Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කවරෙක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් දිනකට සියවතාවක් පවසා සිටියේ ද ඔහුගේ වැරදි මුහුදු පෙණ මෙන් තිබුණ ද මකාදමනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
කවරෙකු දිනකට සිය වාරයක්, لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ "ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" (තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. ඔහු ඒකීයය ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සර්ව රාජ්‍යය ඔහු සතුය. සියලු ප්‍රශංසා ද ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නාය.) යැයි පවසන්නේ ද, එය ඔහු වහලුන් දස දෙනෙකුට නිදහස දීම හා සමාන වන්නේ ය. එමෙන්ම කුසල් සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. පාපකම් සියයක් ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එදින හවස් වන තුරු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ඔහුට හිමි වනු ඇත. මීට වඩා අධික යමක් සිදු කරන්නෙකු මිස මීට වඩා උතුම් දෙයක් කිසිවෙකු ගෙන එන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන පවසා සිටි කරුණක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පවසා සිටියි: “ගැත්තෙකු පාපයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!’ යැයි පවසයි. එවිට උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ඔහු නැවතත් පාපය සිදු කර, 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි' යැයි පවසයි. ඔහු නැවතත් පාපය සිදු කර 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්, ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්‍රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. ඔබ කැමති දෑ සිදු කරන්න. සැබැවින්ම මම ඔබට සමාව දෙමි' යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි නොකර සභාවකින් නැගිට යන පිරිස, බූරු මළකුණක් අසළින් නැගිට ගිය අය මෙන් මිස නොවෙති. ඔවුනට එය පසුතැවීමක් වනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මක්කාවේ මාර්ගයක ගමන් කරමින් සිටියහ. එතුමාණෝ ජුම්දාන් නම් කන්ද අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ ගමන් ගන්න. මෙය ජුම්දාන් කන්දය. හුදකලා වූවෝ පෙරට ගියහ." යැයි පැවසූහ. ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! හුදකලාවූවෝ කවුරුන්ද?යැයි විමසා සිටියෝය. එවිට එතුමාණෝ “අල්ලාහ්ව අධික වශයෙන් මෙනෙහි කරන්නන් හා මෙනෙහි කරන්නියන් වෙති“ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.