Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) ඔවුන්ට (තම සහගාමීන්ට) යමක් කිරීමට අණ කළ සෑම අවස්ථාවකම, ඔවුන්ට කිරීමට හැකි පහසු ක්‍රියාවන් නියම කළහ. ඔවුහු මෙසේ විමසූහ, "අල්ලාහ්ගේ දූතයාණෙනි! අපි ඔබ වැනි අය නොවෙමු. සැබැවින්ම අල්ලාහ් ඔබ පෙර කළ (ඔබගේ අතීත) සහ ඔබ පසුවට කරන (ඔබගේ අනාගත) පාපවලට සමාව දී ඇත." එවිට අල්ලාහ්ගේ දූතයාණන් කෝපයට පත් වූ අතර එම කෝපය එතුමාණන්ගේ මුහුණෙන් පැහැදිලි විය. පසුව එතුමාණෝ මෙසේ පැවසූහ. "ඔබ අතුරින් මම අල්ලාහ්ට වඩාත්ම බිය බැතිමත් අය වෙමි, ඔබ සැමට වඩා අල්ලාහ් පිළිබඳව හොඳින් දන්නා මම වෙමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"මිනිසෙකු ගමන් කරමින් සිටින අතරවාරයේ මාර්ගයේ කටු අත්තක් දැක ඔහු එය ඉවත් කළේය. එවිට අල්ලාහ් ඔහුට තුතිවන්ත වී ඔහුට සමාව දුන්නේය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ මාර්ගයේ එක් දිනක් බැඳී සිටීම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. ඔබ අතරින් කිසිවෙකුට හෝ ස්වර්ගයෙන් කසයක තරම් ප්‍රමාණයක ස්ථානයක් තිබේ ද, එය මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය. අල්ලාහ්ගේ මාර්ගයේ ගැත්තෙකු උදෑසන හෝ සවස පිටත්ව යෑම මෙලොව හා ඒ මත ඇති දෑට වඩා උතුම් ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සෑම යහපත් කටයුත්තක්ම පුණ්‍ය කර්මයකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. ජාබීර්ගේ හදීසය තුලින් බුහාරි වාර්තා කර ඇති අතර, හුදයිෆාගේ හදීසයෙන් මුස්ලිම් වාර්තා කර ඇත.
‘අල්ලාහ් වෙත වඩාත් ප්‍රියමනාප ක්‍රියාව කුමක් දැ?’යි මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගෙන් විමසුවෙමි. එතුමාණෝ: ‘සලාතය නියමිත වේලාවේ ඉටු කිරීම වේ’ යැයි පැවසූහ. ‘ඉන්පසු කුමක්දැ?’යි විමසුවෙමි. එතුමාණෝ: ‘දෙමව්පියන්ට උපකාර උවටැන් කිරීම’ යැයි පැවසූහ. ඉන්පසු කුමක්දැ?යි විමසුවෙමි. එතුමාණෝ: ‘අල්ලාහ්ගේ මාර්ගයේ අරගල කිරීම’ යැයි පැවසූහ. මේවා මට එතුමාණෝ පවසා සිටි අතර මම වැඩි යමක් විමසා තිබුණේ නම් එතුමාණන් මට වැඩි යමක් දන්වා සිටින්නට තිබුණි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“කවරෙකු ඔහුගේ පෝෂණ සම්පත්හි ඔහුට විස්තීරණය කරනු ලැබීමත්, ඔහුගේ ආයු කාලයේ ඔහුට (අමතර කාලයක්) එකතු කරනු ලැබීමත් ප්‍රිය කරන්නේ ද, ඔහු ඔහුගේ ඥාතී සම්බන්ධකම් පවත්වා ගනිත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.