Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 75 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. පුද්ගලයකුට ඔහු පතන දෑ ඇත. එබැවින් කවරෙකුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයා වෙත පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් වෙතම පිහිටනු ඇත. කවරෙකුගේ නික්ම යෑම මෙලොව හිමි කර ගැනීම සඳහා හෝ කාන්තාවක් විවාහ කර ගැනීම සඳහා පිහිටියේ ද ඔහුගේ නික්ම යෑම ඔහු කවර දෙයක් වෙත නික්ම ගියේ ද ඒ සඳහා පිහිටනු ඇත." බුහාරි හි සඳහන් තවත් ප්‍රකාශයක: "සියලු ක්‍රියාවන් පිහිටනුයේ චේතනාවන් අනුවය. සෑම පුද්ගලයකුටම ඔහු පතන දෑ ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මා වෙත ස්වර්ගය හා නිරය පෙන්වන ලදී. යහපත හෝ අයහපත ඇති දිනයක් සේ මම එය නොදුටුවෙමි. මා දන්නා දෑ ඔබ සැම දන්නේ නම්, අඩුවෙන් සිනහ සී වැඩියෙන් හඬා වැළපෙනු ඇත." (වාර්තාකරු) මෙසේ පැවසීය. "මීට වඩා දරුණු දිනයක් අල්ලාහ්ගේ දූතයාණන්ගේ මිතුරන් හට පැමිණ තිබුණේ නැත." තව දුරටත් මෙසේ පැවසීය. "ඔවුහු ඔවුන්ගේ හිස් ආවරණය කර ගත්හ. ඔවුන් කෙඳිරි ගාන්නට පටන් ගත්හ." තවදුරටත් මෙසේ පවසන ලදී. එවිට උමර් තුමා නැගිට මෙසේ පැවසූහ: "අපි අල්ලාහ්ව පරමාධිපතියාණන් ලෙසත්, ඉස්ලාමය දහම ලෙසත්, මුහම්මද් තුමාණන් නබිවරයා ලෙසත් පිළිගෙන ඇත්තෙමු." එම මිනිසා නැගිට "මගේ පියා කවුදැ?"යි විමසා සිටියේය. "ඔබේ පියා මේ තැනැත්තා ය යැයි පැවසීය." පසුව "අහෝ විශ්වාස කළවුනි! ඔබට හෙළි වූ විට ඔබට නපුරක් වන කරුණු පිළිබඳ ඔබ විමසා නොසිටිනු" යන (සූරා අල්-මාඉදා: 101) පාඨය පහළ විය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"මුහම්මද් (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණන්ගේ පවුලේ උදවිය මදීනාවට ආ දා පටන් එතුමාණන්ව අල්ලාහ් අත්පත් කර ගන්නා තෙක් අඛණ්ඩ ව රාත්‍රීන් තුනක් එක දිගට බඩ පුරවා ගෙන නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“මාගේ සමූහයේ සියලු දෙනා නොසලකා හරිනු ලැබුවෝය. නමුත් ප්‍රසිද්ධියට පත්කර ගන්නන් හැර. එසේ ප්‍රසිද්ධියට පත්කර ගන්නන් අතරින් කරුණක් නම්, මිනිසෙකු රාත්‍රියේ යම් ක්‍රියාවක් සිදු කරයි. පසුව උදෑසන අවදි වෙයි. සැබැවින්ම අල්ලාහ් එය වසන් කළේය. නමුත් ඔහු: "අහෝ මිනිස! රාත්‍රී කාලයේ මා මේ මේ කටයුතු සිදු කළෙමි යැයි පවසයි. ඔහුගේ පරමාධිපති එය වසන් කර තිබුණි. නමුත් ඔහු අවදි වී ඔහු ගැන අල්ලාහ් වසන් කළ දෑ හෙළි කරන්නට විය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම සර්වබලධාරී අල්ලාහ් දහවල් කාලයේ පාපකම් කරන්නා පාපක්ෂමාව අයදිනු පිණිස තම අත රාත්‍රියේ දිගු හරියි. රාත්‍රී කාලයේ පාපකම් කරන්නා පාපක්ෂාම අයදිනු පිණිස තම අත දහවල් කාලයේ දිගු හරියි. එය හිරු අවරින් උදාවන තෙක්ම සිදුවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
උත්තරීතර අල්ලාහ් මෙසේ පවසා ඇත: "කිසිදු ඇසක් නොදුටු, කිසිදු කනක් සවන් නොදුන්, කිසිදු මිනිස් හදවතක් කල්පනය නොකළ දෑ මම මාගේ දැහැමි ගැත්තන් වෙනුවෙන් සූදානම් කර ඇත්තෙමි." අබූ හුරෙයිරා තුමා මෙසේ පවසයි: ඔබ කැමති නම් (අස්-සජදා: 17 වැනි පාඨය) කියවන්න. එනම්: "ඔවුන් වෙනුවෙන් සඟවා තබනු ලැබූ ඇස් පිනවන දෑ කිසිදු ආත්මයක් නොදනී."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අපි අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සමග සිටියෙමු. එවිට යමක් වැටෙන හඬක් ඇසිණ. එවිට එතුමාණෝ: ‘ඒ කුමක්දැයි නුඹලා දන්නෙහු ද?” යැයි විමසූහ. අපි: “මැනවින් දන්නා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්’ වේ යැයි පැවසුවෙමු. එතුමාණෝ: “මෙය වසර හැත්තෑවකට පෙර අපා ගින්නට විසිකරන ලද ගලකි. දැන් එය අපා ගින්නට එහි පතුළ තෙක් වැටෙමින් පවතී. නුඹලා සවන් දුන්නේ එය වැටෙන හඬට ය.” යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“ඔබට වඩා පහළ තත්ත්වයේ පසු වන ජනතාව දෙස ඔබේ අවධානය යොමු කරන්න. ඔබට වඩා ඉහළ තත්ත්වයේ සිටින ජනතාව වෙත අවධානය යොමු නොකරන්න. අල්ලාහ්ගෙන් ඔබට දෙන ලද ආශීර්වාද පිළිබඳ ව ඒවා අල්ප ලෙස ඔබ නොසැලකීමට මෙය කදිම ක්‍රමය වේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.