عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
ඉතිරි මූලාශ්ර පෙන්වන්න
වාර්තාකරු
සියලු වාර්තාකරුවන් පෙන්වන්න (48)
"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය."
පූර්ව සාධක සහිත හදීසයකි. පළමු හදීසය මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර, දෙවන හදීසය අහ්මද් සහ දාරිමී විසින් වාර්තා කර ඇත.
"කරුණු හතරක් ඇත. කවුරුන් තුළ ඒවා පවතින්නේ ද ඔහු කුහකයකු වේ. ඒවා අතරින් එක් කරුණක් පමණක් පවතින්නේ ද, එය ඔහු අත් හරින තෙක් කුහකත්වයේ එක් කරුණක් ඔහු තුළ පවතී. ඔහු වනාහි: කතා කළ විට බොරු කියයි. පොරොන්දු දුන් විට කඩ කරයි. වාද කළ විට දුෂ්ටකම් කරයි. ගිවිස ගත් විට උල්ලංඝණය කරයි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ දිනක් මින්බර් වේදිකාව මත වාඩි වී සිටියහ. අප ද එතුමාණන් අවට වාඩි වී සිටියෙමු. එවිට එතුමාණෝ: “සැබැවින්ම මගෙන් පසුව ඔබලා කෙරෙහි මා බියවන කරුණ නම්, මෙලොව චමත්කාරය හා එහි අලංකාරය නුඹලා වෙත විවෘත කරනු ලැබීමය.” යැයි පැවසූහ. එවිට මිනිසෙක්, "අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! යහපත අයහපත ගෙන දෙයි ද?" යැයි විමසීය. එවිට නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණෝ නිහඬ වූහ. 'එවිට ඔබට කුමක් වීද? ඔබ නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් සමග කතා කළ නමුත් එතුමාණන් ඔබ සමග කතා නොකරයි.' යැයි ඔහුට පවසන ලදී. 'සැබැවින්ම එතුමාණන් වෙත වහී පහළ වනු ඇතැයි අපි දැන ගත්තෙමු.' පසුව එතුමාණෝ දහඩිය පිසදමා "ප්රශ්නය විමසා සිටි තැනැත්තා කොහේදැ?"යි විමසා සිටියහ. එතුමා ඔහුව ප්රශංසා කරන්නට විය. එවිට එතුමාණෝ: සැබැවින්ම "යහපත කිසිවිටෙක අයහපතක් ගෙන එන්නේ නැත. (එයට උපමාවක් නම්) වසන්ත කාලයේ හටගන්නා ශාකවලින් සතුන් මරා දමන දෑ ද එසේ නැතහොත් මාරාන්තික වේදනාවට ලක් කරන දෑ ද ඇත. හරිත තණකොළ පමණක් ආහාරයට ගත් සතුන් හැර. ඒ සතුන් උදරයේ දෙපැත්ත නෙරා යන තරමට අනුභව කර හිරුට නිරාවරණය වී ඌ මළ මූත්රා කරයි. නැවතත් එය එලෙස සිදු කරයි. මෙම ධනය ද හරිත හා මිහිරිය. මුස්ලිම්වරයකු තමන් විසින් දුගියාට අනාතයාට මගියාට පිරිනමන දෑ යහපත් විය. -එසේ නැතහොත් නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) මෙසේ ප්රකාශ කළා සේය.- එනම් කවුරුන් හෝ එය අසාධාරණ ලෙස ලබා ගන්නේ නම්, එය තමන් අනුභව කරන නමුත් කුස නොපිරුණු අයකු මෙන් වේ. මළවුන් කෙරෙන් නැවත නැඟිටවනු ලබන දිනයේ එය ඔහුට විරුද්ධව සාක්ෂි දරනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ඔබ අතරින් කිසිවකු හෝ නින්දට වැටුණු විට ඔහුගේ හිස් කෙළවරෙහි ගැට තුනක් ෂෙයිතාන් ගැට ගසයි. ‘ඔබට දිගු රාත්රියක්, හොදින් නිදා ගන්න’ යැයි පවසමින් ෂෙයිතාන් සෑම ගැටයක් මතම ගැට ගසනු ඇත. නමුත් ඔහු අවදි වී උත්තරීතර අල්ලාහ්ව මෙනෙහි කරන විට ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු වුළූ ධෝවනය කළ විට තවත් ගැටයක් ලිහෙනු ඇත. පසුව ඔහු සලාත් ඉටු කළ විට ඔහුගේ සියලු ගැට ලිහෙනු ඇත. පසුව ඔහු මනා මානසික සුවයෙන් යුතුව ධෛර්යමත්ව අවදිවනු ඇත. එසේ නොවේ නම් විකෘති අයහපත් මනසකින් යුතුව මැලිකමින් අවදිවනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
ඔබ අතරින් යමෙකු වෙත ෂෙයිතාන් පැමිණ: "මෙසේ මැව්වේ කවු ද? එසේ මැව්වේ කවු ද? අවසානයේ ඔබේ පරමාධිපති ව මැව්වේ කවු ද? යැයි විමසා සිටියි. එය ඔහුට ළඟා වූ විටෙක, ඔහු අල්ලාහ්ගෙන් ආරක්ෂාව පතා ඉන් වැළකී සිටිය යුතුය.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“දිවට පහසු, තුළාවෙහි බරැති, මහා කාරුණිකයාණන්හට ප්රිය මනාප වදන් දෙකකි. සුබ්හානල්ලාහි වබිහම්දිහි, -අල්ලාහ් ඔහුගේ ප්රශංසාව තුළින් සුවිශුද්ධය.- සුබ්හානල්ලාහිල් අළීම් - සර්වබලධාරී අල්ලාහ් සුවිශුද්ධය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ: සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි යැයි පැවසූහ. පසුව අමු අත්තක් ගෙන එය දෙකට පළා මිනීවල දෙක මත සිටෙව්වේය. ඔවුහු: "අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ සිදු කළේ ඇයි දැ?"යි විමසුවෝය. එතුමාණෝ: "මේ දෙක වියළී නොයන තාක්කල් මොවුන් දෙදෙනාට සහනයක් විය හැක." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අහෝ කාන්තා සමූහයනි! නුඹලා දන් දෙන්න. සැබැවින්ම අපා ගින්නේ බහුතර පිරිසක් ලෙස මම නුඹලාව දකිමි.” යැයි පැවසූහ. එවිට ඔවුහු: 'අල්ලාහ්ගේ දූතයාණනි! එය කවර හේතුවක් නිසාවෙන් දැ?’යි විමසුවෝය. එතුමාණෝ: “නුඹලා අධික ලෙස ශාප කරන්නෙහුය. සැමියාට ගුණමකු වන්නෙහුය. නුවණැති පුරුෂයකුගේ අවබෝධය දුරු කළ හැකි කිසිවෙක් බුද්ධියෙන් හා ආගමෙන් හීන ඔබ අතරින් මා දැක නැත.” ඔවුහු: “අල්ලාහ්ගේ දූතයාණනි! අපගේ දහමෙහි හා බුද්ධියෙහි හීනභාවය කුමක් ද?” යැයි විමසා සිටියෝය. එතුමා: “කාන්තාවකගේ සාක්ෂිය පිරිමියකුගේ සාක්ෂියෙන් අඩක් මෙන් නොවන්නේද” එවිට ඔවුහු: ‘එසේය’ යැයි පැවසුවෝය. එතුමා: “එයයි ඇයගේ බුද්ධියේ හීනභාවය” යැයි පවසා සිටි අතර “ඇය ඔසප් තත්ත්වයට පත් වූ විට සලාත් ඉටු නොකරනවා නොවේ ද? උපවාසය අත්හැර දමනවා නොවේද” යැයි විමසූහ. ඔවුහු: ‘එසේය.’ යැයි පිළිතුරු දුන්නෝය. එතුමා: “එයයි ඇයගේ දහමේ පවතින භීනභාවය.” යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.