Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 7 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"ආදම්ගේ පුත්‍රයාට රන් නිම්නයක් හිමි වූයේ නම්, ඔහු නිම්න දෙකක් ලබා ගැනීමට ආශා කරනු ඇත. ඔහුගේ මුඛය පස හැර අන් කිසිවක් නොපුරවයි. පසුතැවිලි වන ඕනෑම කෙනෙකුගේ පසුතැවිල්ල අල්ලාහ් පිළිගනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම මිනිසෙකු අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාගෙන් ‘අවසන් හෝරාව කවදා දැ?‘යි විමසා සිටියේය. එතුමාණෝ: ‘ඔබ ඒ සඳහා සූදානම් කර ඇත්තේ කුමක්දැ?‘ යි ඔහුගෙන් විමසුහ. ඔහු: ‘අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට මා ආදරය කිරීම හැර වෙනත් කිසිවක් නැත' යැයි පවසා සිටියේය. එතුමා: “ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි පැවසූහ. අනස් තුමා මෙසේ පැවසීය: "ඔබ ප්‍රිය කළ අය සමග ම ඔබ වනු ඇත" යැයි නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා කළ ප්‍රකාශයෙන් අපි සතුටු වූ තරමට වෙනත් කිසිවකින් අපි සතුටු වූයේ නැත. තවදුරටත් අනස් තුමා මෙසේ පැවසීය. "එහෙයින් මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ටත් අබූ බක්ර් හා උමර් තුමාණන්ලා හටත් ආදරය කරමි. ඔවුන් කළ ඔවුන්ගේ ක්‍රියාවන් හා සමානව මා ක්‍රියා කර නො තිබුණ ද ඔවුන් කෙරෙහි මා ආදරය කර ඔවුන් සමග මාද වන්නට මම ප්‍රිය කරමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ දෙවිඳුනි! මතුලොව ජීවිතය මිස වෙනත් ජීවිතයක් නැත. අන්සාර්වරුන්ට හා මුහාජිර්වරුන්ට ඔබ සමාව දෙනු මැනව!"
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ ඔහුගේ දරුවාට, ඔහුගේ පියාට හා සියලුම මිනිසුන්ට වඩා මා ඔහුට ප්‍රිය මනාපයකු වන තෙක් ඔහු දේවත්වය විශ්වාස කරන්නෙකු වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම ස්වර්ගයේ වෙළඳ පොළක් ඇත. සෑම සිකුරාදා දිනකම ඔවුහු එහි පැමිණෙති. උතුරු දෙසින් සුළඟක් හමා ඇවිත් ඔවුන්ගේ මුහුණු හා ඔවුන්ගේ ඇඳුම්වල හමයි. එවිට ඔවුන් අලංකාරයෙන් හා පැහැපත් බවින් වැඩි වෙයි. පසුව ඔවුන් අලංකාරය හා පැහැපත් බව වර්ධනය වූ තත්ත්වයේ ඔවුන්ගේ පවුල් වෙත හැරී යති. ඔවුන්ගේ පවුලේ උදවිය ඔවුනට මෙසේ පවසති: අල්ලාහ් මත දිවුරා පවසමු, සැබැවින්ම අපෙන් ඔබ වෙන්ව ගිය පසුව අලංකාරයෙන් හා පැහැපත් බවින් ඔබ වර්ධනය වී ඇත. එවිට ඔවුහු ද: අල්ලාහ් මත දිවුරා පවසමු, ඔබ ද අප ගිය පසු අලංකාරයෙන් හා පැහැපත් බවින් වර්ධනය වී ඇත යැයි පවසා සිටිති.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත." (වාර්තාකරු) මෙසේ පැවසීය. "මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත." තව දුරටත් මෙසේ පැවසීය. "ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. ඔවුන් කෙඳිරි ගාන්නට පටන් ගත්හ." තවදුරටත් මෙසේ පවසන ලදී. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?"යි විමසා සිටියේය. "ඔබේ පියා මේ තැනැත්තා ය යැයි පැවසීය." පසුව "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" යන (සූරා අල්-මාඉදා: 101) පාඨය පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.