Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 14 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"කාන්තාවකට, ඇයට මහ්රම් වන පිරිමියකු සමග මිස වෙනත් කිසිවකු සමග රාත්‍රියක් ගමන් කරන දුරක් ගමන් කිරීම අනුමත වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"දිවුරා සිටීම භාණ්ඩය ප්‍රවර්ධණය කරන නමුත් එය ලාභය විනාශ කරන්නකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම ගැමි අරාබිවරයකු නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමා වෙත පැමිණ: ‘මම එය කළ විට, මා ස්වර්ගයට පිවිසිය හැකි ක්‍රියාවක් මට පෙන්වා දෙන්න.’ යැයි විමසා සිටියේය. එතුමා: “ඔබ අල්ලාහ්ට නැමදුම් කරන්න. කිසිවක් ඔහුට ආදේශ නොතබන්න. නියම කරන ලද සලාතය විධිමත්ව ඉටු කරන්න. අනිවාර්යය කරන ලද සකාතය පිරිනමන්න. රමළාන් මාසයේ උපවාසයේ නිරත වන්න.” යැයි පැවසීය. ඔහු: ‘මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා සිටිමි. මීට වඩා කිසිවක් මම අධික නොකරමි.’ යැයි පැවසීය. පසුව ඔහු හැරී ගිය කල්හි නබි (සල්ලල්ලාහු අලෙයිහි වසල්ලම්) තුමාණෝ මෙසේ පැවසූහ: “ස්වර්ගවාසීන් අතරින් මිනිසෙකු දෙස බලන්නට කවරෙකු ප්‍රිය කරන්නේ ද මොහු දෙස බලත්වා!”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කිසිවකු හෝ සභාවකට ගිය විට, ඔහු (ඔවුනට) සලාම් පැවසිය යුතුය. ඔහු නැගිට යන්නට සිතූ විට ද සලාම් පැවසිය යුතුය. පළමුව අවසානයට වඩා උතුම් වන්නේ නැත."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.
“යුදෙව්වන් හා කිතුනුවන් කෙරහි නුඹලා සලාම් පවසා ආරම්භ නොකරනු. ඔවුන් මාර්ගයේ සිටිනු නුඹලා දුටු විට ඔවුන් එහි කෙළවරින් ගමන් කිරීමට සළස්වනු.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"සර්වබලධාරී කීර්තිමත් අල්ලාහ් මෙසේ පැවසීය: ආදම්ගේ පුතණුවන් මට හිංසා කරන්නේය. මම කාලය වී සිටිය දී ඔහු කාලයට බැණ වදී. සියලු කටයුතු ඇත්තේ මා සන්තකයේය. රාත්‍රිය හා දහවල මම පෙරළමි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) කිඹුහුම් හැරිය විට, තම අත හෝ තම රෙදි කඩ හෝ මුව මත තබා, එහිදී එතුමාගේ හඬ ද පහත් කර -මැඩපත් කර- ගත් අයකු වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“වාහනයේ ගමන් කරන්නා පා ගමනින් යන්නාටත්, පා ගමනින් යන්නා වාඩි වී සිටින්නාටත්, සුළු පිරිස බහුතර පිරිසටත් සලාම් පවසනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.