Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 4 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්ලාහ් ස්වර්ගය හා අපා ගින්න මැවූ කල්හි ජිබ්රීල් අලයිහිස් සලාම් ස්වර්ගයට යැවීය. පසුව ඔහු: "ඔබ ඒ දෙස හා එහි වාසීන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු." යැයි පැවසීය. එවිට ඔහු ඒ දෙස බලා නැවත පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන්, මේ ගැන සවන් වැකෙන කිසිවකු හෝ වේවා, ඔහු එහි පිවිසෙන්නේමය." පසු ව ඔහු එයට නියෝග කළේය. එය දුෂ්කර දැයින් වෙළුණේය. එවිට ඔහු: "ඔබ ඒ වෙත ගොස් ඒ දෙස හා එහි වැසියන් හට මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය දුෂ්කර දැයින් වෙළී තිබිණ. එවිට ඔහු: "ඔබේ ගෞරවයේ නාමයෙන්, කිසිවෙකු හෝ එහි ඇතුලු නොවනු ඇතැයි සැබැවින්ම මම බියවෙමි" යැයි පැවසීය. ඔහු: "ඔබ ගොස් අපාය දෙස හා එහි වැසියන් හට එහි මා සූදානම් කර ඇති දෑ දෙස බලනු" යැයි පැවසීය. පසුව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ඒවා එකිනෙක මත ගොඩ ගැසී තිබුණි. පසුව නැවත හැරී පැමිණ මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එහි නො පිවිසෙනු ඇත." පසුව ඔහු එයට නියෝග කළේය. පසුව එය ආශාවන්ගෙන් වෙළුණේය. පසු ව ඔහු: "ඔබ ගොස් ඒ දෙස බලනු" යැයි පැවසීය. පසු ව ඔහු ඒ දෙස බැලුවේය. එවිට එය ආශාවන්ගෙන් වෙළී තිබුණි. නැවත හැරී ඇවිත් මෙසේ පැවසීය: "ඔබේ ගෞරවයේ නාමයෙන් කිසිවකු එයට නො පිවිස එයින් ගැල වී නොයනු ඇතැයි මම බිය වෙමි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, අත්තිර්මිදී සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"ආශාවන් බිඳ දමන දෑ මෙනෙහි කිරීම වැඩි කර ගන්න" එනම් මරණයයි.
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදී, අන් නසාඊ සහ ඉබ්නු මාජහ් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"සැබැවින්ම මෙලොව ශාප කරනු ලබන්නකි. එමෙන්ම එහි ඇති දෑ ද ශාප කරනු ලබන්නකි. නමුත් අල්ලාහ්ව මෙනෙහි කිරීම, ඔහු සමීප කරගත් දෑ හා දැනුම ලද්දා හෝ දැනුම හදාරන්නා හැර."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
“දේවත්වය විශ්වාස කරන්නා හා දේවත්වය විශ්වාස කරන්නිය ඔහු හෝ ඇය මත, පාපයක් නොපිහිටන තත්ත්වයක අල්ලාහ්ව මුණ ගැසෙන තෙක්, තමන් තුළ ද තම දරුවන් තුළ ද තම සම්පත් තුළ ද පරීක්ෂාවට ලක්වෙමින්ම සිටියි."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.