Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 5 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න
“ගැත්තන් උදෑසන අවදි වන සෑම දිනකම එහි මලක්වරුන් දෙදෙනෙකු පහළ නොවන දිනයක් නොමැත. ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙක්: “අහෝ දෙවිඳුනි! පිං සඳහා වියදම් කරන්නාට පසුවටත් ලබා දෙනු මැනව!” යැයි පවසන අතරම අනෙක් තැනැත්තා: “අහෝ දෙවිඳුනි! එය රඳා තබා ‍ගන්නාට විනාශය ඇති කරනු මැනව.” යැයි පවසයි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
"අල්ලාහ්ගේ මාර්ගයේ ඔබ වැය කළ දීනාරයක්, වහලුන් කෙරෙහි ඔබ වැය කළ දීනාරයක්, දුගියන් වෙනුවෙන් ඔබ දානය කළ දීනාරයක්, ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයක්. ඒවා අතරින් අතිමහත්ති ප්‍රතිඵල ගෙන දෙනුයේ ඔබ ඔබේ පවුල වෙනුවෙන් වැය කළ දීනාරයයි."
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"අල්ලාහ් මෙසේ පැවසීය: අහෝ ආදම්ගේ පුතුනි! ඔබ වියදම් කරන්න. ඔබ වෙනුවෙන් වියදම් කරනු ලැබේ."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“රන් හෝ රිදී හිමි අයකු ඒ සඳහා වූ (සකාත්) නියමය ඉන් ඉටු නොකරන්නේ නම්, මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ගින්නෙන් වූ තැටි ඔහු වෙනුවෙන් තනනු ලැබේ. පසුව අපා ගින්නෙහි රත් කරනු ලැබ එමගින් ඔහුගේ ඇලපැත්ත ඔහුගේ නළල සහ ඔහුගේ පිට ගිනි තැටියෙන් මදිනු ලැබේ. එය සිසිල් වන සෑම විටෙකම නැවතත් රත් කරනු ලැබේ. මෙම දඬුවම වසර පනස්දහසක කාල ප්‍රමාණයකින් යුත් එක් මතු දිනයක සිදු වේ. තීන්දු දෙනු ලැබ, ස්වර්ගය වෙත හෝ අපා ගින්න වෙත හෝ ඔහුගේ මඟ ඔහු දකින තුරු නැවත නැවතත් ඔහු වෙනුවෙන් මෙසේ සිදු කරනු ලැබේ.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
“සදකා හෙවත් දානය කිසිදු ධනයක් අඩු නොකරයි. සමාව දීම තුළින් අල්ලාහ් ගැත්තාට ගෞරවය මිස වෙනකක් වැඩි කරන්නේ නැත. අල්ලාහ් වෙනුවෙන් කිසිවකු යටහත් වන්නේ ද, කීර්තිමත් අල්ලාහ් ඔහුව උසස් කරනු මිස නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.