Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 34 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"මිනිසුන් අධික ලෙස ස්වර්ගයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) විමසන ලදී. එවිට එතුමාණෝ: “අල්ලාහ් පිළිබඳ බිය හැඟීමෙන් යුතුව කටයුතු කිරීම හා යහපත් ගතිගුණ වේ” යැයි පැවසූහ. තවදුරටත්, මිනිසුන් අධික ලෙස නිරයට ඇතුළත් කරන දෑ කුමක්දැ?යි එතුමාණන්ගෙන් විමසන ලදී. එවිට එතුමාණෝ: “කට හා ලිංගේන්ද්‍රි ය” යැයි පැවසූහ.
හසන් සහීහ් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු විසින් වාර්තා කර ඇත.
"යම් පිිරිසක් අල්ලාහ් සිහි කිරීමකින් තොරව හා ඔවුන්ගේ නබිවරයා කෙරෙහි සලවාත් පැවැසීමකින් තොරව යම් කිසි සභාවක අසුන් ගන්නේ ද, ඔවුන්ට (අල්ලාහ්ගෙන්) අලාභයක්ම සිදුවෙනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට දඩුවම් කරනු ඇත. ඔහු සිතුවේ නම් ඔවුනට සමාව දෙනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා හි වාර්තා කර ඇත.
“කවරෙකු ඉදිරියේ මා ගැන මෙනෙහි කරනු ලැබ ඔහු මා කෙරෙහි සලවාත් නො පවසා සිටියේ ද ඔහු මසුරු පුද්ගලයෙකි.”
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිද්, අල් කුබ්රාහි නසාඊ හා අහ්මද් වාර්තා කර ඇත.
"සැබැවින්ම මිනීවළ මතුලොව ස්ථාන අතරින් පළමු නිවහන වේ. ඉන් සමත් වූයේ නම්, ඉන් පසු ඇති දෑ ඊට වඩා පහසු වනු ඇත. නමුත් ඉන් අසමත් වූයේ නම් එවිට ඉන්පසු ඇති දෑ ඊට වඩා දරුණු වනු ඇත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි, හා ඉමාම් මාජහ් වාර්තා කොට ඇත.
"ඍජු මාර්ගයක් උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. එම මාර්ගය දෙපස බිත්ති දෙකකි. ඒ දෙක අතර විවෘත වූ දොරවල්ය. එම දොරවල් මත එල්ලෙමින් පවතින තිරය. එම මාර්ගයේ දොරටුව මත සිටින ඇරයුම් කරන්නෙක්: "අහෝ මිනිසුනි! ඔබ සැවොම මාර්ගයට පිවිසෙන්න. අක්‍රමවත් ලෙස ගමන් නොකරන්න." යැයි පවසයි. තවත් ඇරයුම් කරන්නෙක් මාර්ගයට උඩින් සිට, යමෙක් දොරටුවලින් එකක් විවෘත කරන්නට සිතු විට, "ඔබ මෙය විවෘත නොකරන්න. එසේ ඔබ එය විවෘත කළේ නම්, එහි ඔබ පිවිසෙනු ඇත." යැයි පවසයි. එම මාර්ගය ඉස්ලාමයයි. බිත්ති දෙක අල්ලාහ්ගේ සීමාවන් වෙති. විවෘත කරනු ලැබූ දොරටු අල්ලාහ් තහනම් කළ දෑය. මාර්ගයට මුඳුනින් සිට අමතන්නා අල්ලාහ්ගේ ග්‍රන්ථයයි. පාලමට ඉහළින් සිට අමතන්නා සෑම මුස්ලිම්වරයකුගේම හදවත තුළ ඇති අල්ලාහ්ගේ උපදෙස්කරුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලය්හි වසල්ලම්) තුමාණෝ: يَا مُقَلِّبَ القُلُوبِ ثَبِّتْ قَلْبِي عَلَى دِينِكَ "යා මුකල්ලිබුල් කුලූබි සබ්බිත් කල්බී අලා දීනික” (අහෝ හදවත් වෙනස් කරන්නානනි! මාගේ හදවත ඔබේ දහම මත ස්ථාවරව තබනු මැනව.) යනුවෙන් අධික ලෙස ප්‍රාර්ථනා කරන්නෙකු වූහ. එවිට මම:"අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම අපි ඔබ හා ඔබ ගෙන ආ දෑ විශ්වාස කර ඇත්තෙමු. එසේ තිබිය දී ඔබ අප ගැන බියවන්නෙහි ද?" යැයි විමසුවෙමි. එතුමාණෝ: "ඔව්, සැබැවින්ම හදවත ඇත්තේ අල්ලාහ්ගේ ඇඟිලි අතරින් ඇඟිලි දෙකක් අතර ය. ඔහු අභිමත කරන පරිදි එය පෙරළනු ඇත." යැයි පැවසුහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
ඔබ මෙසේ පවසන්න: "අල්ලාහුම්මක්ෆිනී බි හලාලික අන් හරාමික, වඅග්නිනී බිෆළ්ලික අම්මන් සිවාක්" තේරුම: අහෝ දෙවිඳාණනි! ඔබ විසින් තහනම් කළ දැයින් වැළකී ඔබ නිත්‍යානුකූල කළ දැයින් මා සෑහීමට පත් කරනු මැනව. ඔබේ භාග්‍යය තුළින් ඔබෙන් තොර අන් අයගෙන් මා අවශ්‍යතා රහිත අයකු බවට පත් කරනු මැනව.
හසන් ගණයට අයත් හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ දූතයාණෙනි! සර්ව බලධාරී අල්ලාහ්ගෙන් ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න." යැයි පැවසුවෙමි. එවිට එතුමාණෝ: "සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ. දින කිහිපයකට පසු, මම එතුමාණන් වෙත ගොස්: "අල්ලාහ්ගේ දූතයාණනි, සර්ව බලධාරී අල්ලාහ්ගෙන් මා ඉල්ලා සිටිය හැකි යමක් මට උගන්වන්න" යැයි පවසා සිටියෙමි. එවිට එතුමාණෝ මට: "අහෝ අබ්බාස්! අල්ලාහ්ගේ දූතයාගේ මහප්පාණනි! මෙලොව සහ පරලොව සුවය (ආරක්ෂාව) සඳහා අල්ලාහ්ගෙන් පතන්න" යැයි පැවසූහ."
සහීහ් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. මෙය තිර්මිදි හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.