Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 98 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
අල්ලාහ්ගේ දූතයාණෝ -සල්ලල්ලාහු අලයිහි වසල්ලම් මෙම අල්-කුර්ආන් පාඨය පාරායනය කළහ: "ඔහු වනාහි, නුඹ වෙත ධර්ම ග්‍රන්ථය පහළ කළේය. එහි පැහැදිලි තීන්දු සහගත වැකි ඇත. ඒවා ධර්ම ග්‍රන්ථයේ මූලය යි. තව ද අනෙක් ඒවා විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත වැකි ය. එබැවින් තම හදවත් තුළ ව්‍යාකූලත්වය ඇත්තන් වූ කලි, ඔවුන් කලහකම් කිරීමේ අපේක්ෂාවෙන් ද, එහි අර්ථ විකෘති කිරීමේ අපේක්ෂාවෙන් ද එයින් විවිධ වූ අර්ථයන්ගෙන් සමන්විත දෑ අනුගමනය කරති. එහි යථාර්ථය අල්ලාහ් හා ගැඹුරු ඥානය ඇත්තවුන් හැර වෙන කිසිවෙකු නොදන්නේය. තවද අපි එය විශ්වාස කළෙමු. ‘සියල්ල අපගේ පරමාධිපති වෙතිනි' යැයි ඔවුහු පවසති. බුද්ධිමත් අය හැර වෙනත් කිසිවෙක් මෙනෙහි කරන්නේ නැත." (ආලු ඉම්රාන් 7 වන වාක්‍ය). එතුමිය තවදුරටත්, "එහි විවිධ අර්ථයන්ගෙන් යුත් දෑ අනුගමනය කරන්නන් ඔබ දුටු විටෙක, අල්ලාහ් නම් කර ඇත්තෝ ඔවුහුමය. නුඹලා ඔවුන්ගෙන් ප්‍රවේසම් වන්න" යැයි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) පවසා සිටි බව ප්‍රකාශ කර සිටියාය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතර සිටින දුබලයින්ගෙන් හැර ඔබ උදව් කරනු ලබන්නෙහු ද, පෝෂණය කරනු ලබන්නෙහු ද?"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
“මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නිරා වාසීන්ට හිමිවන වඩාත් සැහැල්ලු දඬුවම, තම දෙපතුල යට තබන ලද ගිනි පෙණලි දෙකකි. වතුර උතුරා යන්නා සේ ඔහුගේ මොළය එමගින් උණු වී උතුරා යයි. මීට වඩා දරුණු ලෙස දඬුවම් විදින කිසිවකු ඔහු දකින්නේ නැත. සැබැවින්ම ඔවුන්ට හිමිවන සැහැල්ලුම දඬුවම එය වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මිනිසෙක් යමෙකුගේ සොහොනක් අසලින් ගොස් 'මම ඔහුගේ ස්ථානයේ සිටියා නම්' යැයි පවසන තුරු අවසන් හෝරාව ක්‍රියාත්මක නොවේ. "
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සුළු පාපයන් ගැන මම ඔබට අවවාද කරමි. සැබැවින්ම සුළු පාපයන් වනාහි මිටියාවතක් මධ්‍යයේ ගොඩ බසින පිරිසක් මෙනි. ඇතැමුන් කෝටු සමග පැමිණෙයි. තවත් ඇතැමුන් ද කෝටු සමග පැමිණෙයි. අවසානයේ එමගින් ඔවුන්ගේ රොටි පිළියෙල කර ගනිති. සැබැවින්ම සුළු පාපයන් වනාහි, කවර අවස්ථාවක අදාළ පුද්ගලයා එමගින් ග්‍රහණය කරනු ලබන්නේ ද එය ඔහුව විනාශ කර දමනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
"මහලු මිනිසෙකුගේ හදවත පැති දෙකකින් තරුණ බව පවතී. එනම්: ලෝකයට ඇති ආදරයෙහි සහ නොනවතින දිගු බලාපොරොත්තුවෙහි ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි එය වාර්තා කර ඇත.
"ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ සතු ගින්න අපා ගින්නෙන් හැත්තෑවෙන් එක් කොටසකි." එවිට "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! එයම ප්‍රමාණවත් ය" යැයි ප්‍රකාශ කරන ලදී. එතුමා: "එය ඒවාට වඩා කොටස් හැට නවයකින් වැඩි කර ඇත. ඒවා සියල්ල එහි උෂ්ණත්වය හා සමාන වේ." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.