත්වන්නන් ලෙස හෝ සාක්ෂිකරුවන් ලෙස හෝ පෙනී නො සිටිනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.