عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
"කවරෙක් "සුබ්හානල්ලාහි වබිහම්දිහි" යනුවෙන් දිනකට සියවතාවක් පවසා සිටියේ ද ඔහුගේ වැරදි මුහුදු පෙණ මෙන් තිබුණ ද මකාදමනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
කවරෙකු දිනකට සිය වාරයක්,
لاَ إِلَهَ إِلَّا اللَّهُ، وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لَهُ المُلْكُ وَلَهُ الحَمْدُ، وَهُوَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
"ලා ඉලාහ ඉල්ලල්ලාහු, වහ්දහූ ලා ෂරීක ලහූ, ලහුල් මුල්කු වලහුල් හම්දු, වහුව අලා කුල්ලි ෂෙයිඉන් කදීර්" (තේරුම: නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් කිසිවෙකු නැත. ඔහු ඒකීයය ඔහුට කිසිදු හවුල්කරුවකු නැත. සර්ව රාජ්යය ඔහු සතුය. සියලු ප්රශංසා ද ඔහු සතුය. ඔහු සියලු දෑ කෙරෙහි බලය දරන්නාය.) යැයි පවසන්නේ ද, එය ඔහු වහලුන් දස දෙනෙකුට නිදහස දීම හා සමාන වන්නේ ය. එමෙන්ම කුසල් සියයක් ඔහු වෙනුවෙන් සටහන් කරනු ලැබේ. පාපකම් සියයක් ඔහුගෙන් ඉවත් කරනු ලැබේ. එදින හවස් වන තුරු ෂෙයිතාන්ගෙන් ආරක්ෂාව ඔහුට හිමි වනු ඇත. මීට වඩා අධික යමක් සිදු කරන්නෙකු මිස මීට වඩා උතුම් දෙයක් කිසිවෙකු ගෙන එන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් තම පරමාධිපති ගැන පවසා සිටි කරුණක් සම්බන්ධයෙන් හෙතෙම මෙසේ පවසා සිටියි: “ගැත්තෙකු පාපයක් සිදු කරයි. පසු ව ඔහු ‘අහෝ දෙවියනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!’ යැයි පවසයි. එවිට උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි.' යැයි පවසයි. පසුව ඔහු නැවතත් පාපය සිදු කර, 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්: ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි' යැයි පවසයි. ඔහු නැවතත් පාපය සිදු කර 'මාගේ පරමාධිපතියාණනි! මාගේ පාපයට මට සමාව දෙනු මැනව!' යැයි පවසයි. එවිට ද උත්තරීතර උත්කෘෂ්ඨ අල්ලාහ්, ‘මාගේ ගැත්තා පාපයක් සිදු කර ඇත. පාපයට සමාව දෙන, පාපය හේතුවෙන් ඔහු ව ග්රහණය කරන පරමාධිපතියකු සැබැවින්ම සිටින බව ඔහු දැන සිටියි. ඔබ කැමති දෑ සිදු කරන්න. සැබැවින්ම මම ඔබට සමාව දෙමි' යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්, (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ මිතුරන්ගෙන් යුත් සභාවක් වෙත පිටත්ව ගොස් “ඔබව වාඩි කෙරෙව්වේ කුමක් දැ?”යි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ්ව මෙනෙහි කරන්නට, ඔහු අප ඉස්ලාමය වෙත මග පෙන්වා අප වෙත එය පිරිනමා ඇති බැවින් ඔහුට ප්රශංසා කරන්නට අපි වාඩි වූයෙමු." යැයි පැවසුවෝය. "ඒ හැර වෙනත් දෙයක් ඔබ ව වාඩි නො කළ බවට දිවුරා පවසන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ් මත දිවුරා පවසමු. ඒ හැර වෙනත් දෙයක් අප වාඩි කෙරෙව්වේ නැත." යැයි කීවෝය. එතුමාණෝ: "ඔබ ගැන සැකයෙන් එසේ දිවුරා ඔබගෙන් නො ඇසුවෙමි. නමුත් ජිබ්රීල් පැමිණ සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් සමග ඔබ ගැන අභිමානයෙන් කතා කරන බව මට දැනුම් දුන්නේය" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අහෝ ජනයිනි! නුඹලා අල්ලාහ් වෙත පසුතැවිලි වී යොමු වන්න. එමෙන්ම ඔහුගෙන් සමාව අයැදින්න. සැබැවින්ම මම දිනකට සිය වාරයක් පාපක්ෂමාවෙහි නිරත වෙමි.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මුඅද්දින් (සලාතය සඳහා ඇරයුම් කරන්නා) 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට ඔබ අතරින් කවරෙකු 'අල්ලාහු අක්බර්, අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද. පසු ව ඔහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පවසන්නේ ද, ඔහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'අෂ්හදු අන්න මුහම්මදර් රසූලුල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව ඔහු 'හය්ය අලස් සලාත්' යැයි පැවසූ විට, මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද පසුව ඔහු 'හය්ය අලල් ෆලාහ්' යැයි පැවසූ විට මොහු 'ලා හව්ල වලා කුව්වත ඉල්ලාහ් බිල්ලාහ්' යැයි පවසන්නේ ද, පසුව 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පැවසූ විට, මොහු 'අල්ලාහු අක්බර් අල්ලාහු අක්බර්' යැයි පවසන්නේ ද, පසු ව ඔහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි පැවසූ විට, මොහු 'ලා ඉලාහ ඉල්ලල්ලාහ්' යැයි සිතින් පවසන්නේ ද ඔහු ස්වර්ගයට පිවිසෙනු ඇත.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
නබි(සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මිතුරන් අතරින් පිරිසක් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: "අහෝ අල්ලාහ්ගේ දූතයාණණි!, ධනවත් අය ප්රතිඵල වලින් ඉදිරියට ගොස් ඇත. අප සලාත් ඉටු කරන්නාක් මෙන් ඔවුහු ද සලාත් ඉටු කරති. අප උපවාසය රකින්නාක් මෙන් ඔවුහු ද උපවාසය රකිති. අමරත ව ඔවුන්ගේ ධනයෙන් ඔවුහු දානමාන (පුණ්ය කටයුතු ද සිදු) කරති" යැයි පවසා සිටියහ. එවිට එතුමාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්): “නුඹලා පුණ්ය කටයුතුවල නිරතවන දෑ අල්ලාහ් නුඹලාට ඇති නොකළේ ද? (සුබ්හානල්ලාහ් - -අල්ලාහ් සුවිශුද්ධය- යැයි පවසන) සෑම තස්බීහයක්ම දානයකි. (අල්ලාහු අක්බර් - අල්ලාහ් අතිශ්රේෂ්ඨය- යැයි පවසන) සෑම තක්බීරයක්ම දානයකි. (අල්හම්දුලිල්ලාහ් - සියල පැසසුම් අල්ලාහ්ටය- යැයි පවසන) සෑම තහ්මීදයක්ම දානයකි. (ලා ඉලාහ ඉල්ලල්ලාහ් - නැමදුමට සුදුස්සා අල්ලාහ් හැර වෙනත් දෙවියෙකු නැත යැයි පවසන) සෑම තහ්ලීලයක්ම දානයකි. යහපත විධානය කිරීමද දානයකි. පිළිකුල් සහගත දැයින් වැළැක්වීමත් දානයකි. නුඹලා අතර කෙනෙකු (බිරිද සමග) කාමුකව හැසිරීම ද දානයකි.” යැයි පවසා සිටියහ. එවිට ඔවුහු: "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! අප අතරින් කෙනෙකු ඔහුගේ කාමය සංසිදුවා ගැනීමට පැමිණෙයි. එහි දී ඔහුට කුසල් හිමි වන්නේ දැ?’යි විමසා සිටියහ. එතුමාණෝ: “තහනම් දෑහි ඔහු එය (කාමය) සංසිදුවා ගත්තේ නම් ඔබ දකින පරිදි එය බරපතල පාපයක් නොවන්නේ ද? එමෙන්ම ඔහු එය අනුමත දෑහි සංසිදුවා ගත් විට ඔහුට කුසලක් හිමි වනු ඇත” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.