Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 6 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“කවරෙකු මුඃමින්වරයකුගෙන් මෙලොව පීඩාවන් අතරින් පීඩාවක් ඉවත් කරන්නේ ද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ පවතින පීඩා අතරින් පීඩාවක් අල්ලාහ් ඔහුගෙන් ඉවත් කරනු ඇත. කවරෙකු දුෂ්කරතා ඇත්තෙකුට පහසුව සලසන්නේ ද මෙලොව හා මතුලොවදී අල්ලාහ් ඔහුට පහසුව සලසනු ඇත. කවරෙකු මුස්ලිම්වරයකු(ගේ වරදක්) සඟවන්නේ ද මෙලොව හා මතුලොවෙහි අල්ලාහ් ඔහුව සඟවනු ඇත. ගැත්තා තම සහෝදරයට උදව් කරමින් සිටින කල්තාක් අල්ලාහ් එම ගැත්තාට උදව් කරමින් සිටියි. කවරෙකු දැනුම සොයමින් මාර්ගයක ගමන් කරන්නේ ද එමගින් ස්වර්ගය වෙත වූ මාර්ගය අල්ලාහ් ඔහුට පහසු කරනු ඇත. අල්ලාහ්ගේ නිවෙස් අතරින් නිවසක පිරිසක් වාඩි වී අල්ලාහ්ගේ ග්‍රන්ථය කියවමින් ඔවුන් අතර එය අධ්‍යයනය කරමින් වාඩි වී සිටින්නේ ද ඔවුන් වෙත සැනසුම පහළ වී ආශිර්වාදය ඔවුන් ආවරණය කර මලක්වරුන් ඔවුන් පිරිවරා සිටිනු මිස නැත. අල්ලාහ් ද ඔහු අබියස සිටින්නන් අතර ඔවුන් ගැන මෙනෙහි කරනු ඇත. යහපත් ක්‍රියාවන්හි මන්දගාමී තැනැත්තා, ඔහුගේ (ඉහළ) පරම්පරාව ඔහුට ඉදිරියට යාමට ඉඩ නොදේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ් කවරෙකුට යහපතක් අපේක්ෂා කරන්නේ ද ඔහු ඔහුට ආගමෙහි අවබෝධය පිරිනමනු ඇත. සැබැවින්ම මම බෙදා හරින්නෙක්මි. අල්ලාහ් පිරිනමයි. මෙම සමූහයා අල්ලාහ්ගේ නියෝගය මත ක්‍රියාත්මක වන්නකි. අල්ලාහ්ගේ නියෝගය පැමිණෙන තෙක් ඔවුනට විරුද්ධ වූ අය ඔවුනට හිංසා කළ නොහැක."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දැනුම ඉවත් වීම, මෝඩකම් වැඩිවීම, කාම අපචාර වැඩිවීම, මත්පැන් පානය වැඩිවීම, පිරිමින් අඩු වීම සහ රැකබලා ගන්නා එක් පිරිමියකුට කාන්තාවන් පනස් දෙනෙකු වන තරමට කාන්තාවන් වැඩිවීම යනාදිය අවසන් හෝරාවේ සළකුණු අතරින් වෙති."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ අබූල් මුන්දිර්! අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" ඔහු: "අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් මැනවින් දනී" යැයි මම පැවසුවෙමි. "අහෝ අබුල් මුන්දිර්, අල්ලාහ්ගේ ග්‍රන්ථයේ ඔබට වඩාත් වැදගත් වන පාඨය කවර පාඨයක් දැයි ඔබ දන්නෙහි ද?" යැයි එතුමාණෝ නැවතත් විමසූහ. ඔහු: "මම (සූරා අල් බකරාහි 255 වැනි පාඨය වන) අල්ලාහු ලා ඉලාහ ඉල්ලා හුවල් හය්යුල් කය්යූම්" යැයි පැවසුවෙමි. එතුමාණෝ මාගේ පපුවට තට්ටු කර මෙසේ පැවසූහ: "අල්ලාහ් මත දිවුරා පවසමි. අබුල් මුන්දිර්, දැනුම ඔබට මිහිරි වෙත්වා! ."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම අල්ලාහ්ගේ දූතයාණන්, (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) එතුමාණන්ගේ මිතුරන්ගෙන් යුත් සභාවක් වෙත පිටත්ව ගොස් “ඔබව වාඩි කෙරෙව්වේ කුමක් දැ?”යි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ්ව මෙනෙහි කරන්නට, ඔහු අප ඉස්ලාමය වෙත මග පෙන්වා අප වෙත එය පිරිනමා ඇති බැවින් ඔහුට ප්‍රශංසා කරන්නට අපි වාඩි වූයෙමු." යැයි පැවසුවෝය. "ඒ හැර වෙනත් දෙයක් ඔබ ව වාඩි නො ‌කළ බවට දිවුරා පවසන්නෙහු ද?" යැයි විමසා සිටියහ. ඔවුහු: "අල්ලාහ් මත දිවුරා පවසමු. ඒ හැර වෙනත් දෙයක් අප වාඩි කෙරෙව්වේ නැත." යැයි කීවෝය. එතුමාණෝ: "ඔබ ගැන සැකයෙන් එසේ දිවුරා ඔබගෙන් නො ඇසුවෙමි. නමුත් ජිබ්රීල් පැමිණ සැබැවින්ම අල්ලාහ් මලක්වරුන් සමග ඔබ ගැන අභිමානයෙන් කතා කරන බව මට දැනුම් දුන්නේය" යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ් මා වෙත එවූ මඟ පෙන්වීමට සහ දැනුමට උපමාව, භූමියට ඇද හැළෙන තද වැස්සක් වැනි ය. ඒ අතරින් ජලය පිළිගෙන අධික ලෙස තණකොළ හා පැළෑටි හට ගන්වන පිවිතුරු සාරවත් භූමියක් වේ. එමෙන්ම ඒ අතරින් ජලය අවශෝෂණය කර රඳවා ගනිමින්, එමගින් අල්ලාහ් මිනිසුන්ට ප්‍රයෝජය ගෙන දෙන භූමියක් ද වේ. ඔවුන් ඉන් පානය කරති, ජලය සම්පාදනය කරති. වගා කරති. වැසි ජලය ලබන තවත් පැත්තක් ඇත. එය ජලය නොරැඳෙන, පැළෑටි හට නොගන්නා මුඩු පැතලි භූමියකි. අල්ලාහ්ගේ ආගම අවබෝධ කර ගෙන, අල්ලාහ් මා වෙත එවූ දෙයින් ප්‍රයෝජන ගන්නා අයගේ උපමාව එවැනිය. ඔහු හදාරා අන් අයට ද උගන්වයි. කවරෙකු ඉන් හිස ඔසවා නොගත්තේ ද මා වෙත එවන ලද අල්ලාහ්ගේ මඟ පෙන්වීම පිළි නොගත්තේ ද ඔහු සඳහා උපමාව ද එයයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.