Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 48 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"අල්-බිර්" හෙවත් යහපත යනු අලංකාර ගුණ ධර්ම වේ. "අල්-ඉස්ම්" හෙවත් පාපය යනු ඔබේ සිත තුළ දෝලනය වන, ඒ දෙස මිනිසුන් බැලීම ඔබ පිළිකුල් කරන දෑය."
පූර්ව සාධක සහිත හදීසයකි. පළමු හදීසය මුස්ලිම් විසින් වාර්තා කර ඇති අතර, දෙවන හදීසය අහ්මද් සහ දාරිමී විසින් වාර්තා කර ඇත.
“සත්‍යය කතා කිරීම නුඹලා සතු යුතුකමකි. සැබැවින්ම සත්‍යය යහකම වෙත මග පෙන්වයි. යහකම ස්වර්ගය වෙත මග පෙන්වයි. මිනිසා සත්‍යය කතා කරමින් සත්‍යය විමර්ශනය කරමින් සිටින තාක්කල් ඔහු සත්‍යවාදියෙකු ලෙස අල්ලාහ් අබියස සටහන් කරනු ලැබේ. බොරු කතා කිරීම ගැන නුඹලා අවවාදයෙන් සිටිය යුතුය. සැබැවින්ම බොරුව දුෂ්ටකම වෙත මග පෙන්වයි. සැබැවින්ම දුෂ්ටකම අපා ගින්න වෙත මගපෙන්වයි. තවද මිනිසා බොරු පවසමින් බොරුවට විමර්ශන කරමින් සිටින තාක්කල් ඔහු අල්ලාහ් අභියස බොරුකාරයෙකු ලෙස සටහන් කරනු ලැබේ. ”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“ශක්තිමත් මිනිසා මල්ලව පොර ක්‍රීඩකයා නොව, සැබැවින්ම ශක්තිමත් මිනිසා යනු තමන් කෝපයට පත් වූ විට තමාව පාලනය කර ගන්නා තැනැත්තාය.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් මිනීවළවල් දෙකක් අසළින් ගමන් ගත්හ. එවිට එතුමාණෝ: සැබැවින්ම මොවුන් දෙදෙනා වේදනා කරනු ලබති. මොවුන් දෙදෙනා වේදනා කරනු ලබනුයේ මහා පාපයක් නිසාවෙන් නොවේ. මොවුන් දෙදෙනාගෙන් එක් අයකු මූත්‍රා කිරීමෙන් පසු පිරිසිදු නොකළ අයෙකි. අනෙක් තැනැත්තා කේළාම් කියමින් සැරිසැරූ අයෙකි යැයි පැවසූහ. පසුව අමු අත්තක් ගෙන එය දෙකට පළා මිනීවල ‌දෙක මත සිටෙව්වේය. ඔවුහු: "අල්ලාහ්ගේ දූතයාණනි, ඔබ මෙසේ සිදු කළේ ඇයි දැ?"යි විමසුවෝය. එතුමාණෝ: "මේ දෙක වියළී නොයන තාක්කල් මොවුන් දෙදෙනාට සහනයක් විය හැක." යැයි පැවසූහ.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“නියත වශයෙන්ම ෂෙයිතාන් අරාබි අර්ධද්වීපයේ සලාත් ඉටු කරන්නන් තමාට ගැතිකම් කිරීම පිළිබඳව බලාපොරොත්තු සුන් කර ගත්තේය. නමුත් ඔවුන් අතර අර්බුද පතුරුවාලීමෙහි ඔහු උපේක්ෂාවෙන් සිටියි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කරුණාව තහනම් කර ගන්නා සියලු යහපත තහනම් කර ගනී.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ මුල් කාලීන අය හා අවසන් කාලීන අය අල්ලාහ් එකට එක් රැස් කරන විට, වංචා කරන සෑම කෙනෙකු වෙනුවෙන්ම ධජයක් ඔසවනු ලැබේ. පසුව ඔහුට: 'අසවල් පුද්ගලයාගේ පුත් මේ පුද්ගලයාගේ වංචාව මෙය වේ' යැයි පවසනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"සැබැවින්ම මෘදුභාවය යනු, එය යම් කරුණක අලංකාරය වැඩි කරනු මිස නැත. එමෙන්ම යම් කරුණකින් ඉවත් කිරීමෙන් නින්දාව මිස නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.