عربي - Arabic English Qafár af - Afar Afrikaans - Afrikanns Akan Shqip - Albanian አማርኛ - Amharic Հայերեն - Armenian অসমীয়া - Assamese Azərbaycanca - Azerbaijani Bamanankan - Bambara Bassa Bemba বাংলা - Bengali Bosanski - Bosnian Български - Bulgarian မြန်မာဘာသာ - Burmese Bisaya - Cebuano Cham Нохчий - Chechen chiCheŵa - Chewa 中文 - Chinese Адыгэбзэ - Circassian Hrvatski - Croatian Česky - Czech Dagbani Dansk - Danish فارسی دری - Dari Dendi ދިވެހި ބަސް - Dhivehi Nederlands - Dutch إستوني - Estonian Suomi - Finnish Français - French Fulfulde - Fula ქართული - Georgian Deutsch - German Ελληνικά - Greek ગુજરાતી - Gujrati Kreyòl ayisyen - Haitian Creole Hausa हिन्दी - Hindi Magyar - Hungarian Igbo Indonesia - Indonesian Italiano - Italian 日本語 - Japanese Jóola - Jola ಕನ್ನಡ - Kannada Қазақша - Kazakh ភាសាខ្មែរ - Khmer Kikuyu Ikinyarwanda - Kinyarwanda Ikirundi - Kirundi 한국어 - Korean كوردی سۆرانی - kurdish كوردي kurmancî - Kurmanji Kyrgyz ລາວ - Lao latviešu - Latvian Lingala lietuvių - Lithuanian Luganda Македонски - Macedonian Maguindanaon Malagasy - Malagasy Bahasa Melayu - Malay മലയാളം - Malayalam Mandinka मराठी - Marathi Mõõré - Moore नेपाली - Nepali أنكو - NKo Norwegian ଓଡ଼ିଆ - Odia oromoo - Oromo پښتو - Pashto فارسی - Persian Polski - Polish Portuguese ਪੰਜਾਬੀ - Punjabi Română - Romanian Русский - Russian Српски - Serbian Shona සිංහල - Sinhala Slovenščina - Slovenian Soomaaliga - Somali Soninke Sesotho - Sotho Español - Spanish Kiswahili - Swahili Svenska - Swedish Tagalog Тоҷикӣ - Tajik தமிழ் - Tamil తెలుగు - Telugu ไทย - Thai ትግረኛ - Tigrinya Türkçe - Turkish Ukrainian اردو - Urdu ئۇيغۇرچە - Uyghur Ўзбек - Uzbek Việt Nam - Vietnamese Wolof Yao Yorùbá - Yoruba Zarma زولو - Zulu
838 හදීස්
නබි හදීස් විශ්වකෝෂය
ප්රවර්ග
හදීසයේ තරාතිරම
වාර්තා වූ ග්රන්ථය
වාර්තාකරු
"(දේවත්වය විශ්වාස කරන) මුඃමින්වරයා තම යහපත් ගුණාංග තුළින් රාත්රියේ නැගිට නැමදුම් කරන, උපවාසය රකින අයකුගේ නිලය ලබනු ඇත."
එය අනු සාධක හරහා පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්ය දෑ කතා කරන, අශීලාචාර ක්රියා කරන අය කෙරෙහි කෝප වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා මේ මේ අයුරින් ප්රමාණවත් - එක් වාර්තාකරුවකු පවසා සිටියේ - ඈ කොට තැනැත්තියක් යැයි එයින් අදහස් කළ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්ර වී දූෂිත වනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "මම පවසා සිටියේ මිනිසකු පවසා සිටින අයුරිනි". එවිට එතුමාණෝ, "සැබැවින්ම මට මේ මේ තිබුණ ද මිනසාගේ අඩුපාඩු කතා කිරීම මම ප්රිය නොකරමි" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසෙකු තම සහෝදරයාට ප්රේම කරන්නේ නම්, සැබැවින්ම තමන් ඔහුට ප්රේම කරන බව දැනුම් දිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.