Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 73 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"දැඩි සේ දොස් නගන, දැඩි සේ ශාප කරන, අශීලාචාර ලෙස කටයුතු කරන, පහත් ලෙස කටයුතු කරන තැනැත්තා දේවත්වය විශ්වාස කරන මුඃමින්වරයකු නොවේ."
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
"කවරෙකුට පැවරුම් ආරක්ෂා කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ඊමාන් හෙවත් විශ්වාසය නැත. කවරෙකුට ගිවිසුම් ඉටු කිරීමේ වගකීම නොමැත්තේ ද ඔහුට ආගමක් නැත."
හසන් ලිඝය්රිහි ගණයට අයත් හදීසයකි. අහ්මද් එය වාර්තා කර ඇත.
සැබැවින්ම නුඹලා අතරින් මට වඩාත් ප්‍රියමනාප, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ නුඹලා අතරින් සභිකයින් ලෙස මට වඩාත් සමීප අය වන්නේ නුඹලා අතරින් වඩාත් සාරධර්ම ඇත්තවුන්ය. එමෙන්ම සැබැවින්ම මට වඩාත් කෝපය ගෙන දෙන, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ සභිකයින් වශයෙන් මට වඩාත් දුරස් අය වන්නේ අස්සර්සාරූන් (අධික ලෙස කතා කරන්නන්) හා අල් මුතෂද්දිකූන් (දීර්ග ලෙස කතා කරන්නන්) හා අල් මුතෆයිහිකූන් වෙති. ඔවුහු අහෝ අල්ලාහ්ගේ දූතයාණනි‍!, අපි අස් සාර්සාරූන් හා මුතෂද්දිකූන් කවුරුන්දැයි අපි හඳුනමු. නමුත් "මුතෆයිහිකූන්" යනු කවුරුන් දැයි විමසා සිටියෝය. එතුමාණෝ: ‘උඩඟුවූවෝ වෙති’ යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. තිර්මිදි එය වාර්තා කර ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් අසභ්‍ය වචන කතා කරන්නෙකු හෝ අසභ්‍ය ක්‍රියා සිදු කරන්නෙකු ලෙස සිටියේ නැත. සැබැවින්ම එතුමාණෝ මෙසේ පවසමින් සිටියහ: "සැබැවින්ම ඔබ අතරින් වඩාත් උතුම් අය වනුයේ ඔබ අතර සිටින ගතිගුණවලින් වඩාත් යහපත් තැනැත්තාය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අහෝ ආඉෂා! සැබැවින්ම අල්ලාහ් ඉතා කාරුණිකය. ඔහු කරුණාව ප්‍රිය කරයි. ප්‍රචණ්ඩත්වයට පිරිනමා නැති දැයක් හෝ ඒ හැර වෙනත් දෙයකට පිරිනමා නැති දැයක් ඔහු කරුණාවට පිරිනමා ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"විනාශකාරී කරුණු හතකින් ඔබ වැළකෙන්න." අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! ඒවා මොනවාද?" යැයි ඔවුහු විමසා සිටියෝය. එතුමා: "අල්ලාහ්ට ආදේශ තැබීම, මන්ත්‍ර ගුරුකම්වල නිරත වීම, යුක්තියෙන් තොරව අල්ලාහ් තහනම් කළ ආත්මයක් ඝාතනය කිරීම, පොළිය අනුභව කිරීම, අනාථයින්ගේ වස්තුව අනුභව කිරීම, යුදමය දිනයක යුද පිටියෙන් පලා යෑම, නිර්මල දේව විශ්වාසී නිහතමානී කාන්තාවන්ට අවලාද නැගීම ය."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"ඔබ අතරින් කෙනෙක්, තමාට ප්‍රිය කරන යමක් වී නම්, එය තම සහෝදරයා වෙනුවෙන් ද ප්‍රිය කරන තෙක් දේවත්වය විශ්වාස කරන්නෙකු නොවනු ඇත."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සැබැවින්ම යුක්තිගරුකයින් සර්ව බලධාරී, කීර්තිමත්, මහා කාරුණිකයාණන්ගේ දකුණු දෙසින් ඇති, අල්ලාහ් වන ඔහු අභියස ආලෝකයෙන් වූ වේදිකාවන් මත සිටිති. ඔහුගේ දෑත් දකුණු දෙසින් පවතී. ඔවුන් වනාහි, ඔවුන්ගේ තීන්දුවලත් ඔවුන්ගේ පවුල් අතරත් ඔවුන් භාරගත් දෑ අතරත් සාධාරණය ඉටු කරන්නන් වූහ.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.