Skip to content
838 හදීස්

නබි හදීස් විශ්වකෝෂය

ප්‍රතිඵල පෙරන්න

838 න් 103 කාඩ්පත්

පෙරහන් ඉවත් කරන්න

වාර්තාකරු

සියලු වාර්තාකරුවන් පෙන්වන්න (52)
“ඔබේ පේළි සමාන්තර ව සකසා ගන්න. සැබැවින්ම පේළි සමාන්තර ව සකසා ගැනීම සලාතයේ පූර්ණභාවයෙන් එකකි."
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
පෙර පේළිය ද පසුව ඊට පරව ඇති පේළිය ද සම්පූර් ණ කරන්න. යම් අඩුවක් වී නම්, එය අවසාන පේළිය අතර සකසා ගත යුතුය.
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අබූ දාවූද් සහ අන් නසාඊ යන ඉමාම්වරු වාර්තා කර ඇත.
අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තම සලාතයෙන් හැරුණු විට තුන් වරක් අල්ලාහ්ගෙන් සමාව අයැද, ‘අල්ලාහුම්ම අන්තස්-සලාම් ව මින්කස් සලාම් තබාරක්ත යා දල් ජලාලි වල් ඉක්රාම්’ යා අල්ලාහ් ඔබ ශාන්තය. ශාන්තභාවය ඔබෙන් වන්නකි. කීර්තියෙන් හා ත්යාගශීලී භාවයෙන් යුක්ත ඔබ උත්කෘෂ්ඨ විය.’ යැයි පවසා සිටියහ. වලීද් තුමා මෙසේ පවසයි: මම අව්සාඊ තුමාගෙන්, සමාව අයදින්නේ කෙසේදැ?යි විමසා සිටියෙමි. එතුමා: ඔබ "අස්තග්ෆිරුල්ලාහ් අස්තග්ෆිරුල්ලා" යැයි පවසන්න. (මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි, මම අල්ලාහ්ගෙන් සමාව අයදිමි.)යයි කීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
අනිවාර්යය සෑම සලාතයක මෙන්ම රමළාන් හා අනෙකුත් මාසවල ඉටු කරනු ලබන සෙසු සලාත්වල ද එතුමා තක්බීර් පවසන්නෙකු විය. ඒ අනුව එතුමා නැගී සිටින විට තක්බීර් පවසයි, පසුව රුකූ කරන විට ද තක්බීර් පවසයි. පසුව සමිඅල්ලාහු ලිමන් හමිදා යනුවෙන් පවසයි. සුජූද් කිරීමට පෙර රබ්බනා වලකල් හම්දු යැයි පවසයි. පසුව සුජූද් කිරීම සඳහා නැවෙන විට අල්ලාහු අක්බර් යැයි පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. පසුව නැවතත් සුජූද් කරන විට තක්බීර් පවසයි. සුජූද්හි සිට තම හිස ඔසවන විට ද තක්බීර් පවසයි. දෙවන රකආතයේ ඉඳුමෙන් නැගිටින විට ද තක්බීර් පවසයි. එලෙස සලාතය අවසන් වන තුරුම සෑම රකආතයකම සිදු කරයි. පසුව හැරී මෙසේ පවසයි: මාගේ ආත්මය කවුරුන් සන්තකයේ ඇත්තේ ද ඔහු මත දිවුරා පවසමි. සැබැවින්ම මෙලොවින් සමුගන්නා තෙක් තම සලාතයේ ක්‍රමය මෙලෙසම වී නම්, මම අල්ලාහ්ගේ දූතයාණන්ගේ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) සලාතයට සමාන වීමෙන් නුඹලාට වඩා සමීපයෙන් සිටිමි.
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.
සැබැවින්ම එතුමා නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන් වෙත පැමිණ: 'අහෝ අල්ලාහ්ගේ දූතයාණනි! සැබැවින්ම ෂෙයිතාන් මගේ යාච්ඤාවෙන් සහ මගේ පාරායනය කිරීමෙන් මාව වැළැක්වීය, එය මා ව්‍යාකූල කිරීමට හේතු විය.' යැයි පැවසීය. එවිට අල්ලාහ්ගේ දූතයාණන් (සල්ලල්ලාහු අලයිහි වසලල්ම්): "එය ' හිඃන්දබ්' නම් ෂෙයිතාන්ය. එහෙයින් ඔබට ඔහුව දැනෙන්නේ නම්, ඔහුගෙන් ආරක්ෂාව අල්ලාහ්ගෙන් පතන්න. ඔබේ වමතට තුන් වරක් කෙළ ගසන්න." යැයි පැවසූහ. ඔහු: 'මම එය සිදු කළෙමි. අල්ලාහ් ඔහුව මගෙන් පහ කළේය.' යැයි පැවසීය.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
"කවරෙකු සෑම අනිවාර්යය සලාතයෙන් පසු ආයතුල් කුර්සී පාරායනය කළේ ද ඔහු මරණයට පත්වීම හැර වෙනත් කිසිවක් ඔහු ස්වර්ගයට පිවිසීම වළක්වන්නේ නැත."
පූර්ව සාධක සහිත හදීසයකි. මෙය අන්නසාඊ කුබ්රා නමැති ග්‍රන්ථයේ වාර්තා කර ඇත.
"නුඹලා සලාතය ඉටු කරන විට, නුඹලාගේ පේළී කෙළින් සකසා ගන්න. පසුව ඔබ අතරින් කිසිවෙකු හෝ එය මෙහයවීම සඳහා පත් කර ගන්න. ඔහු අල්ලාහු අක්බර් යැයි තක්බීර් පවසන විට, නුඹලා ද තක්බීර් පවසන්න. ඔහු "ගයිරිල් මග්ලූබි අලයිහිම් වලල්ළාල්ලීන්" (අල්-ෆාතිහා: 7) පැවසූ විට, නුඹලා 'ආමීන්' යැයි පවසන්න. අල්ලාහ් නුඹලාට පිළිතුරු දෙනු ඇත. ඔහු තක්බීර් පවසා රුකූඋ කළ විට නුඹලා ද තක්බීර් පවසා රුකූඋ කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර රුකූඋ කරයි. නුඹලාට පෙර ඉහළට පැමිණෙයි." තවදුරටත් අල්ලාහ්ගේ දූතයාණෝ (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) "එය ඒ අයුරින් විය යුත්තකි.' යැයි පැවසූහ. ඔහු 'සමිඅල්ලාහු ලිමන් හමිදා' යැයි පැවසූ විට නුඹලා 'අල්ලාහුම්ම රබ්බනා වලකල් හම්දු' යැයි පවසන්න. නුඹලා වෙනුවෙන් අල්ලාහ් සවන් දෙනු ඇත. සැබැවින්ම තමන්ට ප්‍රශංසා කරන්නාට අල්ලාහ් සවන් දෙන බව නබි (සල්ලල්ලාහු අලයිහි වසල්ලම්) තුමාණන්ගේ මුවින් දන්වා ඇත. ඔහු තක්බීර් පවසා සුජූද් කළ විට නුඹලා ද තක්බීර් පවසා සුජූද් කරන්න. සැබැවින්ම ඉමාම් නුඹලාට පෙර සුජූද් කරයි. නුඹලාට පෙර ඉන් ඉහළට පැමිණෙයි. එවිට අල්ලාහ්ගේ දූතයාණන් එය එමගින්ම විය යුතුය. ඉඳුමෙහි සිටින විට නුඹලා අතරින් කිසිවකු පවසන පළමු ප්‍රකාශ විය යුත්තේ "අත්-තහිය්යාතුත් තය්යිබාතුස් සලවාතු ලිල්ලාහි, අස්සලාමු අලයික අය්යුහන් නබිය්යු වරහ්මතුල්ලාහි වබරකාතුහු අස්සලාමු අලයිනා වඅලා ඉබාදිල්ලාහිස් සාලිහීන්. අෂ්හදු අන් ලා ඉලාහ ඉල්ලල්ලාහු වඅෂ්හදු අන්න මුහම්මදන් අබ්දුහු වරසූලුහු" යන්නයි.
පූර්ව සාධක සහිත හදීසයකි. මුස්ලිම් එය වාර්තා කර ඇත.
“කවරෙකු අල් කුර්ආනයේ ආරම්භය (සූරා අල් ෆාතිහා) පාරායනා නොකළේ ද ඔහුට සලාතය වලංගු වන්නේ නැත.”
පූර්ව සාධක සහිත හදීසයකි. බුහාරි හා මුස්ලිම් හි වාර්තා වී ඇත.