Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 8 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
"(දේවත්වය විශ්වාස කරන) මුඃමින්වරයා තම යහපත් ගුණාංග තුළින් රාත්‍රියේ නැගිට නැමදුම් කරන, උපවාසය රකින අයකුගේ නිලය ලබනු ඇත."
එය අනු සාධක හරහා පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ අහ්මද් එය වාර්තා කර ඇත.
“කරුණාවන්තයෝ වනාහි, රහ්මාන් ඔවුනට කරුණා කරනු ඇත. මිහිකතේ වැසියනට නුඹලා කරුණා කරනු. අහස්හි සිටින්නන් නුඹලාට කරුණා කරනු ඇත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
“මළවුන් නැගිටුවනු ලබන දිනයේ දේව විශ්වාසී මුඃමින්වරයකුගේ තුලාවේ ගුණදම්වලට වඩා බරැති කිසිවක් නොමැත. සැබැවින්ම අල්ලාහ් අසභ්‍ය දෑ කතා කරන, අශීලාචාර ක්‍රියා කරන අය කෙරෙහි කෝප වේ."
පූර්ව සාධක සහිත හදීසයකි. අබූ දාවූද් සහ තිර්මිදි එය වාර්තා කර ඇත.
"දේවත්වය විශ්වාස කරන්නන් අතරින් විශ්වාසයෙන් වඩාත් පුර්ණවත් තැනැත්තා ඔවුන් අතර සදාචාරයෙන් වඩාත් යහපත් තැනැත්තාය. නුඹලා අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ තැනැත්තා නුඹලා අතර තම බිරියන් හට ශ්‍රේෂ්ඨ තැනැත්තාය."
හසන් ගණයට අයත් හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරනු ලබන යම් දැනුමක් වී, යමෙකු එමගින් මෙලොව යමක් ලැබීමේ අපේක්ෂාවෙන් මිස එය නො හදාරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ස්වර්ගයේ ගන්ධය පවා ඔහු ආඝ්‍රාණය නො කරනු ඇත." එනම් එහි සුවඳය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවුද්, ඉබ්නු මාජහ් හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
මම නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් හට: ඔබට සෆිය්යා මේ මේ අයුරින් ප්‍රමාණවත් - එක් වාර්තාකරුවකු පවසා සිටියේ - ඈ කොට තැනැත්තියක් යැයි එයින් අදහස් කළ බවයි. එවිට එතුමාණෝ "ඔබ වචනයක් පවසා සිටියෙහිය. මුහුදු ජලය සමග එය මුසු වූයේ නම්, එය මිශ්‍ර වී දූෂිත වනු ඇත. ඇය මෙසේ පවසා සිටියාය: "මම පවසා සිටියේ මිනිසකු පවසා සිටින අයුරිනි". එවිට එතුමාණෝ, "සැබැවින්ම මට මේ මේ තිබුණ ද මිනසාගේ අඩුපාඩු කතා කිරීම මම ප්‍රිය නොකරමි" යැයි පවසා සිටියහ.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසුනට කෘතවේදී නොවන්නා අල්ලාහ්ට කෘතවේදී නොවෙයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදි, හා අහ්මද් යන ඉමාම්වරු වාර්තා කර ඇත.
"මිනිසෙකු තම සහෝදරයාට ප්‍රේම කරන්නේ නම්, සැබැවින්ම තමන් ඔහුට ප්‍රේම කරන බව දැනුම් දිය යුතුය."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද්, තිර්මිදී යන ඉමාම්වරුන් වාර්තා කර ඇති අතර අන් නසාඊ ඉමාම් විසින් අල්කුබ්රා ග්‍රන්ථයෙ හි වාර්තා කර ඇත. තවද ඉමාම් අහ්මද් වාර්තා කර ඇත.